අයහපත් කාලගුණයෙන් 13ක් මරුට: 89000කට පීඩා - Adverse weather in Sri Lanka kills 13



දිවයිනට ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් පුද්ගලයින් 89000 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටී.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තවත් 13 දෙනෙකු අතුරුදන්ව ඇති බවය.මේ අතර, පස්සර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධ්‍යක්ෂ, ඊ.එල්.එම්.උදය කුමාර මහතා පැවසුවේ පියෙකු හා පුතුන් දෙදෙනකු එලෙස මියගොස් ඇති බවය.පියාගේ වයස අවුරුදු 40 ක් වන අතර පුතුන් දෙදෙනා 10හැවිරිදි සහ 14 හැවිරිදි වියේ පසුවිය.මේ අතර කුරුණෑගල, මාස්පොත ප්‍රදේශයේ ජල ගැලීම්වලට කොටුව සිටි ළමුන් දෙදෙනෙකු ගුවන් මගින් බේරාගෙන තිබේ.

ප්‍රේත දිෂ්ටිය එලවන්න ඇවිත් නැන්දනියට හා ලේලියට ලිංගික අතවර කරලා !

ප්‍රේත දිෂ්ටියක්‌ නිසා රෝගී වී සිටින 60 හැවිරිදි කාන්තාවක්‌ සුවපත් කිරීමට කළුතර උතුර ගල්පාත ප්‍රදේශයේ නිවසකට පැමිණි යකැදුරකු 60 හැවිරිදි එම කතද ඇයගේ 30 හැවිරිදි ලේලියද නිරුවත් කර ලිංගික අතවරයක්‌ කර ඇයගේ පුතාටද පහරදී ඇති අතර මෙම සැකකරු පෙරේදා (15 වැනිදා) සවස ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

අවුරුදු 110 සපිරූ ආච්චි අම්මා ජනපති හමුවෙන්න කැමැතිලු...

සිය අවසන් හුස්‌ම පොද හෙළන්නට පෙර මේ රට කුරිරු ත්‍රස්‌තවාදීන්ගෙන් මුදාගැනීමට කැපවුණු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා බැහැදකින්නට අවස්‌ථාවක්‌ ලැබුණොත් ලොකු පිනක්‌ බව අවුරුදු 110 ක්‌ වයසැති අම්පාර, නින්දවුර්, සායින්දමරුදු පදිංචි මුහම්මදු ඉස්‌මායිල් උම්මුකුල්තුම්නාච්චි මහත්මිය දිවයින පුවත්පතට පවසා ඇත .

වර්ෂ 1902 ජනවාරි මස 24 වැනිදා උපත ලද ඈ දරුවන් සිවුදෙනකුගේ මාතාවක්‌ද වන්නීය. තවදුරටත් කතා කළ ඈ මෙසේ කීවාය.

ජාතීන් අතර ඇතිවූ කැරැලි කෝලාහල 1942 දෙවන ලෝක සංග්‍රාමය, 1957 හා 1967 මහා ජල ගැලීම, 1978 සුළි සුළඟ, 1980 සිට 2009 දක්‌වා පැවැති ත්‍රස්‌තවාදී අරගල, 2004/12/26 සුනාමි ව්‍යසනය මා ඇස්‌ දෙකෙන් දැක්‌කා.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය විදේශ රැකියාවලින් ලැබෙන ආදායමයි - Minister Dilan Perera

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් මිලියන 5.4 ක්‌ විදේශ රැකියා ක්‍ෂේත්‍රයේ සිටිනවා.

 මේ වසර අවසන් වනවිට විදේශ රැකියාවලින් ඩොලර් මිලියන 5.84 ක්‌ විදේශ විනිමය ලෙස රටට ලැබෙන බවත් වාර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ විදේශ රැකියාවලින් ලැබෙන ආදායම යයි විදේශරැකියා ප්‍රවර්ධන සහ සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පසුගියදා මාතර දී පැවැසීය.

ශ්‍රී ලංකා විදේශ නියුක්‌ති කාර්යාංශය මගින් සංවිධානය කළ රට විරුවන් ඇගැයීම සහ මාතර දිස්‌ත්‍රික්‌ රටවිරු සංවිධානය පිහිටුවීම සඳහා මාතර නූපේ ස.ණ.ස. හාලාවේදී පැවැති රැස්‌වීම අමතා අමාත්‍යවරයා එසේ පැවැසීය.

