ආසියාවේ සිටින සරාගීම කාන්තාව- පි‍්‍රයංකා චොප්රා - Sexiest Asian woman 2012, Priyanka Chopra

හරියට ම අදින් වසර 12 කට පෙර ලොව පුරා ජනතාව ඇය පිළිබඳ කතා කරන්නට විය. ඒ 2000 වසරේ ලොව සුරූපීම තරුණියට හිමි කිරුළ ඇය විසින් දිනාගැනීම හේතුවෙනි. ඒ මගින් යළිත් වරක් ඉන්දීය මාතාවට කීර්තියක් ගෙන ඒමට ඇය සමත් වූවාය.
වසර 12 කට පෙර ලෝක රූ රැජින කිරුළ දිනාගත් පි‍්‍රයංකා චොප්රා අදට ද සිටින්නේ ලොව සුන්දරතම, ආකර්ෂණීයම තරුණියන් අතර, ඉදිරියෙන් බවට ඇය විසින් සනාථ කර තිබේ. ඒ 2012 වසර ගෙවී අවසන් වන්නට දින ගණනක් පමණක් ඉතිරිව තිබියදී “ආසියාවේ සිටින සරාගීම කාන්තාව“ ට හිමි කිරුළ දිනාගනිමිනි.

අද රාත‍්‍රියේ උල්කාපාත වර්ෂාවක් අද්භූත ආලෝක ධාරාවක් යැයි බිය නොවන්න

ජෙමිනිස්ට් උල්කාපාත වර්ෂාව අද රාත‍්‍රියේ දැක බලාගත හැකි බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. අළුයම 2.00 ට පමණ එම උල්කාපාත වර්ෂාවේ උච්චතම අවස්ථාව දැකගත හැකි අතර උල්කාපාත 50 කට වැඩි ප‍්‍රමාණයක් දර්ශණය වනු ඇතැයි විශ්වාස කරන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යාවකාශ තොරතුරු අංශ ප‍්‍රධානී සරාජ් ගුණසේකර මහතා පවසයි.

දෘශ්‍යාබාධිත ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව ඉවතට

ඉන්දියාව සහ පාකිස්තානය අවසාන මහා තරඟයට

බැංගලෝර් නුවර පැවැත්වෙන දෘශ්‍යාබාධිත ලෝක කුසලානයේ අවසාන පූර්ව තරඟයේදී ඉන්දියාවට පරාජය වීමත් සමඟම ශ්‍රී ලංකා කණ්ඩායමට ශූරතාවලියෙන් ඉවත්ව යාමට සිදුවිය.
මුලින්ම පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු ඕවර 20 අවසානයේදී කදුළු හතක් දැවී ලකුණු 319 ක් රැස් කිරීමට සමත්විය.

ආසනික් හදන්නේ රතු වැස්ස හරහා පිටසක්වල ජීවියෙක්, Sri lanka Red rain

රතු වැස්සේ ජල සාම්පල වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී එහි බහුලව ආසනික් හා රිදී අඩංගු බවට තහවුරු වූ බව ජාතික තාක්ෂණික ආයතනයේ පවසයි.

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයක ඇද හැලූණු රතු වැස්සේ ජල සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පරීක්ෂාවට ලක් කළ බවත් ඉන් අනතුරුව වැඩිදුර පරීක්‍ෂණ සඳහා නනෝ තාක්ෂණික ආයතනයේදී පරීක්ෂණ සිදු කළ බවත් ඔහු සඳහන් කළේය.

දෙපැත්තට බෙදී කළුතර නීති නෝනලා ගුටි ඇන ගනී

කළුතර අධිකරණ සංකීර්ණයේ සේවය කරන නීතිඥ මහත්ම මහත්මීන් කණ්ඩායම් දෙකක් අද (12) අගවිනිසුරුවරියට එරෙහිව පැවති දෝෂාභියෝගයට පක්ෂව හා විපක්ෂව විරෝධතා ව්‍යාපාර වල නිරත වූ අතර අවසානයේ මෙම දෙපිරිස අතර ගුටි බැට හුවමාරුවක් සිදු විය. කළුතර නීතිඥ සංගමයේ සභාපති නීතිඥ බන්දුල වීරසිංහ හා ලේකම් උදේනි දයාරත්න යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් අගවිනිසුරුවරියට එරෙහිව පැවති දෝෂාභි‍යෝගයට විරුද්ධව උද්ඝෝෂණය කළ අතර ඊට නීතිඥ වරුන් 64 දෙනෙකු සහභාගි වූහ.

පළමු වසරට ළමයා දාන්න, මව විදුහල්පති විසින් හෝටලයකට එක්ක ගිහින්

2013 වසරේ පළමු වසරට ළමයෙකු ඇතුළත් කිරීම සඳහා එම ළමයාගේ මවගෙන් ලිංගික අල්ලසක් ගැනීමට සූදානම් වූ විදුහල්පතිවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක විදුහලපතිවරයා වන කුරුණෑගල උඩබදාලව පදිංචි එච්. ජයරත්න නම් වූ 57 හැවිරිදි වියේ පසුවන ඔහුව ඊයේ (11) දිනයේදී 32 හැවිරිදි වියේ පසුවන අදාළ කාන්තාව සමග පොල්ගහවෙල නගරයේ හෝටලයක සිටියදී පොල්ගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට පත්ව ඇත.

ජනාධිපති කට්ට කයිරාටික නාඩගමකට සැරසේ - (MP) Anura Kumara dissanayake , JVP)

අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක මහත්මියට එරෙහිව රාජපක්ෂ පවුලේ උවමනාව මත ගෙන ආ දෝෂාභියෝගය හේතුවෙන් ආණ්ඩුවට දැඩි විරෝධයක් හා අපකීර්තියක් සමාජයෙන් එල්ල වෙමින් ඇති මේ මොහොතේ ජනාධිපතිවරයා නැවත කට්ට කයිරාටික නාඩගමකට සැරසෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

හඳුනා නොගත් ආලෝක ධාරාවන් බ‍්‍රහස්පතිගේ - Dr. Chandana Jayaratne

බොහෝ දෙනාට මේ දිනවල අහසේ දර්ශනය වූ බව පැවැසෙන ආලෝක ධාරාවන්ගෙන් 90%ක් පමණම බ‍්‍රහස්පති ග‍්‍රහලෝකයෙන් නිකුත් කෙරෙන ආලෝක ධාරාවන් බව තාරකා විද්‍යාඥ, කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය, චන්දන ජයරත්න මහතා පැවැසීය.

ඒ සම්බන්ධයෙන් ඉකුත් දිනවලදී කෙරුණු පරීක්‍ෂණවලදී මේ බව පැහැදිලි වූ බවද මහාචාර්ය ජයරත්න මහතා කියයි.

Gossip Lanka Hot News Previous News Archive