උදාවන ග්‍රහචාරය අනුව ලෝක විනාශයක් හෙට (21දා) සිදු නොවන බව ස්ථිරවම කිව හැකි නමුත් ලොව පුරාම විවිධ ස්වාභාවික ව්‍යසන අඩු වැඩි වශයෙන් ඇතිවිය හැකි බව ප්‍රකට ජ්‍යෝතිර්වේදියකු වන හෝමාගම ඇල්බට් සුදසිංහ මහතා පවසයි.
පසුගිය මාස කිහිපය තුළ ලෝකය පුරා පැවැති ස්වාභාවික විපත් මෙන්ම තවත් ඉදිරියේ එවැනි විපත් බහුල වශයෙන් සිදුවන ග්‍රහචාරයක්ද නිර්මාණය වෙමින් පවතින බවට හෙතෙම අනතුරු අඟවයි.
ලෝක විනාශය සම්බන්ධයෙන් නඟන ලද ප්‍රශ්නවලට සුදසිංහ මහතා ලබා දුන් පිළිතුරු මෙසේය.
ඇත්තෙන්ම මායාවරුන් යනු කවුද?
ක්‍රිස්තු පූර්ව 2000 පමණ සිට ක්‍රිස්තු වර්ෂ 250 යුගය දක්වා පුරාණ මායාවරුන් ගේ ස්වර්ණමය යුගය පැවති බව ඉතිහාසයේ සඳහන් වේ. ඔවුහු මහත් දේව භක්තිය ඇති ජන පිරිසක් වූහ. මායා ඇදහීම අනුව කුක්කුල්කන් යනු පිහාටු සහිත සර්පයෙකි. මෙක්සිකෝවේ චිචන් ඉට්සා හි කුක්කුල්කන් වෙනුවෙන් මිනිස් බිලි පූජා පවා පැවැත්වූ බවට සාධක තිබේ. මෙක්සිකෝවේ චියාපාස් වැසියන් අතර, පවතින පුරාවෘත්තයට අනුව මේ පිහාටු සහිත සර්පයා සූර්ය දෙවියන්ගේ සුරතල් සත්වයා ය. එසේම නියෝජිතයා ය. ලෝක විනාශය සිදුවන දිනයේදී හිරු දෙවියන් විසින් කුක්කුල්කන් ව මෙලොව ට එවන බව මායාවරු කීහ.
දෝෂාභියෝගයට එරෙහිව මහජන පෙත්සමක්
තිස්සමහාරාමයට ඉස්සෝ වැස්සක්
වර්ෂාවත් සමග ඉස්සන් බිමට පතිතවීමේ පුවතක් තිස්සමහාරාමය - යෝධකන්ඩිය ප්‍රදේශයෙන් අද (19) වාර්තාවී ඇත.
තිස්සමහාරාම - යෝධකන්ඩිය පුරාණ නාග මහා විහාරස්ථානය ප්‍රදේශයට අද පෙරවරුවේ ප්‍රදේශයට ඇද හැලූනු වර්ෂාවත් සමග මෙම ඉස්සන් වැස්ස වාර්තා වූ බව එම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා ඇතුලූ ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
තිස්සමහාරාම - යෝධකන්ඩිය පුරාණ නාග මහා විහාරස්ථානය ප්‍රදේශයට අද පෙරවරුවේ ප්‍රදේශයට ඇද හැලූනු වර්ෂාවත් සමග මෙම ඉස්සන් වැස්ස වාර්තා වූ බව එම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා ඇතුලූ ප්‍රදේශවාසීන් සඳහන් කරයි.
