මුත්‍රාශයේ ගල් කුඩු කරන යන්ත්‍රදෙකක් නිපදවීමට ලාංකික තාක්ෂණික ශිල්පීන් දෙදෙනකු සමත්ව තිබේ

වකුගඩුවල හා මුත්‍රාශයේ හට ගන්නා ගල් විද්‍යුත් චුම්භක තරංග මඟින් කුඩු කිරීමේ යන්ත්‍ර දෙකක් නිපදවීමට ප්‍රථම වරට ශ්‍රී ලාංකික තාක්ෂණික ශිල්පීන් දෙදෙනකු සමත්ව තිබේ.

පොලොන්නරුවේ පදිංචි තාක්ෂණික ශිල්පියකු වන දයාන් හර්ෂ මාරබැද්ද හා බුලත්සිංහල පදිංචි ඉංජිනේරුවරයකු වන නෙවිල් රත්නසේකර මේ යන්ත්‍රය නිපදවා ඇති ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ය.

වකුගඩුවල හා මුත්‍රාශයේ ගල් ඇතිවීම හේතුවෙන් රෝගීහු විශාල පිරිසක් පීඩා විඳිමින් සිටිති. මෙසේ ඇතිවන ගල් සැත්කම් මඟින් හා ඖෂධ මඟින් ඉවත් කිරීම සිදුවේ.

අගවිනිසුරුවරියට එරෙහි චෝදනා තුනක් ඔප්පු වුණා , 3 charges against Chief Justice Shirani Bandaranayake proven

ට්‍රිලියම් ගනුදෙනුව, ප්‍රකාශයට පත් නොකළ බැංකු ගිනුම් පවත්වාගෙන යාම හා සිය ස්වාමිපුරුෂයාට එරෙහි නඩුවක් ඇති බැවින් පක්ෂග්‍රාහීත්වය පිළිබඳ චෝදනා ඔප්පු වී ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාප්‍රකාශ කළේ ය

විශේෂ තේරීම් කාරක සභාව විසින් කථානායකවරයා වෙත අද (08) භාරදුන් විමර්ශන වාර්තාව අනුව අගවිනිසුරුවරිය චෝදනා තුනකට වැරදිකරු බවට තීරණය කර ඇත.

ආකාශ වස්තුව දැකලා සිසුවියන් 6ක් රෝහල් ගත කර තිබේ.

වැලිමඩ නැදුන්ගමුව මහා විද්‍යාලයේ සිසුවියන් හයදෙනකු පෙරේදා (6දා) උදෑසන අහසේ ආකාශ වස්තුවක් යැයි සැක කරන දීප්තිමත් එළියක් දැක ක්ලාන්ත වී රෝහල් ගත කර තිබේ.

පහ වසර ඉගෙනුම ලබන මේ සිසුවියන් සය දෙනා උදෑසන 10.30ට පමණ විද්‍යාල ක්‍රීඩාංගණයේ සෙල්ලම් කරමින් සිටියදී මේ අපූරු එළිය දැක තිබේ. එම දීප්තිමත් ආලෝකය දැක බිය වූ එම සිසුවියන් හය දෙනාම ක්ලාන්ත වී එම ස්ථානයේ ඇද වැටී තිබේ.