මව හා දරු දෙදෙනා පිළිස්සී මිය ගිය කතාව මවා පෑමක් !

රත්මලාන, ගොලුමඩම හන්දියේ පිහිටි නිවසක කාමරය නිදා සිටියදී ගින්නට අසුවී පිළිස්සී මියගියේ යැයි කියන මවගේ සහ දරු දෙදෙනාගේ මරණ මිනිමැරුම් බව අනාවරණය වී තිබේ. මෙම දෙමහල් නිවසේ වායු සමීකරණය කරන ලද කාමරයක නිදා සිටියදී මව සහ දරු දෙදෙනා පිළිස්සී මියගොස් සිටි බව අනාවරණය වී ඇත්තේ ඊයෙ (17) අළුයම් කාලයේ දීය.

 මෙසේ මරණයට පත් වී ඇත්තේ මොරටුව කුමර විදුහලේ ගුරුවරියක වන පිහිඹියගේ සචේතනා සඳමාලි ප්‍රනාන්දු (31) සහ ඇගේ දරු දෙදෙනා වන විජයමුණි කුෂාන් සඳරු ද සිල්වා (03) සහ විජයමුණි කුෂාන් භානුක ද සිල්වා (මාස 01) යන මව සහ දරු දෙදෙනායි. රාත්‍රියේ මෙම කාමරයේ දැල් වූ ඉටිපන්දමකින් ඇඳ මෙට්ටයට ගිනි ඇවිලි එම මෙට්ටයේ දුමෙන් නැගුන කාබන්මොනොක්සයිඩ් ආඝ්‍රහනය වීමෙන් මෙම මරණ සිදුවන්නට ඇතැයි සැක කෙරුණද දැන් මෙම ත්‍රිත්ව මරණ මිනිමැරුම් බවට තහවුරු වී තිබේ.

පවුල් 5000 වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි වෙයි - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ජල ගැලීම් සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 5000 ක අධික සංඛ්‍යාවක් මේ වන විට අවතැන්ව සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අයහපත් කාලගුණයත් සමඟ කුරුණෑගල, මාතලේ, මහනුවර, නුවරඑළිය, පොළොන්නරුව, බදුල්ල, මඩකලපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට දැඩි බලපෑම් එල්ලවී ඇති බවය.
ඒ අතර අද උදෑසන 8.30 න් අවසන්වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය කුරුණෑගල ප්‍රදේශයට ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න මහතා පැවසුවේ එම අගය මිලිමීටර් 314. 5 ක් වන බවය.

ගණිකා වෘත්තිය නීතිගත කලාට වරදක් නැහැ - Madhusha Dissanayake, recommended legalizing prostitution in sri Lanka

ගණිකා වෘත්තිය නීතිගත කිරීමෙහි වරදක් නැතැයි ශ‍්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ අධ්‍යාපන එකකයේ අධ්‍යක්ෂිකා මානව විද්‍යාඥ මධූෂා දිසානායක මහත්මිය පවසයි.

ඇය පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක ලබාදෙමින් මේ බව පවසා තිබේ.

මෙම වෘත්තිය නීති ගත කිරීමකට වඩා පවතින නීති සංශෝධනයක් විය යුතු බවත්, එමෙන්ම එය සංශෝධනය විය යුත්තේ කෙසේද යන්න පිළිබඳව පුළුල් කතිකාවක් ගොඩනැගිය යුතු බවත් ඇය එහිදී දක්වා ඇත.

ඩෙංගු ඹෟෂධයට අනුමැතිය ලැබේ

ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මෙනෙවිය විසින් ඩෙංගු රෝගය සඳහා සොයා ගන්නා ලද ඖෂධයට ආයුර්වේද සූත්‍ර කමිටුව මගින් අනුමැතිය ලබා දී තිබේ.

එම සහතිකය ඉදිරි දින කිහිපය ඇතුළත දේශීය ඇයට ලබාදීමට නියමිතව ඇත. දැනට වෛද්‍යවරිය විසින් ඖෂධය අසාධ්‍ය රෝගීන් හාරසිය පනහකට අධික සංඛ්‍යාවකට පාවිච්චි කිරීමට සලස්වා සුවපත් වී ඇතැයිද ඇය පවසයි.

දිනකට රෝගීන් විසිපහකට අධික සංඛ්‍යාවක් නිවෙසට පැමිණෙන බවත් ඔවුන් අතුරින් බොහෝ දෙනෙක් රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අය බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

Gossip Lanka Hot News Previous News Archive