රතු, කහ සහ මත්ස්‍ය වැසි ගැන අනාවරණයක් - The red, yellow and fish rain

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ රතු, කහ සහ මත්ස්‍ය වැසි පතිත වීම පිළිබඳව අධ්‍යයනය කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.එහි අධ්‍යක්ෂ ජනරාල් එස්.එච්.කාරියවසම් මහතා පැවසුවේ එම වැසි වාර්තා වූ දිනවල පැවැති සුළං තත්ත්වය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරන බවය.

රතු වැස්ස පැවැති කාලසීමාව තුල සුළං පැමිණියේ ඉන්දියාව දෙසින් බවට කළ අධ්‍යයනයේදී අනාවරණ වී ඇතැයි ඔහු සඳහන් කළේය.මසුන් සහිත වැසි ඇතිවීමට ටොනේඩෝ සංසිද්ධිය හේතු වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එච්.කාරියවසම් මහතා සඳහන් කළේය.

ශී‍්‍ර ලංකා මර්වින් පොලිසිය !

‘කැළණිය, පෑලියගොඩ, කිරිබත්ගොඩ තියෙන්නේ ශී‍්‍ර ලංකා පොලිසිය නෙවෙයි. මර්වින් පොලිසිය. අපි මොනයම් පැමිණිල්ලක් දැම්මත් කිසිම වගවිභාගයක් නැහැ. මර්වින් හිතවතුන් බොරු පැමිණිල්ලක් දැම්මත් අපිව උස්සන් යන්න ප‍්‍රමාද නොවීම පොලිසිය එනවා.’

මෙසේ පවසන්නේ කැලණිය ප‍්‍ර‍්‍රාදේශිය සභාවේ චමිල් දුමින්ද පෙරේරා මහතාය.

ඒ මහතා එසේ පැවසුවේ කැලණිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති ප‍්‍රසන්න රණවිරු මහතා කාන්තාවකට පහරදුන්නේ යැයි උද්ගත වී ඇති සිද්ධියක් සම්බන්ධයෙන් සභාපති හිතවතුන් සහ කැලණිය ප‍්‍රාදේශීය සභා සේවක පිරිස් පසුගියදා කළ උද්ඝෝෂණ අවස්ථාවේ දී ය.

පිටවූ ප්‍රශ්නවලට යළි විභාග නෑ - O/L 2012 Paper Leak

පිටවූ ප්‍රශ්න 19ටම සියලුම සිසුන්ට ලකුණු

අධ්‍යයන ‍පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බව තහවුරු වී ඇතත්, නැවත වරක් විභාගය නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත. පුද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් විසින් විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දහ නවයක් සම්මන්ත්‍රණයකදී දී ඇති අතර එම ප්‍රශ්න සඳහා සියලුම සිසුන්ට ලකුණු දීමට අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව ලකුණු දහ නමයක් සිසුන්ට හිමිවේ.
මේ ආකාරයට සියලුම සිසුන්ට ලකුණු දීම නිසා නැවත වරක් විභාගය නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
විද්‍යාව ප්‍රශ්නපත්‍රය සඳහා ලකුණු දහනමයක් ලැබිම නිසා මෙවර විභාගයේදී විද්‍යාව විෂය සමත්වීමේ ප්‍රතිශතයද ඉහළ යනු ඇත.

තිස්‌ස වැවේ කඳුළු කතාව -Tissa wewa Boat tragedy

10 ක්‌ ගමන් කළ හැකි බෝට්‌ටුවේ 22 ක්‌ ගිහින් 
ජීවිතාරක්‍ෂක කබා 9 ක්‌ තිබුණත් කිසිවකු ඒවා පැළැඳ නෑ 
07 දෙනකුට මරු කැඳවූ තිස්‌සමහාරාම බෝට්‌ටු අනතුරට හේතු වී ඇත්තේ දස දෙනකුට පමණක්‌ ගමන් කළ හැකි බෝට්‌ටුවේ ඉතාම අනාරක්‍ෂිත ආකාරයට අධික බීමතින් පුද්ගලයන් 22 දෙනකු ගමන් කිරීම බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

මෙම බෝට්‌ටුවේ ජීවිත ආරක්‍ෂක කබා 09 ක්‌ තිබූ නමුත් එහි ගමන් කළ කිසිවකු ඒවා පැළඳ නොසිටි බවද හෙළිවී තිබේ. මේ අතර බෝට්‌ටුව පැදවූ පුද්ගලයාද අධික ලෙස බීමත්ව ඉතාම නොසැලකිලිමත් ආකාරයට බෝට්‌ටුව පදවා ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.ඒ අනුව ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැව් රැසක් වාන් දැමිම හේතුවෙන් ඒ අවට ප්‍රදේශ ජලයෙන් යටවේ.

