ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙහි වරදක් නැතැයි ශ‍්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අධ්‍යාපන එකකයේ අධ්‍යක්ෂිකා මානව විද්‍යාඥ මධූෂා දිසානායක මහත්මිය පවසයි.
ඇය පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක ලබාදෙමින් මේ බව පවසා තිබේ.
මෙම වෘත්තිය නීති ගත කිරීමකට වඩා පවතින නීති සංශෝධනයක් විය යුතු බවත්, එමෙන්ම එය සංශෝධනය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව පුළුල් කතිකාවක් ගොඩනැගිය යුතු බවත් ඇය එහිදී දක්වා ඇත.
ඩෙංගු ඹෟෂධයට අනුමැතිය ලැබේ
ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය විසින් ඩෙංගු රෝගය සඳහා සොයා ගන්නා ලද ඖෂධයට ආයුර්වේද සූත්‍ර කමිටුව මගින් අනුමැතිය ලබා දී තිබේ.
එම සහතිකය ඉදිරි දින කිහිපය ඇතුළත දේශීය ඇයට ලබාදීමට නියමිතව ඇත. දැනට වෛද්‍යවරිය විසින් ඖෂධය අසාධ්‍ය රෝගීන් හාරසිය පනහකට අධික සංඛ්‍යාවකට පාවිච්චි කිරීමට සලස්වා සුවපත් වී ඇතැයිද ඇය පවසයි.
දිනකට රෝගීන් විසිපහකට අධික සංඛ්‍යාවක් නිවෙසට පැමිණෙන බවත් ඔවුන් අතුරින් බොහෝ දෙනෙක් රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අය බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

ජෙලි වැස්සක් වහී
බුලත්සිංහල ගෝවින්න විලපහල ප‍්‍රදේශයේ කුඹුරු යායකට ඊයේ පස්වරුවේ සුදු පැහැති ජෙලි වැනි ද්‍රව්‍යයක් අහසින් ඇද වැටී ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් ගෝවින්න ප‍්‍රදේශවාසීන් දැඩි විමතියට පත්ව සිටී.
ඊයේ දිනය පුරා පැවති මද වැසි තත්වයත් සමඟ මෙම ද්‍රව්‍ය වැටී තිබේ.
ප‍්‍රදේශයේ ස්ථාන තුනකට සුදු පැහැති කැටිති සහිත ද්‍රාවණයක් වැටී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බුලත්සිංහල පොලීසිය කියයි.
ඊයේ දිනය පුරා පැවති මද වැසි තත්වයත් සමඟ මෙම ද්‍රව්‍ය වැටී තිබේ.
ප‍්‍රදේශයේ ස්ථාන තුනකට සුදු පැහැති කැටිති සහිත ද්‍රාවණයක් වැටී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බුලත්සිංහල පොලීසිය කියයි.
පළමු ටෙස්ට් තරඟයෙන් ශ‍්‍රී ලංකාව පරාදයි
ඔස්ට්‍රේලියාවට ලකුණු 137 ක ජයක්
සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර එරට හෝබාර්ට් පිටියේදී පැවැති තරඟයෙන් ලකුණු 137ක ජයග‍්‍රහණයක් ලබා ගන්නට ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම සමත්ව තිබේ.තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුළු 05ක් දැවී ලකුණු 450ක් ලබා සිටියදී ඉන්ම අත්හිටුවා ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කලේය.
එළහරක් දුන්නාට බැසිල්, බොබ්ට ස්තුතිකරයි
'මහින්ද චින්තන ඉදිරි දැක්ම' වැඩසටහන යටතේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සදහා, ඉකුත් මාර්තු මස ඔස්ටේ‍්‍රලියාවේන් උසස් වර්ගයේ කිරි එළදෙනුන් 500ක් ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා රජයේ කෘතඥතාව පළ කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, එරට විදේශ අමාත්‍ය බොබ් කාර් මහතා හට පැවසීය.
තුන් දින නිල සංචාරයක් සදහා ශී‍්‍ර ලංකාවට පැමිණ සිටි ඔස්ටේ‍්‍රලියානු විදේශ අමාත්‍යවරයා සමග ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දී ඊයේ (17) පැවති සාකච්ඡාවේදී ඇමතිවරයා මේබව සදහන් කළේය.
තුන් දින නිල සංචාරයක් සදහා ශී‍්‍ර ලංකාවට පැමිණ සිටි ඔස්ටේ‍්‍රලියානු විදේශ අමාත්‍යවරයා සමග ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ දී ඊයේ (17) පැවති සාකච්ඡාවේදී ඇමතිවරයා මේබව සදහන් කළේය.
බුද්ධ වචනය අනුව ලෝකය විනාශ වෙන්නේ නෑ - Venerable Kegalle Pagnarama Thero
ලංකා කේන්ද්‍රය බැලුවොත් නවයේ, තුලා රාශිය. තුලා රාශිය බැලුවොත් දැනට ඉන්නවා ඇවිල්ලා සෙනසුරු ග්‍රහයා. සෙනසුරු ග්‍රහයා කියන්නේ ලෝකෝත්තර ගුණ දෙන ග්‍රහයෙක් වුණාට, දුක් දෙන ග්‍රහයෙක්. සෙනසුරු ලෝකෝත්තරවාදීන්ට හොඳයි. ලෞකිකවාදීන්ට දුකයි.
අම්පාරේ මේ වන විට භූ චලන 30 ක් සිදුවෙලා
අම්පාර වඩිනාගල ඇතුළු ප්‍රදේශ ගණනාවක මේ වන විට භූ චලන 30කට වැඩි සංඛ්‍යාවක් සිදුවී ඇතත් ඒවා ඇතිවීමට හේතු සාධක පතල් කැණීම් භූ විද්‍යා කාර්යාංශයට මෙතෙක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. මේ තත්ත්වය මත ඇතැම් ගම්මානවල නොසන්සුන්ව සිටි ගැමියන් සියයකට අධික පිරිසක් පසුගිය සති අන්තයේ වඩිනාගල පාසලට එක් රැස්කොට ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට ද සිදුවූ බව අම්පාර දිසා ලේකම් නීල් ද අල්විස් මහතා පැවැසීය.

.jpg)