ලග්නය අනුව ජය ගෙනෙන වර්ණය, මැණික් සහ දින

ජේ‍යාතිෂයට අනුව කෙනකුට ශුභ මැණික්, ශුභ වර්ණ, ශුභ දින නියමව ඇත. එදිනෙදා ජීවිතය සඳහා භාවිත කිරීමට විවිධ වර්ණවලින් යුත් ඇඳුම් පැලැඳුම් අවශ්‍ය වේ. මෙම ශුභ වර්ණ තම ජීවිතයේ විවිධ කටයුතුවලට යොදා ගැනීමෙන් කිසියම් වාසනාවක් උදාකර ගත හැකි බව පැවැසේ.


භාවිත කරන පෑන, ලේන්සුව, ඔසරිය, ඇඳුම් හැකි නම් තම කාමරයේ බිත්තියේ පාට ජය වර්ණය අනුව යොදාගත හැකි නම් බොහෝ ශුභඵල උදාකර ගත හැක.
මෙම සුදුසු වර්ණය යොදා ගැනීම මනෝ විද්‍යානුකූලව විශේෂ බලපෑමක් ඇති කළ හැකි බව විද්වත් මතය වී ඇත. හිතේ ඇතිවන සතුට නිසා බලාපොරොත්තු ඉටුවීමට එයද බලපානු ඇත.

පස්ස පැත්තෙන් රූටගෙන විරෝධය පෑවත් අන්තර්ජාතික විශ්වවිද්‍යාල මේ රටේ ස්ථාපිත කරනවා S. B. Dissanayake

කවුරු ඔළුවෙන් හිටගෙන දැඟලුවත්, පස්ස පැත්තෙන් රූටගෙන කොළඹට ඇවිල්ලා විරෝධය පෑවත්, අපි අන්තර්ජාතික විශ්වවිද්‍යාල මේ රටේ ස්ථාපිත කරන වැඩසටහන නවත්වන්නේ නැතැයි උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කරයි.


දිසානායක ඇමැතිවරයා එසේ පැවැසුවේ ඔහු අධ්‍යාපනය ලැබූ පොරමඬුල්ල මධ්‍ය මහ විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයේදීය.


දැන් මේ රට නැඟිටිමින් සිටින වෙලාව. ගතානුගතික අධ්‍යාපන රටාවෙන් බැහැරව වර්තමානයට ගැළපෙන ආකාරයෙන් අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් අනිවාර්යයෙන් සිදුවිය යුතු අවස්ථාවක්. ඒත් එහෙම වෙනසක් කරනකොට විශ්වවිද්‍යාල සිසුන්, ආචාර්යවරුන්, වෛද්‍යවරුන් ඒකට බරපතළ ලෙස විරෝධය දක්වනවා යැයි දිසානායක මහතා පැවැසීය.

දෙසැම්බර් 23 රාහු මාරු වෙයි ලග්න හතකට අසුබයි, "Rahu Maruwa"


 දෙසැම්බර් 23 රාහු මාරුව

රාහු යනු පියවි ඇසින් දැකිය නොහැකි මන--කල්පිත මවාගන්නා ලද නුවණැසින් දැකිය හැකි ඡායා ග්‍රහයෙකි. රාහු රාශිමාරු කරන විට කේතුද රාශි මාරු කරයි. මෙම දෙදෙනා මුහුණට මුහුණ බලාගෙන සප්තම දෘෂ්ටියෙන් සිටී. පෘථිවිය හා චන්ද්‍රයා ගමන් කර මාර්ගය කැපී යන ස්ථානය තුළ රාහු කේතු නියෝජනය කරයි. රාහු මිනිස් කඳක් හා නාගයකුගේ හිසක් සංකේතවත් කරන අතර කේතුට නාගයකුගේ කඳක්ද මිනිස් හිසක ද ස්වරූපයක් ගනී.

නිළියක් හැටියට මාව බොහෝ දෙනෙක් දන්නෙත් නෑ, Chat With Samadhi Laksiri

  Lux Sumathi Awards Best actress
සුමති ටෙලි සම්මාන උළෙලේදී ඔබ හොඳම නිළිය හැටියට සම්මානයට පාත්‍රවෙයි කියල මුලින් හිතුණාද?