ජෝතිපාලගෙ “මේ ගී කාටදැයි” කියන ගීතය Remix එකක් කළා - Dayasiri Jayasekara

  සංසාරේ ආලෙසිනා ශුංගාෙර් යාකෙරුනා


මේ දිනවල යු ටියුබ් වෙබ් අඩවියේ ජනප්‍රිය ගීතයක් ඒක. ගීතය ගායනා කරන්නේ අපේ පාර්ලිමේන්තුවේ තරුණ මන්ත්‍රීවරයෙක්. ඒ දයාසිරි ජයසේකර. ඔහු ගායනයට මෙන්ම රංගනයටත් දක්ෂයෙක්. ඒ වගේම දේශපාලන වේදිකාවක් මොහොතකින් සිනා සයුරේ ගිල්වීමට සමත් මුඛරි කමක් ඔහු සතුයි. අද අපි ඔහුගේ කලා ජීවිතයේ අලුත් කඩ ඉම් ගැන කතා කරමු.
කලාකරුවෙක් දේශපාලනයට එන එක ගැන මොකද හිතෙන්නේ?
අමුතුවෙන් කල්පනා කරන්න දෙයක් නැහැ. ඉතිහාසයේ ඒ වගේ දේවල් වෙලා තියෙනවා. සමහරු කලාව වගේම දේශපාලනයත් සමබරව කරගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය කැප කිරීමයි. ලෝකයේ ඕන තරම් කලාකරුවන් දේශපාලනඥයන් වෙලා තිබෙනවා. ඒ තුළින් ඔවුන් ජනාධිපතිලා වගේම මැති ඇමැතිවරුත් වෙලා තිබෙනවා.

ලංකාවට ඉදිරියේ දී මහා භූ කම්පන ? Sri Lanka Earthquake Future

ලෝක විනාශය ගැන හා...හෝව දැන් හැම තැනින්ම නැගෙයි. ඒ අතරම ලංකාවේ මිනිසුන්ටත් මතෛක් නෑසූ විරූ අමුතු සිදුවීම් සමුදායකටත් මුහුණ පාන්නට සිදුව තිබේ. රතු වැස්සත්, පාසල් සිසුන් සමූහ මෝහනයට ලක්වීමත්,පිටසක්වල යානා දිස්වීමත් බඳු මේ සිද්ධි සමුදායට දැන් අලුතෙන්ම එක් වී ඇත්තේ භූමි කම්පා පෙළක් වාර්තාවීමයි.
පසුගිය සති කිහිපයක කාලය තුළ එක පෙළට වාගේ සිදුවූ මේ භූ කම්පන රැස වාර්තා වූයේ අම්පාර ප්‍රදේශයෙනි. දමන, වඩිනාගල, දේවාලන්ද, ගල් කන්ද, සෙත්සිරිගම, ගලපාමුල, කිවු‍ලේගම, පල්ලම්ඔය, ජයන්ති වැව ආදී ප්‍රදේශ ගණනාවකින්ම මහා පිපිරුම් හඬක් සමග ආ භූ චලනයක් ගැන වාර්තා ඉදිරිපත් විණි.

Geetha kumarasinghe's daughter , Nadee kumarasinghe Photos


ඇපල් හා සැම්සුන් උසාවි සටන නැවත අරඹයි, Apple and Samsung court battle


තාක්ෂණික බලවතුන් වන ඇපල් හා සැම්සුන් සමාගම් දෙකෙහි පේටන්ට් සටන කැලිෆෝර්නියාවේ උසාවියකදී නැවත අරඹා ඇත. ඇපල් සමාගමට සිදු වූ හානිය වෙනුවෙන් ඩොලර් බිලියන 1.05 ක් ගෙවීම වලක්වා ගැනීමට කොරියානු සමාගම උත්සාහ කරයි.

ආයතන දෙකේම නිතීඥයන් අගෝස්තු මස 24 වනදා ලබා දුන් මෙම තීන්දුව සැන් ජෝෂ් ෆෙඩරල් උසාවියේදී යලි සලකා බැලීම සඳහා සූදානම් වෙති. සැම්සුන් නඩු තීන්දුව අවලංගු කර ගැනීමට හෝ දඩය අඩු කර ගැනීමට බලන අතර ඇපල් තවත් ඩොලර් මිලියන 535 ක් ලබා ගැනීමට සැරසෙයි.

කහවත්තේ තවත් ඝාතනයක්

කහවත්ත ඔපාත ප්‍රදේශයේ පුද්ගලයකු ඊයේ (07) රාත‍්‍රියේ දී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසයි.

කැපුම් තුවාල සහිතව ඝාතනයට ලක්වූ පුද්ගලයා, කහවත්ත - කොටකෙතන පන්සල පාරේ පදිංචි 33 හැවිරිදි ආගස් ප්‍රියන්ත නමැති අයකු බවට හඳුනාගෙන ඇත.

Gossip Lanka Hot News Previous News Archive