රතු වැස්ස නිසා ගොයම් රත් පැහැ වී මැරී යයි !

සෙවණගල ප‍්‍රදේශයට පසුගිය දා ඇද හැළුණු රතු වැස්සෙන් අනතුරුව එම ප‍්‍රදේශයෙහි කුඹුරුවල ගොයම් රත් පැහැ වී මැරී යන බව ගොවීහු පවසති.

එලෙස තණමල්විල, සෙවණගල, හම්බන්තොට, මොනරාගල ආශි‍්‍රත කුඹුරු අක්කර 2500 කට අධික ප‍්‍රමාණයක මේ තත්ත්වය පැතිර යන බවත් ගොයම් ගසේ මුල සිට ගස රත්පැහැ වී මළානික වී මැරී යන බවත් එම ගොවීන් සඳහන් කරයි.

ගොයම් ගසේ ඉහළ කොළය කුණු වී හැළෙන බවද මෙම රෝගී තත්ත්වය පාලනය සඳහා විවිධ කෘමිනාශක භාවිත කළ ද මේ වන තෙක් තත්ත්වය අඩු වී නැති බව ද ගොවීහු පවසති.

දෙමල තරුණියන්ට ආරක්ෂක හමුදා අතින් ලිංගික හිංසනයක් සිදුවී නැහැ - විශේෂඥ වෛද්‍ය සිවසුබ්‍රමනියම්

මෑතකදී යුද හමුදාවට බදවා ගන්නා ලද දෙමල තරුණියන් කොටසක් සිය පුහුණුවීම් කටයුතු කරගෙන යන අතරතුරදී හදිසියේ අසනීපවී රෝහල්ගත කිරීමේ සිද්ධිය පිලිබදව ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් වෙත එල්ලවී ඇති චෝදනා මුළුමනින්ම අසත්‍යය බව මානසික විශේෂඥ වෛද්‍ය සිවසුබ්‍රමනියම් සිවදාස් මහතා අවධාරණය කර සිටියි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන්, පසුගියදා බීබීසී දෙමල සේවයේ මාධ්‍යවේදියකු විසින්, එම තරුණියන්ට ප්‍රතිකාර කරනු ලබන මානසික විශේෂඥ වෛද්‍ය සිවසුබ්‍රමනියම් සිවදාස් මහතා සමග කල සාකච්ඡාවකදී ඔහු එම කාරණය පැහැදිලි කළේය.

චන්ද්‍රසිරි බණ්ඩාර බූරුවෙකු සමග බැනගනී, Astrologer Mr. Chandrasiri Bandara gets angry In Radio Programme.

2012දී ලෝක විනාශයක් සිදු නොවන බවත් සත්‍ය වශයෙන්ම සිදුවනු ඇත්තේ ලබන වසරේ එනම් 2013 දී පිටසක්වල ආක්‍රමණයක් බවත් කියන ප්‍රකට ජ්‍යොතිෂ්‍යවේදී චන්ද්‍රසිරි බණ්ඩාර ඊයේ ගුවන් විදුලි වැඩසටහනකට එක්වෙමින් අසන්නෙකු සමග වාදයකට පැටලූණා.
2013දී එවැන්නක් විය හැකි යයි පිළිගන්නට නොහැකි බවට නිහාල් නමැති අසන්නා සෘජුවම ප්‍රකාශ කළ විට කෝපාවිශ්ඨවූ චන්ද්‍රසිරි මහතා ඔහුට සජීවී වැඩසටහනේදී ප්‍රසිද්ධියේ බැණ වැදුනේ බූරුවෙකු යයි කියමිනි.


දෝෂාභියෝගය 'බයිට් එකට' ගන්න එපා - Srinath Perera

හවසට බොන ගමන් බයිට් එකට දෝෂාභියෝගය ගැන කතා කරමින් නොසිට සක‍්‍රිය විරෝධතාවයකට එක්වන්නැයි, මහජන පෙත්සමට අත්සන් ගනිමින් ජනාධිපති නීතිඥ ශ‍්‍රීනාත් පෙරේරා මහතා පැවසිය.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය වහා ඉල්ලා අස්කරගන්නා ලෙස ඉල්ලන මහජන පෙත්සමකට අත්සන් ගැනීම ඊයේ (19) කොළඹ කොටුවේ දුම්රිය පොළ අසලින් ආරම්භ විය. මෙය සංවිධානය කරන ලද්දේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය විසිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ ශ‍්‍රීනාත් පෙරේරා මහතා මෙසේද පැවසිය.

