‘ටව්ටාටිස්‌’ පෘතුවිය අසලින් ගමනක. Hazardous asteroid " Toutatis" flies by Earth

ඉදිරිදින කීපය තුළදී දැවැන්ත උල්කාපාතයක්‌ පෘතුවිය සමීපයෙන් ගමන් කරන බව අභ්‍යවකාශ විශේෂඥයෝ පවසති.

‘ටව්ටාටිස්‌’ නැමැති මේ උල්කාපාතය කිලෝ මීටර් පහක්‌ පළල යයි හෙලි වී ඇති අතර කැනරි දූපත් සමූහයේ ස්‌ථානගත කර ඇති දුරදක්‌න තුළින් මේ උල්කාපාතය නැරඹිය හැකි වේ.

මෙම උල්කාපාතය මුලින්ම සොයා ගනු ලැබුවේ 1989 වසරේදීය. මෙවන් උල්කාපාතයක්‌ වසර මිලියන 65 කට පෙර පෘතුවියට කඩා වැටීමෙන් ඩයිනෝසරස්‌ සතුන් විනාශ වී ඇත.

හමුදාවට බැඳුනු සමහර දෙමළ තරුණියන්ගේ දත් පූට්ටු වෙයි

රජයේ යුද හමුදාවට බඳවා ගත් දෙමල කාන්තාවන් අතරින් 15 දෙනකු හදිසියේ වැළඳුනු රෝගයක් හේතුවෙන් රෝහල් ගත කොට ඇති බව කිලිනොච්චිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

යුද හමුදා නිලධාරීන් පිරිසක් මෙම තරුණියන්ගේ නිවෙස්වලට පැමිණ ප්‍රකාශ කොට තිබෙන්නේ තම දියණියන්ට අමනුෂ්‍ය දෝශයක බලපෑම නිසා ඔවුන් රෝහල්ගත කළ බවයි.

මම වැරදි නෑ... ඔප්පු කරන්න සුදානම් - Chief Justice Shirani Bandaranayake

දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ආණ්ඩුවේ නියෝජිතයින්, චෝදනා කීපයක් සම්බන්ධයෙන් තමන් වැරදිකාරිය ලෙස ප්‍රකාශ කර තිබුණද, එම වාර්තාව එළිදැක්වූ සැනින් තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට තමන් සූදානම් යැයි අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක මහත්මිය පවසා ඇත.

දෝෂාභියෝග චෝදනාව එල්ල වීමෙන් පසුව පළමුවැනි වරට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ජනමාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ බව අවධාරණය කර ඇත.

ජනාධිපතිට වැඩේ වැරදුණා -Vickramabahu Karunaratne

අගවිනිසුරුවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය ජනාධිපතිවරයාට පරාවලලක් වී ඇතැයි නව සමසමාජ පක්‌ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා පවසයි.

ආණ්‌ඩුව අගවිනිසුරුවරියට එරෙහිව ගොනු කළ චෝදනා පත්‍රයෙන් අනතුරුව අධිකරණයේ ඉවසීම ගැන අප අගය කරන බව ඔහු ප්‍රකාශ කළේය.

මාලිංගගේ විස්සයි - 20 කි‍්‍රකට් දිවියේ හොදම පන්දුයැවීම

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග මේ දිනවල ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් පන්දුවාර විස්සයි - 20 ක‍්‍රිකට් තරග ඉතිහාසයට නව වාර්තාවක් එක්කිරීමට ඊයේ (12) සමත් විය.
ඔහු මෙල්බර්න් ස්ටාර් කණ්ඩායමට ක‍්‍රීඩා කරමින් පර්ත් ස්කොචර්ස් පිළට එරෙහිව ලකුණු 7කදී කඩුලු 6ක් බිද දැමීමට සමත් විය.

පර්ත් ස්කොචර්ස් පිලේ මාර්කස් නොත්, මාර්කස් ස්ටොනිස්, හිල්ටන් කාර්ට්රයිට්, ටොම් ටි‍්‍රෆීට්, නේතන් කොල්ටර්, ජෝයි මැනී මාලිංගගේ කඩුලු 6යට ඇතුළත් විය.

