ගොළුමඩමේ ඝාතන තමන් කළ බවට සැමියා පාපෝච්චාරණය කරයි

රත්මලාන ගොළුමඩමේ දෙමහල් නිවෙසක කාමරයක නිදා සිටියදී ගින්නට අසුවී පිළිස්සී මියගියේ යැයි කියන මවගේ සහ දරු දෙදෙනාගේ මරණ වලට සැකපිට අත්අඩංගුවට ගත් මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා පොලිසිය කළ ප‍්‍රශ්න කිරීම් වලදී තමන් එම ඝාතන කළ බවට පාපෝච්චාරණය කර ඇතැයි වාර්තා වේ.

රාත්‍රියේ මෙම කාමරයේ දැල් වූ ඉටිපන්දමකින් ඇඳ මෙට්ටයට ගිනි ඇවිලි එම මෙට්ටයේ දුමෙන් නැගුන කාබන්මොනොක්සයිඩ් ආඝ්‍රහනය වීමෙන් මෙම මරණ සිදුවන්නට ඇතැයි සැක කෙරුණද මෙම ත්‍රිත්ව මරණ මිනිමැරුම් බවට තහවුරු විය.

අගවිනිසුරුවරියගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

තමාට එරෙහිව අණ්ඩුව විසින් ගොනුකර තිබු දෝෂාභියෝගය විමර්ශණය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවට එරෙහිව අගවිනිසුරු අචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය විසින් අභියාචනාධිකරණයට අද(19) පෙත්සමක් ගොනු කර තිබේ.

අගවිනිසුරුවරිය වෙනුවෙන් මෙම පෙත්සම නීලකන්දන් සහ නීලකන්දන් නීතීඥ්‍ය සමාගම විසින් ගොනු කර ඇත.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව හා එහි තීරණ අවලංගු කර බල රහිත කරන සර්ෂියෝරාරි රීට් ආඥාවක් නිකුත් කරන ලෙස අගවිනිසුරුවරිය එම පෙත්සමෙන් ඉල්ලා සිටියි.

ගල් ‍පොලු වදින්නේ පල ඇති රුකටයි - Chat With Nadeesha Hemamali

පසුගියදා පැවැත්වූ දාහත් වැනි ලක්ස් සුමති සම්මාන උළෙලෙහි දී ජනප්‍රියම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ නදීෂා හේමමාලි නම් රංගන ශිල්පිනියයි. එම සම්මාන උළෙලෙහි දක්ෂතම රංගන ශිල්පිනියට හිමි නිළියක් තිදෙනා අතරටද ඇගේ නම නිර්දේශ වී තිබිණි. නිළියක් සේම ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක ලෙස ද සාර්ථක ගමනක යෙදෙන මේ යොවුන් කලාකාරිය මෙවර පිළිසඳරකට මෙලෙසින් එක්වන්නීය.

මේ ලැබූ සම්මානය ගැන මොනවද හිතෙන්නේ?


හුඟක්ම සතුටුයි. මේ මම ලැබූ ප්‍රථම සම්මානය නොමෙයි. මීට පෙර මම සම්මාන ලබා තිබෙනවා. නමුත් ජනප්‍රියතම නිළියට හිමි සම්මානය මා ප්‍රථම වතාවට ලැබූ අවස්ථාව තමයි මේ. ඒක මට විශේෂ අවස්ථාවක්.

පළමු ටෙස්ට් තරගයේ පරාජය සැකයට ලක්වෙයි.

 පන්දුව පළුදු කිරීමේ කිසිදු සාක්‍ෂියක් නැතිලූ
ඊයේ අවසන්වූ ශ්‍රී ලංකාවට පරාජය උරුමවූ ටෙස්ට් ක්‍රිකට් තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන ක්‍රීඩක පීටර් සිඩ්ල් පන්දුව කඩතොලූ කිරීමේ චෝදනාවකට ලක්ව තිබෙනවා.

ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර හොබාර්ට්හිදී පැවැති ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් කිසිදු සාක්‍ෂියක් ලැබී නැතැයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරක කි‍්‍රස් බ්‍රෝඞ් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම තත්ත්වය යටතේ අදාළ පරීක්‍ෂණ එතෙකින් නිමා වනු ඇත.

කළුතර වලල්ලාවිටට කහ වැස්සක් !