ඇත්තටම නෑ. මං එහෙම දෙයක් අපේක්‍ෂා කළේ නෑ. කොහොම වුණත් මං ප්‍රධාන චරිතය නිරූපණය කළ මුල්ම ටෙලි නාට්‍ය 'කඩ‍ෙදාර.' ඉතින් ඒ රඟපෑම වසරේ හොඳම රඟපෑම හැටියට සම්මානයට පාත්‍රවීම මට සතුටක්. මම ඒ ටෙලි නාට්‍යයේ රඟපෑවේ 'රත්මලී' හැටියටයි. රත්මලී කියන්නේ දැඩි දුක්ඛ දෝමනස්සවලට ගොදුරු වුණු ගැහැනියක්.


Red Rain, වෙනත් ලොවක ජීවීන්ගේ පැමිණිමක්

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වූ රතු වැස්සේ සිටි ට‍්‍රැකොලෙලොමොනාස් නමැති ක්ෂුද්‍ර ජීවින් මගින් පෘථිවියෙන් පිටත ජීවින් සිටින බවට තවදුරටත් තහවුරු වන බව බි‍්‍රතාන්‍ය බකිංහැම් තාරකා ජීව විද්‍යා අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක තාරකා භෞතික විද්‍යාඥ විද්‍යා ජෝති මහාචාර්ය නලින් චන්ද්‍රා වික‍්‍රමසිංහ පවසයි.

මෙලෙස දෛනිකව ක්ෂුද්‍ර ජීවීන් විශාල ප‍්‍රමාණයක් මෙලොවට ඇතුළුවන බවත්, එය සාමාන්‍ය තත්ත්වයක් බවත් ඔහු සඳහන් කරයි.

Blind Cricket Twenty20 World Cup – ශී‍්‍ර ලංකා පිල පිට පිටම සිවුවැනි ජයත් ලබයි

දෘෂ්‍යාබාධිතවූවන් සඳහා ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් පිල පිට පිටම සිවුවැනි ජයත් ලබා ගැනීමට සමත් විය. ඊයේ (05) පැවැති තරගයේදී ලකුණු 13 කින් එංගලන්ත දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් පිල පරාජය කිරීමට ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත පිල සමත් විය.

ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් නොදැවී ලකුණු 69 ක් රැස්කළ චන්දන දේශපි‍්‍රය තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. නායක චන්දන සූරියආරච්චි ලකුණු 65 ක් , දිමුතු රවින්ද්‍ර ලකුණු 34 ක් ද රැස්කරමින් දස්කම් දැක්වූහ.

දකුණින් පන්සල, වමෙන් පාසැල, මැද ගණිකා මඬම, Brothel , Temple and School

බදුරළිය ප්‍රදේශයේ ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගන ගිය පුද්ගලයෙකු හා ඔහු ගේ සහායකයා සමඟ කාන්තාවන් දෙදෙනෙකු බදුරළිය පොලිසිය අත්අඩංගුවට ගෙන මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ට රුපියල් තුන්ලක්ෂ හැත්තෑපන්දහසක දඩයක් ගෙවන ලෙස මතුගම මහේස්ත්‍රාත් දමින්ද ආර් වඳුගොඩපිටිය මහතා නියම කළේය. වාහන සේවා ස්ථානයක් අසල රහසිගතව පවත්වාගන ගිය මෙම ගණිකා මධ්‍යස්ථානයේ කළමනාකරුට රුපියල් එක්ලක්ෂ පනස් දහසක දඩයක් සහ ඔහුගේ සහායකයාට රුපියල් හැත්තෑපන්දහසක දඩයක් නියම විය.

අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාවෙන් ඉවත්වේ

දෝෂාභියෝගය විමර්ශන කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තමාට එරෙහිව දිගින් දිගටම අත්තනෝමතිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කරමින් අගවිනිසුරුවරිය එම කමිටුවෙන් ඉවත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව, දෝෂාභියෝගය විභාග කිරීම සඳහා අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැඟිට ගොස් තිබේ.

Gossip Lanka Hot News Previous News Archive