අඩි තුනක්‌ උස යුවළ යුග දිවියට

 ආදරයට උස්‌ මිටිකම් නෑ 
උස අඩි 3යි,සෙනෙහස මහමෙරයි
පුංචිම පුංචි මේ අඹු සැමි යුවළ ලෙස එක්‌ වරක්‌ බැලූ අය දෙවරක්‌ බැලිමට අමතක නොකරති. විවාහයට උස්‌ මිටි භේද නැතැයි සනාථ කරමින් පවුල් ජීවිතය ඉතාමත් සතුටින් ගත කරන මේ අඹු සැමි යුවළ ජීවත්වන්නේ කළුතර ගල්පාත දියගම පිහිටි දෙමහල් නිවසකය.

අඩි තුන බැගින් උසැති මේ අඹු සැමි යුවළ අතිනත ගත්තේ ඉකුත් නොවැම්බර් මාසයේය. මනාලයා වූයේ 35 හැවිරිදි පොස්‌පිටියගේ දොන් ධර්මසිරි ප්‍රෙAමලාල්ය. මනාලිය වූයේ මොරටුව සොයිසා පුර පදිංචි 26 හැවිරිදි දිලිනි ඉරෝෂනී සේනාරත්නය.

පා රම් පම් පෝ ගීතයත් සමඟ කරළියට එන Anupama Gunasekara


ඇය අනුපමා ගුණසේකර. රටම ඇය හඳුනාගන්නේ මෙරට රියැලිටිකරණයේ පූර්වාදර්ශය ගොඩනැඟු ‘සිරස’ සුපර් ස්ටාර් පළමු අදියරේ ජයග්‍රාහිකාවක් විදිහට. සංගීත පසුබිමක් හදාගනිමින් ක්ෂේත්‍රයට ආ අනුපමා වසර හයකට පසු සිය කුලුදුල් සංගීත වීඩියෝව ‘එක යායට හීන ගෙනැල්ලා’ ගීතයත් සමඟ මේ දිනවල නැවතත් කරළියට ඇවිල්ලා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන පීඨයේ කර්ණාටක සංගීත විෂයය පිළිබඳ කථිකාචාර්යවරියක ලෙස අද ක්‍රියාකාරී අනුපමා හා පසුගිය දවසක කළ පිළිසඳරයි මේ.

මවක් වීමේ වටිනා බලාපොරොත්තුවත් දැන් මා ළඟ තියෙනවා - Chat With Paboda sandeepani

පබෝදා සංදීපනී කලා පවුලකින් පැවත එන දක්ෂ යොවුන් රංගන
ශිල්පිනියකි. මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන “බොරලු පාර”
ටෙලිනාට්‍යයේ ඇය පිංකි ලෙස අගනා රංගනයක නියැළෙන්නීය. පබෝධා මේ
වන විට චිත්‍රපට කීපයකටත් ටෙලිනාට්‍ය ගණනාවකටත් රංගනයෙන් දායක වී
ඇත. පබෝධා යුග දිවියට පිවිසියේ මීට මාස කීපයකට පෙරදීය.

කොහොමද පබෝධා ‘බොරලු පාර’ ටෙලිනාට්‍යයේ ‘පිංකි’ ට සමාජයේ ගොඩක් දෙනෙක් ආදරෙයි නේද?

ඇත්තටම ඔව්. ‘බොරලු පාර’ ටෙලිනාට්‍යය පටන්ගත්ත දවසේ ඉඳලම ඉතාම හොඳ රසික ප්‍රතිචාර ලැබෙනවා. සමාජයේ විවිධ වයස් මට්ටම්වල විවිධ තරාතිරම්වල උදවිය මේ ටෙලිනාට්‍යය නරඹන බව ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් පේනවා. මේ ටෙලිනාට්‍යය මේ තරම් සමාජයේ ජනපි‍්‍රය වුණේ එහි පිටපතේ තිබෙන උසස් බව සහ අධ්‍යක්‍ෂවරයගේ දක්ෂතාව නිසයි.

ඒ වගේ ම ලංකාවේ ඉන්න දක්ෂම ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක්ම මේ ටෙලිනාට්‍යයට දායක වෙලා තියෙනව. ඒකත් ‘බොරලු පාර’ ටෙලිනාට්‍යය සාර්ථක වෙන්න එක හේතුවක්.

වදුරඹ සිට යාපනය නාගවිහාරය දක්වා කිලෝමීටර් 932 ක් දිග පිරිත් නූලක්

ශ්‍රී ලංකාවාසීන්ට සෙත් පතා රතන සූත්‍ර දේශනාවෙන් බල ගැන්වූ කිලෝ මීටර් 932 ක් වු පිරිත් හුයක් වදුරඹ සිට යාපනය නාගවිහාරය දක්වා වූ මාර්ගයේ දෙසැම්බර් මස 12 අලුයම 12.12 (2012.12.12.12.12) සිට ස්ථානගත කිරීමට කටයුතු යොදා ඇත.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේත් ජාතික සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍යාංශයේ සහ එම අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ විශේෂ සහාය මත වදුරඹ මිහිඳු සමාජ සංවර්ධන කේන්ද්‍රය මේ පුණ්‍ය කටයුත්ත සංවිධානය කොට ඇත.

