අම්පාර-දමන ප්‍රදේශ රැසක ඊයේත් භූ චලන 2 ක්‌ ,Ampara and Damana earthquake

අම්පාර දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ දේවාලෙහිඳ, කෙත්සිරිගමුව, ගල්කන්ද, වඩිනාගල, පල්ලන්ඔය, කිව්ලේගම ආදී ප්‍රදේශවලට ඊයේ (10 දා) උදෑසන පෙ.ව. නමයයි තුනට (9.03) හා පෙ.ව. දහයයි දහතුනට (10.13) භූ කම්පන දෙකක්‌ සිදුවූ බව ප්‍රදේශවාසීහු පවසති.

පසුගිය 8 වැනිදා රාත්‍රියේ ද මේ අයුරින් භූකම්පන දෙකක්‌ (02) මෙම ප්‍රදේශයේ සිදුවී තිබේ. පසුගිය දින කිහිපය පුරාවටම භූ චලන 31 කට වැඩි ප්‍රමාණයක්‌ සිදුවූ බව ද මෙම ජනතාව පවසති.

අගවිනිසුරු වරදකාරියක කල සම්පූර්ණ වාර්තාව මෙන්න

පාර්ලිමේන්තු කමිටුව දුන් සම්පූර්ණ වාර්තාව

දෝෂාභියෝග යෝජනාවෙන් එල්ල කර තිබෙන විෂමාචාර චෝදනා 14 අතරින් චෝදනා තුනකට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය වැරදිකරු බවට තීරණය කරමින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ආණ්ඩුවේ නියෝජිතයින් හත්දෙනා පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල වාර්තාවේ පිටපතක් මේවනවිට 'මිරර්' වෙත ලැබී ඇත.

විෂමාචාර චෝදනා තුනකට ඇය වරදකරු වී ඇති බැවින් ඉතිරි චෝදනා නවයට ඇය වරදකරුද යන්න සොයාබැලීම නිරර්ථක ව්‍යායාමයක්‌ බව ද විශේෂ කාරක සභාව තීරණය කර ඇත.

කලා ක්ෂේත්‍රය තුළත් මගේම දෙයක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා -Chat with Menaka Maduwanthi

ඇය සිය කලා ජීවිතය ආරම්භ කළේ නර්තන අංශයෙන්. කාලයත් සමඟ ඇයට දැන් රංගන ක්ෂේත්‍රයටත් පිවිසෙන්නට වරම් ලැබිලා. මේ දිනවල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන සිටු මැදුර ටෙලි සිත්තමෙන් ක්‍රිෂාණි ලෙස ඔබ හමුවට එන ඇය මේනකා මධුවන්ති. මේ ඇයගේ කලා ජීවිතයේ ගමන් මඟ ගැන  කළ පිළිසඳරක්.

මේනකා ඔබේ කලා ජීවිතයේ ආරම්භය ගැන මුලින්ම කියමුද?

මගේ කලා ජීවිතයේ ආරම්භය නර්තනයයි. ශාන් පෙරේරා යටතේ මම නර්තනය හැදෑරුවා. ඒ අතරතුරේදී සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ සමඟ රංගනයටත් ආරාධනා ලැබුණා. මුලින්ම රංගනයෙන් එක් වුණේ රවීන්ද්‍ර විජේරත්නගේ රුවන් මාලිගා ටෙලි වෘත්තාන්තයේ චරිතයකින්.

බාලවයස් දැරිය රංචු ගැසී දූෂණය කළ විත්තිකරු වසර 12ක් හිරේ

අවුරුදු 16ට අඩු බාලවයස්කාර පාසල් සිසුවියක් රංචුගැසී දූෂණය කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවන් දෙදෙනකුගෙන් එක් අයෙක් එකී චෝදනාවට වරදකරු බව නිගමනය කළ උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා විත්තිකරුට වසර 12ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සමඟ දඩ සහ වන්දි මුදල් ගෙවන ලෙසද නියෝග කළේය.

