අසැබි වෙබ් අඩවි තහනම් කිරීම 09 දා සලකා බැලෙයි

මෙරට බාල වයස්කරුවන් පෙනීසිටින අසභ්‍ය දර්ශන ඇතුළත් වෙබ් අඩවි තහනම් කිරීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුව ජනවාරි 09 වන දින සලකා බැලීමට අධිකරණය තීන්දු කර තිබේ.අදාළ නඩුව අද (19) කැඳවූ අවස්ථාවේ බත්තරමුල්ල ළමා මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇති බව සඳහන්ය.
අදාළ වෙබ් අඩවි තහනම් කිරීමට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරුණු ගොනු කිරීම අද දිනට යෙදී තිබුණි.

කොස් ගසක් සහ කිතුල් ගසක් හිටිගමන් මහ පොළවේ ගිලා බැස නොපෙනී යයි !

පොලොව පළා ගෙන දැවැන්ත ගස් දෙකක් ගිලා බැසීමේ සිද්ධියක් මාතලේ දුන්කලවත්ත දොරකුඹුර ප‍්‍රදේශයෙන් වාර්තාවේ . විශ්කම්භය අඩි 20 ක් 30 ක් පමණැති ආවාට දෙකක් මතුවී දැවැන්ත ගස් දෙක ගිලා බැස ඇත. 19 දින හිටිහැටියේ මෙම ආවාට මතුවී කොස් ගසක් සහ කිතුල් ගසක් ගිලා බැස ඇත . දොරකුඹුර සීලවතී කුමාරිහාමි මහත්මියගේ වත්තක මෙම ආවාට මතුවී ඇති අතර අඩි 60 ක් පමණ උසැති කොස් ගසක් සහ අඩි 60 ක් පමණ උසැති කිතුල් ගසක් මෙම ආවාට දෙකෙහි ගිලා බැස නොපෙනී ගොස් තිබේ.

ගොළුමඩමේ ඝාතන තමන් කළ බවට සැමියා පාපෝච්චාරණය කරයි

රත්මලාන ගොළුමඩමේ දෙමහල් නිවෙසක කාමරයක නිදා සිටියදී ගින්නට අසුවී පිළිස්සී මියගියේ යැයි කියන මවගේ සහ දරු දෙදෙනාගේ මරණ වලට සැකපිට අත්අඩංගුවට ගත් මියගිය කාන්තාවගේ ස්වාමි පුරුෂයා පොලිසිය කළ ප‍්‍රශ්න කිරීම් වලදී තමන් එම ඝාතන කළ බවට පාපෝච්චාරණය කර ඇතැයි වාර්තා වේ.

රාත්‍රියේ මෙම කාමරයේ දැල් වූ ඉටිපන්දමකින් ඇඳ මෙට්ටයට ගිනි ඇවිලි එම මෙට්ටයේ දුමෙන් නැගුන කාබන්මොනොක්සයිඩ් ආඝ්‍රහනය වීමෙන් මෙම මරණ සිදුවන්නට ඇතැයි සැක කෙරුණද මෙම ත්‍රිත්ව මරණ මිනිමැරුම් බවට තහවුරු විය.

අගවිනිසුරුවරියගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

තමාට එරෙහිව අණ්ඩුව විසින් ගොනුකර තිබු දෝෂාභියෝගය විමර්ශණය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාවට එරෙහිව අගවිනිසුරු අචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය විසින් අභියාචනාධිකරණයට අද(19) පෙත්සමක් ගොනු කර තිබේ.

අගවිනිසුරුවරිය වෙනුවෙන් මෙම පෙත්සම නීලකන්දන් සහ නීලකන්දන් නීතීඥ්‍ය සමාගම විසින් ගොනු කර ඇත.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව හා එහි තීරණ අවලංගු කර බල රහිත කරන සර්ෂියෝරාරි රීට් ආඥාවක් නිකුත් කරන ලෙස අගවිනිසුරුවරිය එම පෙත්සමෙන් ඉල්ලා සිටියි.

ගල් ‍පොලු වදින්නේ පල ඇති රුකටයි - Chat With Nadeesha Hemamali

පසුගියදා පැවැත්වූ දාහත් වැනි ලක්ස් සුමති සම්මාන උළෙලෙහි දී ජනප්‍රියම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ නදීෂා හේමමාලි නම් රංගන ශිල්පිනියයි. එම සම්මාන උළෙලෙහි දක්ෂතම රංගන ශිල්පිනියට හිමි නිළියක් තිදෙනා අතරටද ඇගේ නම නිර්දේශ වී තිබිණි. නිළියක් සේම ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක ලෙස ද සාර්ථක ගමනක යෙදෙන මේ යොවුන් කලාකාරිය මෙවර පිළිසඳරකට මෙලෙසින් එක්වන්නීය.

