රත්නපුර නගරයේ බාලිකා විදුහලක 5 වන වසරේ බාලවයස්කාර දැරියන් ගණනාවකට අතවර සිදුකළ එම විදුහලේ ප්‍රාථමික අංශයේ ගුරුවරයකු රිමාන්ඩ් භාරයේ සිට නැවත කැඳවන ලදුව දෙසැම්බර් 21 වන දිනතෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට රත්නපුර මහෙස්ත්‍රාත් චානිමා විඡේබණ්ඩාර මහත්මිය පසුගිය 12 වැනිදා නියෝග කළාය.
ලෝක විනාශ කතා ගැන ඡ්‍යොතිෂ මතය - Astrologer, Sumanadasa Abeygunawardena
![]() |
| ප්‍රවීණ ඡ්‍යොතිෂඥ සුමනදාස අබේගුණවර්ධන |
කෝටියක් දෝෂ භංග කරවන ග්‍රහ යෙදුමක් සිදුව ඇති මෙවැනි අවස්ථාවක ලෝක විනාශයක් පිළිබඳව මේ කෙරෙන කතා පට්ටපල් බොරු යැයි ප්‍රවීණ ඡ්‍යොතිෂඥ සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.
ලෝක විනාශ කතා ගැන ඡ්‍යොතිෂ මතය ගෙනහැර දක්වමින් අබේගුණවර්ධන මහතා මේ ප්‍රකාශය කෙළේය. මේ මස 21 වැනිදා ලෝක විනාශය සිදුවන බවට පළවී ඇති මතය බොරු කරමින් 22 වැනිදාටත් නියතයෙන්ම හිරු පායන බව ද අබේගුණවර්ධන මහතා කීය.
ලෝක විනාශයට කලින් දවසේ ආදරණීය කලාකරුවන් මොකද කරන්නේ ?
මේ දිනවල ලෝක විනාශය පිළිබඳ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත්, වාර්තා විවිධාකාරයෙන් යුතුව ප්‍රචාරය වෙනවා.
මේ මස 21 වැනිදා ලෝක විනාශය සිදුවන බව තවත් එක් මතයක්. මේ පිළිබඳ විවිධ විද්වතුන්, මතධාරීන් විවිධ අදහස් උදහස් දක්වනවා.මොවුන් පවසන අන්දමට යම් හෙයකින් එවැනි ලෝක විනාශයක් සිදුවුව හොත් එදිනට පෙර දින අපේ ආදරණීය කලාකරුවන් කුමක් කරන්නේ දැයි ඔවුන්ගෙන් අපි විමසා බැලුවා.
ලංකාවේ ජනගහනයේ ආයු අපේක්ෂිත කාලය ඉහළට. Sri Lanka New Life expectancy
The life expectancy of Sri Lankan population has been increased.
මෙරට ජනගහනයේ ආයු අපේක්ෂිත කාලය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කළ සමීක්ෂණයකින් හෙළිව ඇත. ඒ අනුව කාන්තාවකගේ වයස අවුරුදු 78 දක්වාත් පිරිමින්ගේ වයස අවුරුදු 76 දක්වාත් ඉහළ ගොස් ඇති බව හෙළිව ඇත. පසුගිය වසරේදී මෙම ප්‍රතිශතය පිළිවෙලින් 74 සහ 71 දක්වා පැවති බවද සමීක්ෂණ වාර්තා තහවුරු කර සිටී.අඟහරු ලෝකයේ ජීවින්ට අරලියගහ මන්දිරයේ භෝජන සංගහයක් !!!
ජනතා ප්‍රශ්න වෙනතකට යොමු කිරීමට නොයෙකුත් මාධ්‍ය සංදර්ශන පවත්වන වත්මන් රාජපක්ෂ ආණ්ඩුව, අරලිය ගහ මන්දිරයට අඟහරු ලෝකයෙන් යානාවක් පැමිණ එයින් බැසගත් ජීවීන් මන්දිරෙය් දිවා භෝජන සංගහයක් භුක්ති විඳි බවට ප්‍රචාරයක් ගෙන ගිය ද එයින් පුදුමයට පත් නොවන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ජනතාවට කියා සිටියි.
