හරියට ම අදින් වසර 12 කට පෙර ලොව පුරා ජනතාව ඇය පිළිබඳ කතා කරන්නට විය. ඒ 2000 වසරේ ලොව සුරූපීම තරුණියට හිමි කිරුළ ඇය විසින් දිනාගැනීම හේතුවෙනි. ඒ මගින් යළිත් වරක් ඉන්දීය මාතාවට කීර්තියක් ගෙන ඒමට ඇය සමත් වූවාය.වසර 12 කට පෙර ලෝක රූ රැජින කිරුළ දිනාගත් පි‍්‍රයංකා චොප්රා අදට ද සිටින්නේ ලොව සුන්දරතම, ආකර්ෂණීයම තරුණියන් අතර, ඉදිරියෙන් බවට ඇය විසින් සනාථ කර තිබේ. ඒ 2012 වසර ගෙවී අවසන් වන්නට දින ගණනක් පමණක් ඉතිරිව තිබියදී “ආසියාවේ සිටින සරාගීම කාන්තාව“ ට හිමි කිරුළ දිනාගනිමිනි.
.jpg)





