![]() |
දිවයිනට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 89000 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටී.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 13 දෙනෙකු අතුරුදන්ව ඇති බවය.මේ අතර, පස්සර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්යක්ෂ, ඊ.එල්.එම්.උදය කුමාර මහතා පැවසුවේ පියෙකු හා පුතුන් දෙදෙනකු එලෙස මියගොස් ඇති බවය.පියාගේ වයස අවුරුදු 40 ක් වන අතර පුතුන් දෙදෙනා 10හැවිරිදි සහ 14 හැවිරිදි වියේ පසුවිය.මේ අතර කුරුණෑගල, මාස්පොත ප්‍රදේශයේ ජල ගැලීම්වලට කොටුව සිටි ළමුන් දෙදෙනෙකු ගුවන් මගින් බේරාගෙන තිබේ.