හඳහන්දෙණිය දොළක වතුර රතු වෙයි

අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිකගොඩ හඳහන්දෙණිය දොළ දැනට දින දෙකක පමණ කාලයක සිට ජලය තද රතු පැහැයට හැරී ඇත.

මෙම දොළ ආරම්භ වන්නේ ජේ. ජයසේන සහ ඞී. අයිරාකාන්ති යන අයට අයත් කුඹුරු යායේ බුබුලක් මගිනි.

මහදොළ ආරම්භයේ සිටම රතු පැහැයක් දක්නට ලැබෙයි.

මේ සිද්ධිය මුලින්ම දැක ඇත්තේ අනුර නම් ප‍්‍රදේශවාසියෙකි. මේ පිළිබඳව අයගම ප‍්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප‍්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ මේ වන විට ජලසාම්පල් ලබා ගෙන පරීක්ෂණ සඳහා සූදානම් කර ඇති බවයි.

පෑලියගොඩ මාළු මාර්කට්‌ එකත් උත්තරීතරයි -( MP) Anura Kumara Dissanayake


ප්‍රශ්නය - අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය මේ වන විට වඩාත් උණුසුම් මුහුණුවරක්‌ ගෙන තිබෙනවා. මොකක්‌ද මේ ගැන ජවිපෙ ස්‌ථාවරය.

පිළිතුර - අප මේ දෝෂාභියෝගය කියන කාරණයේදී එහි කරුණු - කාරණා එහෙමත් නැත්නම් චෝදනා ගැන එතරම්ම වැදගත් ලෙස සළකන්නේ නෑ. එම කරුණු සත්‍යද අසත්‍යද කියන කරුණු ගැන අපි එතරම් සළකන්නේ නෑ. අපි පදනම් කරගනු ලබන්නේ මේ දෝෂාභියෝගය ගෙන ඒම දක්‌වා වූ ගමන් මාවත පිළිබඳවයි. විශේෂයෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණේ එම ආයතන පිළිබඳව විවිධ වෙනස්‌ අර්ථකථනයන් තිබෙනවා. පාර්ලිමේන්තුව වේවා අධිකරණය වේවා මෙම අයුක්‌තිසහගත සමාජ ක්‍රමය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් සුදුපිරුවට පළඳවා තිබෙනවා. ඒවා කවර දිනයකවත් යුක්‌තිය ඉටුකරන ලද ආයතන නොවේ.

පාර්ලිමේන්තු කෑම පරීක්ෂාවට රෝසි ....

පාර්ලිමේන්තු භෝජනාගාරය තුළ තත්ත්වය පරීක්ෂාකර ගුණාත්මක බව ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස රෝසි සේනානායක මහත්මිය ප‍්‍රමුඛ කාන්තා මන්තී‍්‍රන්ට කටයුතු කරන්නැයි කථානායක චමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇති බව වාර්තාවේ.

කාන්තා මන්තී‍්‍රවරියන්ට කෑමවල තත්ත්වය පරීක්ෂා කිරීමට විශේෂයෙන් කටයුතු කළ හැකි බව ඔහු කීය. එහිදී කථානායකවරයා රෝසි සේනානායක මහත්මියගේ නම විශේෂයෙන් සඳහන් කළ බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා පැවසීය.

කුඩු තුෂාරි අනියම් සැමියා සමගම දැලේ

රත්නපුර ප‍්‍රදේශයේ මත්කුඩු ජාවාරම්කාරියෙකු ලෙස ප‍්‍රකට කුඩු තුෂාරි නමැත්තිය, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාරිය සමග එම ජාවාරමට හවුල් බව කියන තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සැකකාරිය සමග අනියම් ඇසුරක් පැවැත්වූ අයෙක් බවද පැවසේ.

Gossip Lanka Hot News Previous News Archive