ලබන වසරේ ජනවාරි මස 01 වැනිදා සිට වැරැදි කරන රියැදුරන්ට ලකුණු ලබා දීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් එස්. එම්. හරිස්චන්ද්‍ර මහතා කීය. මේ යටතේ ආරම්භයක් ලෙස මත්පැන් පානය කර රිය පදවන්නන්ට හා මාරාන්තික අනතුරු සිදුකරනු ලබන රියදුරන්ට එරෙහිව ලකුණු ලබාදීම සිදු කෙරෙන බවත් එක් වරදකට අවම වශයෙන් ලකුණු 12 ක් ලබා දිය හැකි බව ද වැරැදි දෙකම එක විට සිදු කළහොත් එම රියැදුරාගේ බලපත්‍රය අත්හිටුවනු ලබන බවත් කී කොමසාරිස්වරයා වැරැදි අනුව ලබා දෙන ලකුණු එකතු කර ලකුණු 24 ක් සම්පූර්ණ වූ පසුව බලපත්‍රය වසරක කාලයකට අත්හිටුවනු ලබන බව කීය.
ලෝක විනාශය පිළිබඳ මිථ්‍යා කතාවට ළමුන් පවා බය වෙලා !!
දෙසැම්බර් 21 වැනිදාට තව ඇත්තේ දින හයකි.
ලෝකවාසීන් මිලියන ගණනක් අතර ලෝක විනාශය ගැන විවිධ මිථ්‍යා මත පැතිර යමින් පවතී. එක් ප්‍රචාරයකින් කියෑවුණේ සූර්යා විසින් පෘතුවිය විනාශ කරන බවයි. තවත් පුවතකින් පැවසුණේ ග්‍රහයෙක් පෘථිවිය වෙත ගැටීමෙන් පිටසක්‌වල ජීවීන්ගේ ආක්‍රමණයක් සිදුවන බවයි. ඒ නිසාම මිලියන 25 ක් ඇමරිකානුවන් අවි ආයුධ රැස් කරගෙන ඇතැයි නාසා ආයතනය විසින්ම හෙළි කර ඇත. මේ සමගම පාප් වහන්සේ ක්‍රිස්‌තියානි ජනතාව වෙතින් ඉල්ලීමක් කරමින් ලෝක විනාශය නමැති මිථ්‍යා මතයට නොරැවටෙන්නැයි ඉල්ලා ඇත.
දැරියන්ට ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිවීමට සලස්‌වා ගුරුවරයා අතවර කරයි.
රත්නපුර නගරයේ බාලිකා විදුහලක 5 වන වසරේ බාලවයස්‌කාර දැරියන් ගණනාවකට අතවර සිදුකළ එම විදුහලේ ප්‍රාථමික අංශයේ ගුරුවරයකු රිමාන්ඩ් භාරයේ සිට නැවත කැඳවන ලදුව දෙසැම්බර් 21 වන දිනතෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට රත්නපුර මහෙස්‌ත්‍රාත් චානිමා විඡේබණ්‌ඩාර මහත්මිය පසුගිය 12 වැනිදා නියෝග කළාය.
ලෝක විනාශ කතා ගැන ඡ්‍යොතිෂ මතය - Astrologer, Sumanadasa Abeygunawardena
![]() |
| ප්‍රවීණ ඡ්‍යොතිෂඥ සුමනදාස අබේගුණවර්ධන |
කෝටියක් දෝෂ භංග කරවන ග්‍රහ යෙදුමක් සිදුව ඇති මෙවැනි අවස්ථාවක ලෝක විනාශයක් පිළිබඳව මේ කෙරෙන කතා පට්ටපල් බොරු යැයි ප්‍රවීණ ඡ්‍යොතිෂඥ සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.