හලාවත නගරය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි . Chilaw now under water
දැදුරුඔය පිටාර ගැලීම සහ මුන්නේෂ්වරම වැවේ වැව් බැම්ම කපා ජලය මුදා හැරීමත් සමගම හලාවත නගරය ජලයෙන් යටවන්නට පටන් ගෙන ඇත. අද (19 ) දහවල් වන විට මෙම තත්ත්වය ඇති විය.මුන්නේෂ්වරම වැවේ ජලය වැඩිවීමත් සමගම වැව් බැම්ම බිඳී යාමේ තත්ත්වයක් ඇති විය.ඒ අනුව වහාම ක්‍රියාත්මක වු යුධ හමුදා සෙබළුන් සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වැව් බැම්ම කපා ජලය මුදා හැරීමට කටයුතු කළහ.ඒ සමගම හලාවත නගරයේ පිහිටි බස් නැවතුම්පළ ජලයෙන් වැසී ගියේය.හලාවත නගරයේ අතුරු මාවත් රැසක් ජලයෙන් යටවී ගිය අතර නගරය හරහා ජලය ගලා ගියේය.
රාගය තමයි ලොකුම ගින්න - Roshan Pilapitiya
ගෙවීගිය සති කිහිපය තුළ මෙරට මාධ්‍ය ඔස්සේ වැඩි කතාබහකට ලක්වූ, ජනප්‍රිය නළු නිළි දෙපළක් වන රොෂාන් පිලපිටිය සහ චතුරිකා පීරිස්ගේ දිගුකාලීන සබඳතාවය බිඳීයාමේ පුවතට අදාළව, චතුරිකා පීරිස් පළකළ අදහස් ඉකුත් සතියේ ඉදිරිපත් කළෙමු.
කෙනෙකුගේ ජීවිතයේ පෞද්ගලික කාරණා පිළිබඳව ප්‍රචාරයක් ලබාදීම එතරම් සදාචාරාත්මක නොවේයැයි ඇතමෙකුට හැඟෙන්නට හැකි වුවද, රොෂාන් සහ චතුරිකා මෙරට කලා ක්ෂේත්රය තුළ අත්කරගෙන සිටින ජනප්‍රියත්වය මත, ජනතාව ඒ සිදුවීම සම්බන්ධයෙන් දැක්වූ ඉහළ අවධානයත්, ඒ පිළිබඳව කරුණු දැක්වීමට චතුරිකා නොපැකිලව ඉදිරිපත්වීමත් යන හේතූන් නිසා එසේ එම සංවාදය ඉකුත් සතියේ පළකිරීමට අපි තීරණය කළෙමු.
අසැබි වෙබ් අඩවි තහනම් කිරීම 09 දා සලකා බැලෙයි
මෙරට බාල වයස්කරුවන් පෙනීසිටින අසභ්‍ය දර්ශන ඇතුළත් වෙබ් අඩවි තහනම් කිරීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුව ජනවාරි 09 වන දින සලකා බැලීමට අධිකරණය තීන්දු කර තිබේ.අදාළ නඩුව අද (19) කැඳවූ අවස්ථාවේ බත්තරමුල්ල ළමා මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇති බව සඳහන්ය.
අදාළ වෙබ් අඩවි තහනම් කිරීමට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරුණු ගොනු කිරීම අද දිනට යෙදී තිබුණි.
කොස් ගසක් සහ කිතුල් ගසක් හිටිගමන් මහ පොළවේ ගිලා බැස නොපෙනී යයි !
පොලොව පළා ගෙන දැවැන්ත ගස් දෙකක් ගිලා බැසීමේ සිද්ධියක් මාතලේ දුන්කලවත්ත දොරකුඹුර ප්‍රදේශයෙන් වාර්තාවේ . විශ්කම්භය අඩි 20 ක් 30 ක් පමණැති ආවාට දෙකක් මතුවී දැවැන්ත ගස් දෙක ගිලා බැස ඇත. 19 දින හිටිහැටියේ මෙම ආවාට මතුවී කොස් ගසක් සහ කිතුල් ගසක් ගිලා බැස ඇත . දොරකුඹුර සීලවතී කුමාරිහාමි මහත්මියගේ වත්තක මෙම ආවාට මතුවී ඇති අතර අඩි 60 ක් පමණ උසැති කොස් ගසක් සහ අඩි 60 ක් පමණ උසැති කිතුල් ගසක් මෙම ආවාට දෙකෙහි ගිලා බැස නොපෙනී ගොස් තිබේ.




