විභාගෙට කලින් විද්‍යාව ගණිතය ප්‍රශ්න පත්‍ර රුපියල් 8000 ට විකුණලා ලූ - O/L 2012 Paper Leak Issue

සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව 1 සහ ගණිතය 1 ප්‍රශ්න පත්‍රවලට සමාන ප්‍රශ්නපත්‍ර විභාගයට පෙර රුපියල් අටදහසක්‌ බැගින් අයකර වේයන්ගොඩ ප්‍රදේශයේ අලෙවි කර තිබේ. විද්‍යාව ප්‍රශ්න පත්‍රය වෙනමත් ගණිතය ප්‍රශ්න පත්‍රය වෙනමත් මෙලෙස අලෙවි කර ඇත.

පසුගිය 16 වැනිදා විද්‍යාව ප්‍රශ්න පත්‍රයට අදාළ විභාගයට පෙර විද්‍යාව ප්‍රශ්න පත්‍රය ද එදිනම සවස 17 වැනිදාට නියමිතව තිබූ ගණිතය ප්‍රශ්න පත්‍රයද අලෙවි කර ඇත්තේ ගෙන් ගෙට යමිනි.

ලෝක විනාශයෙන් ගැලවීමට පිටසක්වල යානයක්.

අද, 2012 වසරේ දෙසැම්බර් 21 වැනිදා ලෝක විනාශය සිදුවන බවට විශ්වාස කරන ලොව පුරා ජනතාව ඒ සඳහා විවිධාකාරයෙන් සූදානම් වන බව විදෙස් වාර්තා සඳහන් කළා. සැබැවින්ම මෙම ලෝක විනාශය යනු ඵෙතිහාසික මායා ශිෂ්ඨාචාරයේ දීර්ඝ දින දර්ශනයේ නිමාවයි. එය වසර 5000 කින් අවසන් වන ලෙස සකස් කරනු ලැබූවක්. කෙසේ නමුත්, විද්‍යාත්මක සාධක අනුව තහවුරු කර ඇත්තේ අද (21) එවැනි ලෝක විනාශයක් සිදුනොවන බවයි.

මායා ශිෂ්ඨාචාරයේ නටඹුන් පවතින මෙක්සිකෝව ඇතුළු ලතින් ඇමරිකානු රටවලට ලෝක විනාශය අදහන්නන් රැසක් දැනටමක් රොක් වී සිටිනවා. ඒ, මායාවරුන්ගේම නව දින දර්ශනය හමුවීමෙන් පසු අද දින එලෙස ලෝක විනාශයක් සිද්ධ නොවන බව තහවුරු වී තිබියදීයි. මායාවරුන්ගේ නව දින දර්ශනයේ උදාව අද (21) සිදුවන බව ඇතමුන්ගේ අදහසයි. මායාවරුන්ගේ නටඹුන් පවතින මෙක්සිකෝවේ චිචෙන් ඉට්සා ආසන්නයේ පිහිටි මෙරීඩා නුවරට ලෝක විනාශය අදහන්නන් සිය දහස් ගණනක් රැස්ව සිටින බව සඳහන්. එමෙන්ම, ලෝක විනාශයෙන් ගැලවීමට හැකි යැයි විශ්වාස කරන ශුද්ධ ප‍්‍රදේශවලට රැස්වන ජනතාවද දැකගත හැකියි. තුර්කියේ සිරින්සේ නගරය එවැනි එක් ස්ථානයක්.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභිකයින්ට අභියාචනාධිකරණයෙන් නොතීසි

අගවිනිසුරුවරියට එරෙහිව චෝදනා විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයින්ට අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

ඒ අනුව අදාළ නඩුවේ වගඋත්තරකරුවන් වන කතානායක චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මහලේකම් සමග පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සියලුදෙනාට ජනවාරි මස 3 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (21) අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබේ.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කළ පෙත්සම පිළිබඳ තීරණය අද ප්‍රකාශයට පත් කරමින් අධිකරණය විසින් මෙසේ නොතීසි නිකුත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කරයි.

" Miss Universe 2012 " විශ්ව රූ රැජින කිරුළ ඇමෙරිකාවට

වසර 15 කට පසු ප‍්‍රථම වතාවට විශ්ව රූ රැජින කිරුළ ඇමෙරිකාවට හිමිවී තිබේ.


ලංකාව නියෝජනය කරමින් Subrina Herft සහභාගීවූ, ඇමෙරිකාවේ ලාස් වේගාස් පැවති 2012 විශ්ව රූ රැජින අවසන් තරගයේදී තරගකාරියන් 88 දෙනෙකු පරදවා ජයග‍්‍රහණය හිමිකරගැනීමට 20 හැවිරිදි ඔලිවියා කල්පෝ ඊයේ සමත්ව වූවාය.