ලෝකයේ හයෙන් එකකට ආගමක් නෑ - One in six worldwide has no religion

ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් ආගම් වලින් පසු වැඩිපුරම ඇත්තේ ආගමක් නැති අය වන අතර ඔවුන් ලෝක ජනගහනයෙන් 16% ක් පමණ වේ.

ආගමික හා මහජන ජීවිතය පිලිබඳ PEW ආයතනයේ වාර්තාවක් අනුව ජනගහණයෙන් බිලියන 2.2 ක් (32%) ක‍්‍රිස්තියානිද බිලියන 1.6ක් (23%) මුස්ලිම්ද බිලියන 1.1 ක් (16%)ක් ආගමක් නැති අයද බිලියන 1ක් (15%) හින්දුද, බෞද්ධ ද මිලියන 500 (7%)ක්, යුදෙවු මිලියන 14 (0.2%)ද වෙති.

රත්මලාන ගොළුමඩමේ ත්‍රිත්ව ඝාතකයා සල්ලාලයෙක් !

රත්මලාන ගොළුමඩම හන්දිය අසල නිවසක්‌ තුළ වේල්ස්‌ කුමරි විද්‍යාලයේ ගුරුවරිය සහ තුන් හැවිරිදි දරුවා ඝාතනය කර පුළුස්‌සා දමා ඇත්තේ මියගිය ගුරුවරියගේ සැමියා බවත්, ඔහුට පුත්තලම ප්‍රදේශයේ තරුණියක සමග අනියම් ඇසුරක්‌ පැවැති බවත්, නිතරම සම්භාහන මධ්‍යස්‌ථානවල පහස ලැබූ අයකු බවත් පොලිස් ප්‍රශ්න කිරීමේදී හෙළිවී තිබේ.මෙම ඝාතනයට අදාළ සියලු කරුණු ගල්කිස්‌ස පොලිසිය විසින් ඊයේ (19 ) අනාවරණය කරගෙන තිබේ.

රත්මලානේදී බිරිය සහ දරුවන් දෙදෙනා මරා දැමීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇඟලුම් සමාගම් සහකාර කළමනාකරු මාසයක් තිස්සේ එම ඝාතනය සැලසුම් කර ඇතැයි එම ‍පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත.

ධම්මදින්න හිමි කියන්නේ බොරු, හමුවූයේ දිවාගුවාව නෙමෙයි

ශ‍්‍රී පාදස්ථානයෙන් හමුවු ලෙන දිවාගුහාව හෙවත් භගවාලෙන ලෙස තහවුරු කිරීමට පුරාවිද්‍යාත්මක සාක්‍ෂි මෙතෙක් හමුවී නැතැයි පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසයි.

කොළඹ ඊයේ පස්වරුවේ පැවැත්වු මාධ්‍ය හමුවක දී දිසානායක මහතා කියා සිටියේ, ශ‍්‍රී පාදස්ථානාධිපති හිමියන් සහ වෙනත් පාර්ශ්වයන් ඒ සම්බන්ධයෙන් පළකරන මතයන් සාවද්‍ය බවයි.

ශ‍්‍රී පාදස්ථානයෙන් සොයා ගෙන ඇති මෙම ලෙන මීට පෙර අවස්ථා කිහිපයක දීද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් නිරික්‍ෂණය කර ඇති බව ආචාර්ය සෙනරත් දිසානායක මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

බිය නොවන්න ! හිරු නොපෙනෙන්නේ වලාකුළු නිසයි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

මේ දිනවල දහවල් කාලයේ හිරු නොමැති අඳුරු කාලගුණික තත්ත්වයක් දක්නට ලැබෙනුයේ අහස වැහි වලාකුළුවලින් බරව පැවැතීම නිසා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
වැසි පවතින කාලයට මෙසේවීම සාමාන්‍ය සංසිද්ධියක් වන අතර ජනතාව අනියත බියක් ඇතිකර ගත නොයුතු බවත් හිරු නැඟීම ප්‍රමාද වනුයේත් වැසි වලාකුළු පැවැතීම නිසා බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කීය.

Gossip Lanka Hot News Previous News Archive