ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී විජයදාස රාජපක්ෂ මහතාගේ නාවල -විජයබා මාවතේ පිහිටි නිවසට අද (20) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාවේදී, එම නිවසේ සිටි ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා මහතා සහ එම සන්ධනයේ පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත කැටගොඩ මහතාත්, ජවිපෙ මන්ත්රී අනුර කුමාර දිසානායක මහතාත් නැගිට ගියේය.
විජයදාස රාජපක්ෂ මහතාගේ නිවසට අද උදැසන එල්ලවී ඇති වෙඩි ප්රහාරය පිලිබදව වාර්තාවීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් විපරම් කිරීම සදහා එම පිරිස පැමිණියහ.






