රවුෆ් හකීම් නීති විද්‍යාලය මුස්ලිම්කරණය කරලා

රවුෆ් හකීම් මහතා අධිකරණ ඇමැතිවරයා වශයෙන් පත්වූ පසු 2011 හා 2012 නීති විද්‍යාල ප්‍රවේශ විභාගයෙන් සමත් වන මුස්‌ලිම් ශිෂ්‍ය සංඛ්‍යාවේ අසාමාන්‍ය වැඩිවීමක්‌ සිදුවී ඇතැයි ජාතික විද්වත් සභාවේ සාමාජික නීතිඥ යලිත් විමලසුරේන්ද්‍ර මහතා පැවැසීය.
කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සම්මන්ත්‍රණ ශාලාවේදී ජාතික විද්වත් සභාව පෙරේදා (19 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බැව් කියා සිටියේය.
ඒ මහතා මෙසේද ප්‍රකාශ කළේය.
නීතියේ න්‍යායන් අතර තිබෙනව කොතැන හෝ අයුක්‌තියක්‌ තිබේ නම් සමස්‌ථයම අයුක්‌තියට ලක්‌වන බව. අප දක්‌වන්නේ මුස්‌ලිම් විරෝධයක්‌ නොවේ. විභාගයෙන් සමත් වූ සියලු දෙනා සිංහල වුණා නම් එයත් වැරදියි.

අලුත්කඩේ ගසක් උඩ උපවාසයේ !

ගෝල්ඩන් කී නඩුව සාධාරණ හා යුක්ති සහගත ලෙස විභාග නො වන බව ද; ඊට අදාළ විනිශ්චයක් ලබාදීම දිගින් - දිගට ම ප්‍රමාද කරන බව ද කියන ගෝල්ඩන් කී තැන්පත්කරුවෙක් ඊයේ අලුත්කඩේ උසාවි සංකීර්ණය ඉදිරිපිට විශාල ගසක මුදුනට නැඟ උපවාසයක් ආරම්භ කර තිබේ.

රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සමන්ත ශාන්ත කුමාර නම් මේ තැන්පත්කරුවා ගෝල්ඩන් කී ආයතනයෙහි රුපියල් ලක්‍ෂ තුන්සිය පහකට අධික මුදලක් තැන්පත් කර ඇති අතර තමාට මුදලත් - ජීවිතයත් දෙක ම අහිමිවෙමින් පවතින බැවින් ඊට වගකිවයුතු වත්මන් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට අභියෝග කරමින්; හැකි නම් නීතියට අනුකූලව ගෝල්ඩන් කී තැන්පතුකරුවන්ට සාධාරණය ඉටුකර දෙන්නැ’යි ප්‍රකාශ කර සිටී.

උපවාසකරුවා රැඳී සිටින ගස වටා රොක් වූ තවත් තැන්පත්කරුවෝ පිරිසක් අගවිනිසුරුතුමියට හා ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහි ව විරෝධතා දක්වමින් සිටිති.

අඳුරු ධූම කේතුවක්‌ පෘථිවිය වෙත ඇදී ඒමේ ඉඩක්‌ !

පෘථිවිය වෙත අඳුරු ධූම කේතුවක්‌ ඇදී ඒමට ඉඩ ඇති බව මහාචාර්ය බෙල් චර්නල් මහත්මිය කියා සිටී.මේ අඳුරු ධූම කේතුව හඳුනා ගැනීම දුෂ්කර බවත් එහි විශාල වශයෙන් දූවිලි පිරී ඇති බවත් ඇය සඳහන් කරයි. මෙම අඳුරු ධූම කේතුව පෘථිවිය සමග ගැටුණොත් දූවිලි වළාවක්‌ වායුගෝලයට එක්‌වී බිලියන ගණනාවක්‌ ජනතාව දුෂ්කරතාවන්ට පත්වන බව ඇය අනතුරු අඟවා සිටී.මේ අතර ආචාර්ය ඩෙට්‌ රොකරි පවසන්නේ සුපිරි ගිනිකන්දක්‌ පිපිරී එහි දූවිලි වළාවන් වායුගෝලයට එක්‌වී පෘථිවියට අහිතකර තත්ත්වයක්‌ ඇතිකරන බවයි.

'විශ්ව භීතිකා' රෝගය ලොව පුරා පැතිරිලා - Dr. Chandana Jayaratne

අද ලෝක විනාශය ගැන විද්‍යාත්මක සාක්‍ෂි නෑ

මෙරට වේලාවෙන් අද (21 වැනිදා) පස්‌වරු 4.41 ට සිදුවෙතැයි පැවසෙන ලෝක විනාශයක්‌ පිළිබඳව කිසිදු විද්‍යාත්මක සාක්‍ෂියක්‌ නොමැති බව අවධාරණය කරන කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා ඒ පිළිබඳ කිසිදු බියක්‌ හෝ සැකයක්‌ ඇති කර නොගන්නා ලෙස ජනතාවට දන්වා සිටී. මේ පිළිබඳ මාධ්‍ය මගින් නිරන්තරයෙන් ප්‍රචාරය වීම නිසා කොස්‌මොෆොaභියා (විශ්ව භීතිකාව) නමැති රෝගය ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින බවත් හෙතෙම පැවසීය. නාසා ආයතනය, ලොව පුරා සිටින විද්‍යාඥයන් සහ ඇමරිකානු රජය ඒ පිළිබඳව විද්‍යාත්මකව තහවුරු කර ඇති බවත්, මායාවරුන්ගේ වත්මන් නායකයා ද එවැනි විනාශයක්‌ සිදු නොවන බව අවධාරණය කර ඇති බවත් චන්දන ජයරත්න මහතා පැවසීය.