මේ ලැබූ සම්මානය ගැන මොනවද හිතෙන්නේ?


හුඟක්ම සතුටුයි. මේ මම ලැබූ ප්‍රථම සම්මානය නොමෙයි. මීට පෙර මම සම්මාන ලබා තිබෙනවා. නමුත් ජනප්‍රියතම නිළියට හිමි සම්මානය මා ප්‍රථම වතාවට ලැබූ අවස්ථාව තමයි මේ. ඒක මට විශේෂ අවස්ථාවක්.

පළමු ටෙස්ට් තරගයේ පරාජය සැකයට ලක්වෙයි.

 පන්දුව පළුදු කිරීමේ කිසිදු සාක්‍ෂියක් නැතිලූ
ඊයේ අවසන්වූ ශ්‍රී ලංකාවට පරාජය උරුමවූ ටෙස්ට් ක්‍රිකට් තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන ක්‍රීඩක පීටර් සිඩ්ල් පන්දුව කඩතොලූ කිරීමේ චෝදනාවකට ලක්ව තිබෙනවා.

ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර හොබාර්ට්හිදී පැවැති ටෙස්ට් තරගයේදී පන්දුව පළුදු කිරීම සම්බන්ධයෙන් කිසිදු සාක්‍ෂියක් ලැබී නැතැයි අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරග තීරක කි‍්‍රස් බ්‍රෝඞ් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මෙම තත්ත්වය යටතේ අදාළ පරීක්‍ෂණ එතෙකින් නිමා වනු ඇත.

කළුතර වලල්ලාවිටට කහ වැස්සක් !

කළුතර වළල්ලාවිට ඉත්තපාන මිරිස්වත්ත ප‍්‍රදේශයට කහ පැහැති වැස්සක් ඇදහැලී තිබෙන බව වාර්තාවේ. මිරිස්වත්ත රාජ්‍ය වතුයායේ ක්ෂේත‍්‍ර නිලධාරී ආනන්ද ජයනෙත්ති මහතා එබව සැලකර සිටියි.

තමන් විසින් රැස් කෙරුණු වැසි ජලයේද කහ පැහැය දිස්වන බවත්, දූවිලි අංශු වැනි කිසියම් කුඩක්ද එහි හඳුනාගත හැකි බවත් ඒ මහතා පැවසුවේය.

මේ අතර හොරණ ප‍්‍රදේශයට පෙරේදා දිනයේදී සුදු පැහැති වැස්සක් ඇදහැළුනු බව වාර්තාවේ.

කාර් රේස්වලට ගිය මුදල හොයන්න පෙට්රල් මිල වැඩි කළා - UNP General Secretary Tissa Attanayake

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල වැඩි බවට බොරු කියමින් කාර් රේස් වෙනුවෙන් වැයවූ මුදල උපයා ගැනීමට පෙට්රල් මිල ඉහළ දමා ඇතැයි එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.
ඒ මහතා එසේ කීවේ විපක්‍ෂ නායක කාර්යාලයේ ඊයේ (18දා) පැවැති මාධ්‍ය හමුවකදීය.හමුදා නිලධාරීන්ට පැවැරී ඇති අලුත්ම රාජකාරිය වන්නේ වැලිමුට්ට කර ගැසීම යැයි කී ඒ මහතා මෙසේද කීය.කළම්බො නයිට් රේස් ඒක සඳහා 14 වැනිදා ඉඳලා පාරවල් වහලා. අවුරුදු පතා පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ සඳහා අනුග්‍රහ දක්වනවා. මාධ්‍ය වාර්තා කරන ආකාරය අනුව ඒ වෙනුවෙන් රුපියල් මිලියන 200 කට වැඩි මුදලක් වැයවෙලා. රාජකීය පුතුන්ගේ ආශාවල් ඉෂ්ට කරන්න කාර් රේස් පැවැත්වූවා කියලා සාමාන්‍ය ජනතාවට වෙන සෙතක් නෑ. අන්තිමට සිද්ධ වුණේ ඊට වැයවූ මුදල උපයා ගැනීමට පෙට්රල්වල මිල ඉහළ දැමීමයි.

Gossip Lanka Hot News Previous News Archive