ශිල්පිනියකි. මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන “බොරලු පාර”
ටෙලිනාට්‍යයේ ඇය පිංකි ලෙස අගනා රංගනයක නියැළෙන්නීය. පබෝධා මේ
වන විට චිත්‍රපට කීපයකටත් ටෙලිනාට්‍ය ගණනාවකටත් රංගනයෙන් දායක වී
ඇත. පබෝධා යුග දිවියට පිවිසියේ මීට මාස කීපයකට පෙරදීය.
කොහොමද පබෝධා ‘බොරලු පාර’ ටෙලිනාට්‍යයේ ‘පිංකි’ ට සමාජයේ ගොඩක් දෙනෙක් ආදරෙයි නේද?
ඇත්තටම ඔව්. ‘බොරලු පාර’ ටෙලිනාට්‍යය පටන්ගත්ත දවසේ ඉඳලම ඉතාම හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. සමාජයේ විවිධ වයස් මට්ටම්වල විවිධ තරාතිරම්වල උදවිය මේ ටෙලිනාට්‍යය නරඹන බව ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් පේනවා. මේ ටෙලිනාට්‍යය මේ තරම් සමාජයේ ජනපි‍්‍රය වුණේ එහි පිටපතේ තිබෙන උසස් බව සහ අධ්යක්ෂවරයගේ දක්ෂතාව නිසයි.
ඒ වගේ ම ලංකාවේ ඉන්න දක්ෂම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක්ම මේ ටෙලිනාට්‍යයට දායක වෙලා තියෙනව. ඒකත් ‘බොරලු පාර’ ටෙලිනාට්‍යය සාර්ථක වෙන්න එක හේතුවක්.