භූ චලන නිසා අම්පාරේ ගෙවල් රැසක් පුපුරලා

අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ වඩිනාගල, කිව්ලේගම, පල්ලංඔය ප්‍රදේශවල සති කිපයක් තිසසේ සිදු වන භූ චලනය පිළිබඳ තවදුරටත් පරික්ෂණ කටයුතු සිදු කරන බව භූ විද්‍යා සහ පතල් කර්යංශයේ අධ්‍යක්ෂක ජනරාල් අනිල් පිරිස් මහතා පවසා සිටි.

දැනට අනාවරණය කරගෙන තිබෙන පරිදි සියයට අනුවක් පමණ මේ භූචලන මිනිස් ක්‍රියාකාරකමක් තුළින් සිදුවන තත්ත්වයක් බවත් ස්භාවික ක්‍රියාවලියක් මගින් සිදුවන කම්පන තත්ත්වක් තුළ මහා ශබ්දයක් නැගෙන්නේ නැති බව භූ විද්‍යා සහ පතල් කර්යංශය පෙන්වා දෙයි. ප්‍රදේශවසින් පෙන්වා දෙන පරිදි භූ චලන 32ක් පමණ ප්‍රමාණයක් සිදුව ඇත. නිවාස විශාල සංඛ්‍යාවක් මේ වන විට ඉරි තැලිම්වලට ලක්ව තිබේ.

2012.12.12 දහවල් 12.12 ට මිණි පුරයෙන් දරු උපතක්

වසර දහසකට එක් වතාවක් පමණක් එළැඹෙන දින වකවානුවක එනම් 2012-12-12 දින ඊයේ දහවල් 12.00 පසු වී මිනිත්තු 12ට රත්නපුර මහ රෝහලේදී සාමාන්‍ය දරු ප්‍රසූතියකින් සිඟිති දියණියක් මෙලොව එළිය දුටුවාය.

රත්නපුර ගොරකාඇළ පදිංචි රුක්මන් ගුණතිලක මහතාගේ බිරිය වන ගයානි සුසන්තිකා ගුණතිලක මහත්මිය මෙකී දියණිය ප්‍රසූත කළාය. තිස්එක් හැවිරිදි මේ මව රත්නපුර මඩබද්දර විදුහලේ ගුරුවරියකි. පියා, මැණික් ව්‍යාපාරිකයෙකි. මේ දියණිය ඔවුන් දෙපළගේ කුලුඳුල් දරුවා වේ. විශේෂඥ වෛද්‍ය උපාලි ජයවර්ධන මහතාගේ අධීක්ෂණය මත මෙම දරු උපත සිදු විය. මව සහ දියණිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙති.

ගණිකා වෘත්තිය පමණක් නොව, මේ රටේ ගබ්සා කිරීම්ද නීතිගත කළ යුතුයි-UPFA Southern Provincial Councilor Ajith Prasanna

ගණිකා වෘත්තිය නීති ගතකළ යුතු යැයි මා කීවේ පහත් මානසිකත්වයකින්වත්, කාන්තාවන්ට අපහාස කිරීමේ අදහසකින්වත් නොවේ. මා පුරුෂ අවශ්‍යතා ඉටු කිරීමට කැපවී සිටින අයෙක්. කාන්තා ගරුත්වයද අගය කරන්නෙක්. මගේ කතාව වැරැදි ආකාරයට වටහාගෙන ඇති ගීතා කුමාරසිංහ මහත්මිය 2012.12.10 වැනි දින පළ කොට තිබූ අදහස්වලට යථාර්ථවාදීව පිළිතුරු දීමට අදහස් කළේද කාන්තා පරපුරට නිසි ගරුත්වය ලබාදීමේ අදහසිනි.

දකුණු පළාත් සභා මන්ත්‍රි, නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා එසේ පැවැසුවේ  විශේෂ ප්‍රකාශයක් කරමිනි.

Gossip Lanka Hot News Previous News Archive