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ක‍්‍රිකට් පිල Blind Cricket Twenty20 World Cup අවසන් පූර්ව තරගයට එයි

ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක‍්‍රිකට් පිල ඉන්දියාවේ බැංගලෝර්හිදී පැවැත්වෙන දෘෂ්‍යාබාධිතවූවන්ගේ පළමු විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය.
ශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිතවූවන්ගේ ක‍්‍රිකට් පිල (227/3) අද (07) පැවැති තරගයේදී ලකුණු 28 කින් බටහිර ඉන්දීය කොදෙව් පිල (199/4) පරාජය කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පිල මේ දක්වා සහභාගි වූ තරග හයෙන් තරග පහක් ජය ලැබූ අතර ඉන්දියාව හමුවේ පරාජයට පත්විය.
චන්දන සූරිආරච්චි (92) සහ චන්දන දේශප‍්‍රිය (54) කොදෙව් පිලට එරෙහිව අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.

විපක්ෂ නියෝජිත 4දෙනාගේ ඉල්ලා අස්වීමේ ලිපිය,Opposition resign from Parliamentary Select committee

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කෙරෙන විශේෂ තේරීම් තේරීම් කාරක සභාවෙන් ඉවත්වීමට පෙර එම කමිටුවේ විපක්ෂ නියෝජිතයන් සිවුදෙනාගේ අත්සනින් යුතුව, එහි සභාපතිවරයාට ලිපියක් බාරදී ඇත.

තේරීම්කාරක සභාව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත්, එපමණක් නොව එක්සත් ජාතීන්ගේ මූලික මූලධර්ම 17 සහ 20 විෂයාංකද, මානව හිමිකම් ප‍්‍රඥප්තියද උල්ලංඝණය කර ඇති බවත්, එබැවින් මෙම තේරීම් කාරක සභාවට සහයෝගය දිය නොහැකි බවත් විපක්ෂයේ මන්තී‍්‍රන් සිව් දෙනා වන ආර්.සම්බන්ධන්, ජෝන් අමරතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල සහ විජිත හේරත් විසින් අත්සන් තබන ලද ඒකාබද්ධ ලිපියේ සඳහන් වේ.

තේරීම් කාරක සභාවේ සභාපති වරයා වෙත මෙම ලිපිය බාර දීමෙන් පසු ඔව්හු ඉවත් වූහ.

ජපානට සුනාමි අනතුරු ඇඟවීම්, Japan Hits 7.3 Earth Quake

 Breaking news updates 1

 ජපානයේ සුනාමි අවධානම ඉවතට.

 2012 දෙසැම්බර් 07 සිකුරාදා- පස්වරු 07:27

නැගෙනහිර ජපානයේ අද (07) ප‍්‍රබල භූ කම්පනයක් සිදුවුණා. රික්ටර් පරිමාණයේ 7.3ක ප‍්‍රබලත්වයෙන් සටහන් වුණු භූ කම්පනයෙන් පසු එරට බලධාරීන් ජපානයට සුනාමි අවධානමක් ද නිකුත් කළා. නැගෙනහිර ජපානයේ කමියාෂිවල සිට කිලෝමීටර් 245ක් දුරින් වූ මුහුදේ කිලෝමීටර් 36ක් ගැඹුරින් භූ කම්පනය සිදුවී තිබෙනවා. එමගින් සෙන්ටිමීටර් 50ත් මිටර් 2ත් අතර උසින් යුත් උදම් රළක් ජපානයට ඇති විය හැකි බවටයි කාලගුණ අංශ අනතුරු ඇගවූ අතර මීටරයක් පමණ උස උදම් රළක් කමියාෂි ප‍්‍රදේශයට හට ගත්තා. එහිදී 4 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ. පැය කිහිපයකට පසු සුනාමි අවධානම ඉවත් කළ බව එරට කාලගුණ බලධාරීන් සඳහන් කළා.

උපන් දා සිට උඩුබැලි අතට සිටින අක්කා (57)-මලෝ(52)

ඉපදී අවුරුදු 2ක් පමණ වන විට සැදුණු රෝගයක් නිසා අත පය වකුටු වී ආබාධිත වූ මේ ගැහැනිය නමින් එස් යසවතීය.

වයස අවුරුදු 57කි. අනෙක් තැනැත්තා ඇගේ මල්ලීය. නමින් එස්. ගුණදාසය. වයස අවුරුදු 52කි. ඔහුද ඉපදී අවුරුදු 2කින් සැදුණු රෝගාබාධයක් නිසා අත පය වකුටු වී ආබාධිත වී ඇත. වෛද්‍ය ප්‍රතිකාර සඳහා මොවුන් ගෙන ගියද සුව කරන්නට බැරි බව වෛද්‍යවරු පවසා ඇත.


Gossip Lanka Hot News Previous News Archive