73 හැවිරිදි විශ්‍රාමික ගුරුවරයකු කපා කොටා මරා දමලා

වත්තේගම, යටිරාවණ ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි සූරසේන අමරසේකර නමැති අවිවාහක විශ්‍රාමික ගුරුවරයකු ඝාතනය කොට පුලුස්සා ඔහුගේ මෘත දේහය පවා විනාශ කිරීමේ සිදුවීමක් පිළිබඳ වත්තේගම පොලිස් අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

මෙම ගුරුවරයා යටිරාවණ ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් නිවෙසක තනිවම වාසයකොට ඇති අතර ඔහුට අයත් යටිරාවණ නිවෙස හා ඉඩම ඔහුගේ සහෝදරයාගේ විවාහක දියණියකට ජීවිත භුක්තිය තබාගෙන පවරා දී ඇති බව පොලිසිය කියයි.

2012 විශ්ව රූ රැජන තරගයෙන් සබ්‍රිනා හර්ෆට් අවසන් 20 ට


අමෙරිකාවේ ලාස්වේගාස්වල මේ දිනවලදී පැවැත්වෙන 2012 විශ්ව රූ රැජන තේරීමේ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වී සිටින සබ්‍රිනා හර්ෆට් මෙනවියට අවසන් තරගකාරියන් 20 දෙනා අතරට පැමිණීමේ භාග්‍ය උදාවනු ඇතැයි  ආමෙරිකානු මාධ්‍ය අනාවැකි පළකර ඇත.

මේ තරගයේ අවසන් මහා තරගය හෙට(19) පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මේ තරගයට රටවල් 89ක් නියෝජනය කරමින් තරගකාරියන් ඉදිරිපත්ව සිටින අතර ශ්‍රී ලංකාවේ අභිමානය රැගෙන ඊට සහභාගී වී සිටින සබ්‍රිනා හර්ෆට් මූලික අධ්‍යාපනය හදාරා ඇත්තේ ආසියානු ජාත්‍යන්තර පාසලිනි.

අලුත්කඩේ ව්‍යාපෘතියත් එන්.ජි.ඕ. කුමන්ත්‍රණයක් !! Dr Gunadasa Amarasekera

දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර
ශ්‍රී ලංකාවට එරෙහි විදේශ බලපෑම් සහ රට අස්ථාවර කිරීමේ ප්‍රයත්නයන් ගැනත්, 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත්, අගවිනිසුරුතුමියට එරෙහි දෝෂාභියෝගය ඇතැම් දෙස් - විදෙස් බලවේග විසින් දේශපාලනිකව යොදා ගැනීම ගැනත් දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ගුණදාස අමරසේකර සමඟ කළ සංවාදයකි.

* ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කිරීම ගැන ඇතැම් ජාත්‍යන්තර බලවේගවලට, සමහර බලවත් රටවලට ඇති වේදනාව රටට එල්ල වන බලපෑම්වලින් පෙනෙනවා. ඔබ මේ කාරණය විග්‍රහ කරන්නෙ මොන විදිහටද

නත්තල් නිවාඩු නිසා කත්‍රිනාට ඉන්දීය රුපියල් කෝටි 34ක පාඩුවක්

කත්‍රිනාගේ නැටිල්ල
කත්‍රිනා කයිෆ් කියන්නේ රූප ශ්‍රියෙන් මුළු ලොවක් වසඟයට ගත් නිළියක්. අග්නිපත් චිත්‍රපටයේ ර්‍ණචින්කි චමේලීර්‍ණ නම් ගීතමය ජවනිකාවට පෙනී සිටිමෙන් අනතුරුව ඇගේ රංගනය ගැන පමණක් උනන්දු වු පිරිස් ඇගේ නර්තනය ගැනත් කතාබහ කරන්න පටන්ගත්තා. ඇගේ මේ සරාගී නර්තනයෙන් අනතුරුව ඇයට නන් දෙසින් නර්තන ප්‍රසංග සඳහා ඇරයුම් ලැබුණා. සම්මාන රාත්‍රීන්ලක්‍රීඩා උත්සවයන්ලප්‍රිය සම්භාෂණ සඳහා ඇගේ මේ නර්තනය නැතුවම බැරි අංගයක් වුණා.

වසර තුනක පමණ කාලයක් දම්වැලකින් බැඳදමා වැඩ අරන්

ජා ඇල, වැලිගම්පිටියේ කෝටිපති නිවසක දම්වැල්වලින් ගැට ගසා කෲර වද බන්ධන දෙමින් මෙහෙකාර සේවයේ යොදා ගෙන සිටි 61 හැවිරිදි පුද්ගලයකු කඳාන පොලිසියේ ජංගම මුර සේවයේ යෙදුන නිලධාරින් විසින් සොයා ගෙන ඇත.

අද (17) අළුයම 4ට පමණ ජංගම මුර සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරින්ට මෙම පුද්ගලයා හමු වී ඇත්තේ කකුලක බැඳ තිබූ දම්වැල් සමග කුණු බක්කියක තිබූ ආහාර එළියට ඇද අනුභව කරමින් සිටියදීය.

රාජපක්ෂ පුතුන් රේසින් කාර් ආනයනය කරලා- (JVP) MP. Anura Kumara Dissanayake

ජනතාවට අධික ලෙස බදු ගහන ආණ්ඩුව ඒ බදු මුදලින් කාර් රේස් පදිමින් සිටින බවත් ප්‍රෝඩාකාරී මෙම ආණ්ඩුවේ සැබෑ තත්වය රටට හෙළිදරව් කළ යතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ අද (17) පෙරවරුවේ බත්තර මුල්ල පැලවත්ත පිහිට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුව අමතමිණි. එහිදී ඒ මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහත පළවේ.

විද්‍යාව වතුර වගේ කියා දෙන "සම්පත් සර්" ගේ ප්‍රශ්න පත්තර මගඩිය "ලීක්"

 විද්‍යාව වතුර වගේ කියා දෙන සර් කෙනෙකුට ප්‍රශ්න අනුමාන කරන්නට හැකිය. නමුත් ඕ ලෙවල් පේපර් එකේ බහුවරණ ප්‍රශ්න ලියා තිඛෙන වාක්‍ය රටා ඒ ආකාරයටම අනුමාන කරන්නට නම් දිවැස් තිබිය යුතුය.

දැන් පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයේ 15දා අවසන්වූ විද්‍යාව පළමු කොටසේ බහුවරණ ප්‍රශ්න පත්‍රය අතට ගත් ගම්පහ කොළඹ ඇතුළු නගර ගණනාවක සම්පත් සර්ගේ ටියුෂන් පංති ගෝලයන්ට පුදුම හිතුණා. මින් දින කිහිපයකට පෙර සර් ලබාදුන් අනුමාන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 19 ක්ම ඕ ලෙවල් පේපර් එකේ ප්‍රශ්න 40 තුළ ඒ ආකාරයෙන්ම සටහන්වී තිබුණ නිසයි.

වසර 20කින් අයෙත් යුද්ධයක් - රාජිත කියයි

වාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලෙස තිබෙන පළාත් සභා ක්‍රමය තව තවත් ශක්තිමත් කළ යුතු බවද, එසේ නොමැති වුවහොත් නැවත වසර විස්සකින් උතුරේ යුද්ධයක් ඇති විය හැකි බව ද, එම යුද්ධය නැවැත්වීමට ලෝකයේ කිසිදු හමුදාවකට නොහැකි වන බව ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.

Gossip Lanka Hot News Previous News Archive