මෙවර විශ්ව රූ රැජින අවසන් තරගයේ දෙවන ස්ථානය පිලිපීනයටත්, තුන් වන ස්ථානය වෙනිසියුලාවටත් හිමිවිය.

පසුගිය වසරේ විශ්ව රූ රැජින වූ ඇන්ගෝලාවේ ලෙයිලා ලෝපෙස් විසින් ඔලිවියා හට කිරුළු පළඳවනු ලැබිණි.

දහස් ගණනක් මයාවරුන්ගේ දේශයට රැස්වෙති - The Mayan 2012 apocalypse

නව යුගයක එළැඹුමේ අත්දැකීම විද ගැනීම සඳහා විවිධ ක්ෂේත්‍රයන්හි ගවේෂකයින් දහස් ගණනක් මේ වන විට මායාවරුන්ගේ දේශයට රැස්ව සිටිති.මිත්‍යා මත දරන්නන් නවමු අත්දැකීම් සොයන්නන් මෙන්ම සංචරකයින් මෙක්සිකෝවේ චිචික් ඉට්සාහි ශුද්ධ වූ ස්මාරක අසලට රැස්ව සිටින්නන් අතර වන බව රොයිටර් වාර්තා කළේය.බොහෝ දෙනෙකු රැස්ව සිටින්නේ, මායාන්වරුන් කුකුල්කන් නමින් දේවත්වයෙන් සලකන තැනැත්තා වෙනුවෙන් ඉදිකරන ලද පිරමීඩය වෙතටය.මායාවරුන්ගේ දින දර්ශනය අනුව අද දිනය යුගයක අවසානය සටහන් කරන්නකි.

පිතු සෙනෙහේ දෙතැනක වල දැමූ පුත්‍රයෙක්

ගාල්ල යක්කලමුල්ල ප‍්‍රදේශයේදී මීට වසර 19කට පෙර අභිරහස් ලෙස ඝාතනය කළ පියකුගේ මරණය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ විමර්ශන අංශය විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර, ඝාතනයට සැකපිට ඔහුගේ පුත‍්‍රයකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ යක්කලමුල්ල ප‍්‍රදේශයේ පදිංචි බණ්ඩාමිගොඩ සිරිසේන හෙවත් පොඩි අප්පුහාමි නමැති 72 හැවිරිදි පුද්ගලයෙකි.

පලමු සමලිංගික බයිබලය නිකුත් වේ-The World’s first “Gay Bible”

සමලිංගිකත්වය පිලිබඳව බයිබලයේ ඇති අපැහැදිලි තැන් නිවැරදිව පරිවර්තනය කරමින් පලමු සමලිංගික බයිබලය වන ‘ජේම්ස් රැජිණ ගේ බයිබලය නිකුත් වී ඇත. එහි අන්තර්ජාල විස්තරයේ දැක්වෙන්නේ ‘‘ඔබට ඔබේ ලිංගිකත්වය තෝරා ගත නොහැකි මුත් දෙවියන් වහන්සේ තෝරා ගත හැකිය.

දැන් ඔබට බයිබලයද තෝරා ගත හැකිය’’ යනුවෙනි. ප‍්‍රසිද්ධ ද්වී ලිංගිකයෙක් ලෙස සලකා ඇති ජේම්ස් රජු ගේ නමින් මෙය නම්කර ඇත. 1946 වෙළුමට පෙර බයිබල වල සමලිංගිකත්වය පිලිබඳ අදහසක් නැති අතර ඇඟවීම් පමණක් අන්තර්ගතය. දහස් ගණනක් වන බයිබලයේ ෙඡ්ද අතරින් 8ක පමණක් සමලිංගිකත්වය පවක් ලෙස දක්වා ඇත.

එජාප මන්ත්‍රීවරුන්ගේ කටවල් බැද ‘රනිල්’ රට යයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (21) පෞද්ගලික සංචාරයක් සඳහා මහා බ්‍රිතාන්‍ය බලා පිටත්ව යයි

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී අනුගමනය කල යුතු පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කරමින්, කිසිදු ලෙසකින් එකී සිමාවෙන් බැහැරව කටයුතු නොකරන ලෙස අවධාරණය කරමින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් වෙත චක්‍රලේඛනයක් නිකුත් කර ඇත.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා සහ තමා නත්තල් නිවාඩුව සදහා විදේශගත වන බැවින්, එම කාල සීමාව තුල දෝශාභියෝග ක්‍රියාවලිය සම්බන්ධයෙන් එජාපය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කිරීමේ බලය පවරා ඇත්තේ, පක්ෂ ලේකම්වරයට හා තේරීම් කමිටුවේ සාමාජිකයකුව සිටි ලක්ෂ්මන් කිරිඇල්ලේ මහතාට පමණක් බවද එම චක්‍රලේඛනයේ සදහන්වේ.

Gossip Lanka Hot News Previous News Archive