ලෝක විනාශ කතා ගැන ඡ්‍යොතිෂ මතය ගෙනහැර දක්වමින් අබේගුණවර්ධන මහතා මේ ප්‍රකාශය කෙළේය. මේ මස 21 වැනිදා ලෝක විනාශය සිදුවන බවට පළවී ඇති මතය බොරු කරමින් 22 වැනිදාටත් නියතයෙන්ම හිරු පායන බව ද අබේගුණවර්ධන මහතා කීය.
ලෝක විනාශයට කලින් දවසේ ආදරණීය කලාකරුවන් මොකද කරන්නේ ?
මේ දිනවල ලෝක විනාශය පිළිබඳ මාධ්‍ය ඔස්සේ විවිධ පුවත්, වාර්තා විවිධාකාරයෙන් යුතුව ප්‍රචාරය වෙනවා.
මේ මස 21 වැනිදා ලෝක විනාශය සිදුවන බව තවත් එක් මතයක්. මේ පිළිබඳ විවිධ විද්වතුන්, මතධාරීන් විවිධ අදහස් උදහස් දක්වනවා.මොවුන් පවසන අන්දමට යම් හෙයකින් එවැනි ලෝක විනාශයක් සිදුවුව හොත් එදිනට පෙර දින අපේ ආදරණීය කලාකරුවන් කුමක් කරන්නේ දැයි ඔවුන්ගෙන් අපි විමසා බැලුවා.
ලංකාවේ ජනගහනයේ ආයු අපේක්ෂිත කාලය ඉහළට. Sri Lanka New Life expectancy
The life expectancy of Sri Lankan population has been increased.
මෙරට ජනගහනයේ ආයු අපේක්ෂිත කාලය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය කළ සමීක්ෂණයකින් හෙළිව ඇත. ඒ අනුව කාන්තාවකගේ වයස අවුරුදු 78 දක්වාත් පිරිමින්ගේ වයස අවුරුදු 76 දක්වාත් ඉහළ ගොස් ඇති බව හෙළිව ඇත. පසුගිය වසරේදී මෙම ප්‍රතිශතය පිළිවෙලින් 74 සහ 71 දක්වා පැවති බවද සමීක්ෂණ වාර්තා තහවුරු කර සිටී.අඟහරු ලෝකයේ ජීවින්ට අරලියගහ මන්දිරයේ භෝජන සංගහයක් !!!
ජනතා ප්‍රශ්න වෙනතකට යොමු කිරීමට නොයෙකුත් මාධ්‍ය සංදර්ශන පවත්වන වත්මන් රාජපක්ෂ ආණ්ඩුව, අරලිය ගහ මන්දිරයට අඟහරු ලෝකයෙන් යානාවක් පැමිණ එයින් බැසගත් ජීවීන් මන්දිරෙය් දිවා භෝජන සංගහයක් භුක්ති විඳි බවට ප්‍රචාරයක් ගෙන ගිය ද එයින් පුදුමයට පත් නොවන්නැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ජනතාවට කියා සිටියි.
12-12-12 දවසේ දරුවාගේ ඇඟිලිත් 12 යි
පසුගිය 12 වනදා විශේෂ ඉලක්කමකින් යුතු දිනයක් සටහන්වූ ආකාරය හැමතැනම කථා බහ වුණා. වසර දහසකට වරක් එළැඹෙන 12-12-12 මේ අපූරු දිනයේ ඇගිලි 12 ක පිරිමි දරුවෙකු උපන් පුවත වාර්තා වූයේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙනි.
එම දරුවාගේ උපතේදී අතක ඇඟිලි 5 ක් වෙනුවට 6 ක් ඇති අතර අත් දෙකේම ඇඟිලි 6 බැගින් ඇඟිලි 12 ක් පිහිටා ඇත.
එම දරුවාගේ උපතේදී අතක ඇඟිලි 5 ක් වෙනුවට 6 ක් ඇති අතර අත් දෙකේම ඇඟිලි 6 බැගින් ඇඟිලි 12 ක් පිහිටා ඇත.



.jpg)