12-12-12 දවසේ දරුවාගේ ඇඟිලිත් 12 යි
පසුගිය 12 වනදා විශේෂ ඉලක්කමකින් යුතු දිනයක් සටහන්වූ ආකාරය හැමතැනම කථා බහ වුණා. වසර දහසකට වරක් එළැඹෙන 12-12-12 මේ අපූරු දිනයේ ඇගිලි 12 ක පිරිමි දරුවෙකු උපන් පුවත වාර්තා වූයේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙනි.
එම දරුවාගේ උපතේදී අතක ඇඟිලි 5 ක් වෙනුවට 6 ක් ඇති අතර අත් දෙකේම ඇඟිලි 6 බැගින් ඇඟිලි 12 ක් පිහිටා ඇත.
එම දරුවාගේ උපතේදී අතක ඇඟිලි 5 ක් වෙනුවට 6 ක් ඇති අතර අත් දෙකේම ඇඟිලි 6 බැගින් ඇඟිලි 12 ක් පිහිටා ඇත.
සක්විති උසාවියේදී යට ඇඳුම පමණක් ඉතිරිවන සේ ඇඳුම් ගලවයි
සක්විති රණසිංහ හා ඔහුගේ බිරිය කුමාරි ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් ලබන 28 වැනිදා තෙක් රිමාන් කරනු ලැබූහ. බන්ධනාගාර නිලධරයෝ ඔහු උසාවියට ගෙන අවුත් උසාවි සිර මැදිරියට ඇතුළු කළහ. උසාවි වැඩ ඇරඹිනි. යට ඇඳුම පමණක් ඉතිරිවන සේ සියලු ඇඳුම් ගලවා දැමූ සක්විති කෑ ගසන්නට විය. තමා නිර්දෝෂී බව කීවේය. ආණ්ඩුව හා පොලීසිය මේ සියල්ලට වගකිව යුතු බව කීවේය. එසේ කියමින් කෑ ගැසුවේය.
බන්ධනාගාරයේදී තමන්ට පහර දෙන බවත්, හිරිහැර කරන බවත් කීවේය. බන්ධනාගාර නිලධරයෝ මහත් ආයාසයකින් ඔහුට ඇඳුම් ඇන්දවූහ. ඔහු යළි රිමාන්ඩ් කිරීමෙන් පසු බන්ධනාගාර රියට රැගෙන ගිය පසු යළිත් ඇඳුම් උනා පෙර පරිදිම කෑකෝ ගැසූහ.
බන්ධනාගාරයේදී තමන්ට පහර දෙන බවත්, හිරිහැර කරන බවත් කීවේය. බන්ධනාගාර නිලධරයෝ මහත් ආයාසයකින් ඔහුට ඇඳුම් ඇන්දවූහ. ඔහු යළි රිමාන්ඩ් කිරීමෙන් පසු බන්ධනාගාර රියට රැගෙන ගිය පසු යළිත් ඇඳුම් උනා පෙර පරිදිම කෑකෝ ගැසූහ.
මාසෙට දවස් 7-8ක් නොකා නොබී කිලිනොච්චි මුලතිවුවල මං ඇවිදිනවා - Parliamentarian Namal Rajapaksa
පියාගේ දේශපාලන භූමිකාවෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට තමා සුදානම් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
තමාගේ පියා අහවලා නිසා තවත් අවුරුදු 20ට 30ට පස්සේ රටේ නායකයා වෙන්න ඕනෑ යැයි පැවසිය හැකි නමුත් එහෙත් එවැනි තත්ත්වයකට පත්වීමේ අවශ්‍යතාවයක් තමාට නැතැයිද මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
එසේම තමන් සිය පියාගේ දේශපාලනයෙන් යැපෙන්නේ නම් ගම්වලට පැමිණීමට අවශ්‍යතාවයක් නැතැයිද මන්ත්‍රීවරයා කියයි.
තමාගේ පියා අහවලා නිසා තවත් අවුරුදු 20ට 30ට පස්සේ රටේ නායකයා වෙන්න ඕනෑ යැයි පැවසිය හැකි නමුත් එහෙත් එවැනි තත්ත්වයකට පත්වීමේ අවශ්‍යතාවයක් තමාට නැතැයිද මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
එසේම තමන් සිය පියාගේ දේශපාලනයෙන් යැපෙන්නේ නම් ගම්වලට පැමිණීමට අවශ්‍යතාවයක් නැතැයිද මන්ත්‍රීවරයා කියයි.

.jpg)