කළුතර වළල්ලාවිට ඉත්තපාන මිරිස්වත්ත ප‍්‍රදේශයට කහ පැහැති වැස්සක් ඇදහැලී තිබෙන බව වාර්තාවේ. මිරිස්වත්ත රාජ්‍ය වතුයායේ ක්ෂේත‍්‍ර නිලධාරී ආනන්ද ජයනෙත්ති මහතා එබව සැලකර සිටියි.

තමන් විසින් රැස් කෙරුණු වැසි ජලයේද කහ පැහැය දිස්වන බවත්, දූවිලි අංශු වැනි කිසියම් කුඩක්ද එහි හඳුනාගත හැකි බවත් ඒ මහතා පැවසුවේය.

මේ අතර හොරණ ප‍්‍රදේශයට පෙරේදා දිනයේදී සුදු පැහැති වැස්සක් ඇදහැළුනු බව වාර්තාවේ.

කාර් රේස්වලට ගිය මුදල හොයන්න පෙට්රල් මිල වැඩි කළා - UNP General Secretary Tissa Attanayake

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි බවට බොරු කියමින් කාර් රේස් වෙනුවෙන් වැයවූ මුදල උපයා ගැනීමට පෙට්රල් මිල ඉහළ දමා ඇතැයි එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ඒ මහතා එසේ කීවේ විපක්‍ෂ නායක කාර්යාලයේ ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවකදීය.හමුදා නිලධාරීන්ට පැවැරී ඇති අලුත්ම රාජකාරිය වන්නේ වැලිමුට්ට කර ගැසීම යැයි කී ඒ මහතා මෙසේද කීය.කළම්බො නයිට් රේස් ඒක සඳහා 14 වැනිදා ඉඳලා පාරවල් වහලා. අවුරුදු පතා පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ සඳහා අනුග්‍රහ දක්වනවා. මාධ්‍ය වාර්තා කරන ආකාරය අනුව ඒ වෙනුවෙන් රුපියල් මිලියන 200 කට වැඩි මුදලක් වැයවෙලා. රාජකීය පුතුන්ගේ ආශාවල් ඉෂ්ට කරන්න කාර් රේස් පැවැත්වූවා කියලා සාමාන්‍ය ජනතාවට වෙන සෙතක් නෑ. අන්තිමට සිද්ධ වුණේ ඊට වැයවූ මුදල උපයා ගැනීමට පෙට්රල්වල මිල ඉහළ දැමීමයි.

ධාවනය වූ බසය තුළදීම වෙද සිසුවිය දූෂණය කරලා !

ඉන්දියාවේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළදී තරුණියක දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි රියදුරා සහ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ, 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවකි.පුද්ගලයින් කිහිපදෙනෙකු විසින් දූෂණයට ලක් කරන ලද අදාළ තරුණිය මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛද්‍යවරුන් පවසන්නේ, ඇයගේ තත්ත්වය බරපතල බවය.

29දා භූමිකම්පාවක් ? සුනාමිය ගැන අනාවැකි කියූ විද්‍යාඥ ලලිත් විජයවර්ධන මහතා කියයි

ලබන 29 දා කුමන හෝ මොහොතක ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට බලපාන මධ්‍යම ප්‍රමාණයේ භූමිකම්පාවක් ඇතිවිය හැකි බව විද්‍යාඥ ලලිත් විජයවර්ධන මහතා කියා සිටී.

ලලිත් විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට සුනාමියක් එන බව ඊට කලින් ප්‍රකාශයට පත් කළ විද්‍යාඥයෙකි. ලෝක විනාශය ලබන 21දා හෝ මේ මාසය තුළ හෝ සිදුවීමට ඉඩක් නැතැ’යි පෙන්වා දෙන ඒ මහතා ඉහත කී භූමිකම්පාව මඟින් ප්‍රදේශ ගණනාවකට විපත් පැමිණිය හැකි බව පෙන්වා දෙයි.

ලලිත් මහතා භූමිකම්පාව පිළිබඳ ස්ථිර වශයෙන් ම කරුණු දක්වන්නේ මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ කිහිපයක පස් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.

ලෝකයේ ඕනෑම පළාතක ඇති කඳුවල පස් පරීක්ෂාවට ලක් කිරීමෙන් භූමිකම්පා පිළිබඳ අනාවැකි පළ කිරීමට තමන්ට හැකි බවත් ඒ පිළිබඳ තාක්ෂණය තමා සතු බවත් ලලිත් විජේවර්ධන මහතා කීය.

Gossip Lanka Hot News Previous News Archive