දකුණු කොරියාවට ජනපතිනියක්

දකුණු කොරියානු ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තාවක ජනාධිපතිධුරයට පත්ව තබේ.පාර්ක් ග්වේන් හයි මෙලෙස ජය හිමි කර ගත්තේ, ප්‍රතිවාදී අපේක්ෂක මූන් ජේ බන් පරාජය භාර ගැනීමත් සමඟය.පාලක සේනුරු පක්ෂයේ අපේක්ෂිකාව ලෙස පාර්ක් ග්වේන් හයි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූවාය.

මේ දක්වා ගණනය කළ ඡන්ද ප්‍රමාණය අනුව ඇයට ජනාධිපතිවරණ ජය හිමිව ඇති අතර විදෙස් වාර්තා පැවසූවේ, තවමත් ඡන්ද ගණන් කිරීමේ කටයුතු ක්‍රියාත්මක බවය.
ගණනය කළ ඡන්ද ප්‍රමාණය අනුව පාර්ක් ග්වේන් හයිට 50.1% ප්‍රතිශතයක් හිමව තිබේ.

කුණුහරප කී ‘මයිනා‘ නිවාස අඩස්සියට

චීනයේ වුහාන් ප්‍රාන්තයේ පිහිටි ජියුෆෙන්ග් සතුන් වත්තේ ‘අශෝබන ලෙස හැසිරුණු‘ මයිනෙකු නිවාස අඩස්සියට පත් කිරීමට සතුන් වත්තේ සේවකයන් පියවර ගෙන තිබේ.
මයිනන් සතු අනුකරණය කිරීමේ හැකියාව ප්‍රයෝජනයට ගෙන ඇති සතුන් වත්තේ සේවකයන් මේ මයිනාට සතුන් වත්තට ඇතුල් වන සංචාරකයන් පිළිගැනීමට ‘සුභ දවසක්‘ ‘සාදරයෙන් පිළිගනිමු‘ වැනි වදන් දෙඩීමට පුහුණු කර තිබුණි.අනතුරුව සිය රාජකාරිය ඉටු කිරීම සදහා මයිනා සිය සගයන් සමග කූඩු කර තිබුණේ සතුන් වත්තට ඇතුල් වන දොරටුව අසලය.
දිනෙක සතුන් වත්තට ඇතුල් වන සංචාරකයන් පිළිගැනීමේ යෙදී සිටි මේ දොරටුපාලකයා එක්වරම සංචාරකයන් ඇසැබි වදනින් ඇමතීමට පටන් ගත්තේ සියල්ලන් පුදුමයට පත් කරවමිනි.

13 අහෝසි කරන්නට දඟලන ගුණදාස අමරසේකර උපන් ගමට ශත පහක උදව්වක් කරලා නැහැ.

ගුණදාස අමරසේකර සූරීන් පළාත් සභා ක‍්‍රමය දැඩි ලෙස විවේචනය කොට තියෙනවා. බඩගෝස්තරවාදී අධම පිරිසක් බවට තමයි පළාත් සභාවේ මැති ඇමැතිවරුන් හඳුන්වා දීලා තියෙන්නේ. අපේ ගම් පළාතේ ඉපදුණු මේ දේශහිතෛෂියා ගමේ පෙර පාසලකට ශත පහක්වත් දීලා නැහැ. ගමේ අය දැකලාවත් නැහැ.

දකුණු පළාත් සභාවේ එ.ජා.ප. මන්තී‍්‍ර විජේපාල හෙට්ටිආරච්චි මහතා එසේ පැවසුවේ දකුණු පළාත් සභාවේ 2013 සඳහා වූ මුදල් ප‍්‍රකාශය පිළිබඳ විවාදය ආරම්භ කරමිනි.

මම කටුගේ හොරකම කලේ හොඳට රාහු කාලය බලලා - කන්ගැට්ටා

කොළඹ ජාතික කෞතුකාගාරය කොල්ලකෑමේ සිද්ධිය පිළිබඳව රඳවා ගැනීමේ නියෝග මත ප‍්‍රශ්න කරමින් සිටින ‘කන්ගැට්ටා’ විසින් කෞතුකාගාර සිද්ධිය පිළිබඳ අපූරු තොරතුරක් පවසා ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසති.

ඒ කෞතුකාගාර සොරකම සිදු කිරීමට පෙර මා සන්තකයේ තිබූ ලිතකින් රාහු කාලය සහ සුබ කාලය බැලූ සිද්ධියකි. එනම් සොරකම සිදු කිරීම සඳහා තමා ලිතෙන් රාහු කාලය බලා රාහු කාලය පන්නා කෞතුකාගාරයට ඇතුළු වූ බවත් ඉන් පසුව නැවතත් රාහු කාලය පන්නා කෞතුකාගාරයෙන් පිටව ගිය බවත් සැකකරු පවසා ඇති බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.

Gossip Lanka Hot News Previous News Archive