වසර දහසකට එක් වතාවක් පමණක් එළැඹෙන දින වකවානුවක එනම් 2012-12-12 දින ඊයේ දහවල් 12.00 පසු වී මිනිත්තු 12ට රත්නපුර මහ රෝහලේදී සාමාන්‍ය දරු ප්‍රසූතියකින් සිඟිති දියණියක් මෙලොව එළිය දුටුවාය.රත්නපුර ගොරකාඇළ පදිංචි රුක්මන් ගුණතිලක මහතාගේ බිරිය වන ගයානි සුසන්තිකා ගුණතිලක මහත්මිය මෙකී දියණිය ප්‍රසූත කළාය. තිස්එක් හැවිරිදි මේ මව රත්නපුර මඩබද්දර විදුහලේ ගුරුවරියකි. පියා, මැණික් ව්‍යාපාරිකයෙකි. මේ දියණිය ඔවුන් දෙපළගේ කුලුඳුල් දරුවා වේ. විශේෂඥ වෛද්‍ය උපාලි ජයවර්ධන මහතාගේ අධීක්ෂණය මත මෙම දරු උපත සිදු විය. මව සහ දියණිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙති.
.jpg)


.jpg)



