ජනාධිපති කට්ට කයිරාටික නාඩගමකට සැරසේ - (MP) Anura Kumara dissanayake , JVP)

අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක මහත්මියට එරෙහිව රාජපක්ෂ පවුලේ උවමනාව මත ගෙන ආ දෝෂාභියෝගය හේතුවෙන් ආණ්ඩුවට දැඩි විරෝධයක් හා අපකීර්තියක් සමාජයෙන් එල්ල වෙමින් ඇති මේ මොහොතේ ජනාධිපතිවරයා නැවත කට්ට කයිරාටික නාඩගමකට සැරසෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

හඳුනා නොගත් ආලෝක ධාරාවන් බ‍්‍රහස්පතිගේ - Dr. Chandana Jayaratne

බොහෝ දෙනාට මේ දිනවල අහසේ දර්ශනය වූ බව පැවැසෙන ආලෝක ධාරාවන්ගෙන් 90%ක් පමණම බ‍්‍රහස්පති ග‍්‍රහලෝකයෙන් නිකුත් කෙරෙන ආලෝක ධාරාවන් බව තාරකා විද්‍යාඥ, කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය, චන්දන ජයරත්න මහතා පැවැසීය.

ඒ සම්බන්ධයෙන් ඉකුත් දිනවලදී කෙරුණු පරීක්‍ෂණවලදී මේ බව පැහැදිලි වූ බවද මහාචාර්ය ජයරත්න මහතා කියයි.

Syrian rebels දරුවෙකු ලවා සිරකරුවෙකුගේ හිස මන්නයකින් කපා වෙන් කරයි

නිරායුධ සිරකරුවෙකුගේ හිස කපා දැමීමට සිරියානු කැරලි කරුවන් ලමයෙකුට බල කරන වීඩියෝවක් මෑතකදී youtube හි පල කර තිබුණි. සිරියානු විපක්ෂයට අවි සැපයීමට ඇති විදේශ රටවල උවමනාව අඩු කිරීමට මෙවැනි වීඩියෝ රැසකින්ම පුලුවන් වී නැත.

දරුවා විසින් මන්නයකින් වෙන් කරන ලද හිස ඔසවා ‘අල්ලාහු අක්බාර්’ හෙවත් ‘දෙවියන් ශ්‍රේෂ්ඨයි’ යනුවෙන් ඔවුන් හඬ නැගූහ.

රොෂාන් මට මඩ ගහනවා -Chat With Chathurika Peiris

  මෙවර ලක්ස් සුමති සම්මාන උළෙ‍ලේ හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගත්තේ චතුරිකා පීරිස්ය. එම සම්මානය පිළිබඳ උණුසුම මැකී යන්නට මත්තෙන් ඇය හා සංවාදයකට එක්වූ අවස්ථාවේදී ඇය ඒ පිළිබඳවත් ඇගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ පැතිරයන කටකතා සම්බන්ධයෙනුත් මෙසේ අදහස් දක්වා සිටියාය.


මෙවර ලක්ස් සුමති සම්මාන උළෙ‍ලේ හොඳම සහය නිළියට හිමි සම්මානය දිනාගත්තේ ඔබයි. ඒ ගැන ඔබට ඇත්තේ මොන වගේ හැඟීමක්ද?

රවි ශංකර් මහතා අභාවප්‍රාප්ත වෙයි, INDIA SITAR LEGEND RAVI SHANKAR DIES

රවි ශංකර් ජීවන සිතාරය නිහඬ කරයි

 ප්‍රකට ඉන්දීය සංගීතඥ වූ පණ්ඩිත් රවි ශංකර් අමෙරිකාවේ සන්තියාගෝ රෝහලකදී අභාවප්‍රාප්ත විය.

මියයන විට 92 වැනි වියේ පසු වු පණ්ඩිත් රවි ශංකර් ශ්වසන ආබාධයකට ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

පණ්ඩිත් රවි ශංකර් ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුයේ සිතාර් වාදනයෙන් ඔහු දැක්වු නිපුණතාව හේතුවෙනි.

සුප්‍රකට බීටිල්ස් සංගීත කණ්ඩායම සමඟ සහ‍යෝගයෙන් ක්‍රියා කිරීමත් සමඟ රවි ශංකර් ජාත්‍යන්තරව වඩාත් ප්‍රචලිත විය.ඔහුගේ අභාවය හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය ආචාර්ය මං මෝහන් සිං නිකුත් කළ පණිවුඩයක දැක්වෙන්නේ ශංකර් ජාතික වස්තුවක් බවය.එසේම ඔහු ඉන්දීය සංස්කෘතික උරුමය ‍ගෝලීය වශයෙන් ව්‍යාප්ත කරලීමේ තානාපතිවරයකු ලෙසින් ක්‍රියා කළ පුද්ගලයකු බව ද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.

පැන්ඩෙකුගේ රුව සහිත ශ්‍රී ලංකා ජාතික කොඩියක් , SRI LANKA PANDA FLAG

ජාතික කොඩිය මැදට පැන්ඩෙකුගේ රූපයක් යොදා මුද්‍රණය කරන ලද නත්තල් සුබපැතුම්පත් තොගයක් ගල්කිස්ස තැපැල් හලෙන් ජපානයට තැපැල්කිරීමට පැමිණි ජපන් ජාතිකයෙකු සමග සුබපැතුම් පත් 44ක් ගල්කිස්ස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.


10 දින සවස මෙම ජපන් ජාතිකයා සුබ පැතුම්පත් තොගය තැපැල්කිරීමට පැමිණි අවස්ථාවේදී ගල්කිස්ස පොලිසියේ ජාතික රහස් තොරතුරු අංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මෙම ජපන් ජාතික සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

අත්හදා බැලීමට පහසු නමේ අකුරුවලින් කියැවෙන ජීවන රහස්


ලොව මවිත කෙරෙන ගණිත ශාස්ත්‍ර ක්‍රම අතර චරිතය විදහාපාන ජීවන රහස් නාමයේ අකුරු වටිනාකම තුළින් ප්‍රකාශ වෙයි. බුද්ධිමත් ශාස්ත්‍රහිතකාමී පාඨක ඔබටත් අත්හදා බැලීමට පහසු ගණිත ක්‍රමයක් පහත දැක්වෙයි.

1. අ - ඉ - ජ - ය
2. බ - ක - ර
3. ච - ග - ස - ල
4. ඩ - ම - ට - ත - ද
5. එ - ඇ - න - ක්‍ෂ - හ
6. ව - උ
7. ඩ - ශ
8. ෆ - ප

ලොරියට යටවී පස් හැවිරිදි දැරිය මරුට

පුත්තලම නගර සභාවේ මන්ත්‍රීවරයෙකු(ස්වාධීන) පැදවූ ලොරියකට යටවීමෙන් වයස අවුරුදු 05 ක කුඩා දැරියක් මිය ගොස් ඇති බව පුත්තලම පොලීසිය පවසයි.

අද(11) දින පුත්තලම වාන පාර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් මිය ගොස් ඇත්තේ පුත්තලම වාන පාර පදිංචිව සිටි අසියා ශම්ලත් ශනා (05) නම් වූ දැරියකි.

Gossip Lanka Hot News Previous News Archive