අධික වර්ෂාව සහ ඇල මාර්ග පිටාර ගැලීම හේතුවෙන් අනුරාධපුරය හොරොව්පතාන නගරය ජලයෙන් යටවී තිබේ.අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ වැව් 12 කට හානි සිදුව තිබේ.හොරොව්පතාන ප්‍රදේශීය ලේකම් ඩී.එම් ශාන්ත දසනායක මහතා පැවසුවේ,අද උදෑසන සිට වරින් වර එම වැව්වලට හානි සිදුව ඇති බවය.අනුරාධපුරයේ ප්‍රධාන වැව් රැසක්ම මේ වනවිට වාන් දමමින් පවතී. නුවර වැවේ වාන් දොරටු 6ක් මේ වනවිට විවෘත කර ඇත. කලත්තෑව වැව වාන් දැමීම හේතුවෙන් කලත්තෑව ගම්මානය ද ජලයෙන් යටවිය.

මම ගණිකා මඩමක මැඩම් කෙනෙක් - Chat With Dulika Marapana

  රංගනයට ඇය කෙතරම් දක්ෂද යන වග අතිශයෝක්තියකින් ප‍්‍රකාශ කළ යුතු නැත. රංගනයට කෙතරම් හපනියක්ද යන්න, දුලීකා සිය රංග කෞෂල්‍ය වෙතින් අපූරුවට ප‍්‍රකාශ කොට ඇති ශිල්පිණියකි. සිනමාව, රූපවාහිනිය, වේදිකාව යන ඕනෑම අංශයකට සුදුසු රංග හැඩතල ඇය සතුවීම, ඇයගේ රංගන වින්‍යාශය වෙතින් දැකගත හැකි විශේෂත්වයයි. සමාජ විද්‍යා අංශයේ උපාධිධාරිණියක වන දුලීකා මාරපන යනු නිකම්ම නිළියක යන මාතෘකාවෙන් ඔබ්බට ගිය රංගනයේ වින්දනය පේ‍්‍රක්ෂකයින්ට ලබාදුන් රංගන ශිල්පිණියකි.

ශ්‍රී ලංකාවේ නව ගබ්සා ප්‍රවණතාවන් - Abortion Trends in Sri Lanka

"ලෝකයේ සිදු වන ගබ්සා මරණවලින් හරි අඩක්‌ සිදු වන්නේ ආසියාවේ" විශේෂඥ වෛද්‍ය මංගල දිසානායක


ලොව පුරා සැම විනාඩියක දී ම කාන්තාවන් 380ක්‌ ගර්භණී තත්ත්වයට පත් වනවා. එම කාන්තාවන් ගෙන් 190ක්‌ අනපේක්‍ෂිත හෝ සැලසුම් නො කළ හෝ ගර්භණීභාවයකට මුහුණ දෙනවා. එසේ ම එම කාන්තාවන් ගෙන් 110කට ගර්භණිභාවය හා සම්බන්ධ සංකූලතා ඇති වෙනවා. මෙයින් කාන්තාවන් 40 දෙනෙක්‌ අනාරක්‍ෂිත ගබ්සා කරගැනීම්වලට යොමු වෙනවා.

මෙයින් එක කාන්තාවක්‌ ගර්භණි භාවය නිසා ඇති වන සංකූලතාවලින් මරණයට පත් වෙනවා" යනුවෙන් අවිස්‌සාවේල්ල මහ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ මංගල දිසානායක මහතා පැවසී ය. පසුගිය දා ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් පවත්වන ලද මාධ්‍ය හමුවක දී තවදුරටත් අදහස්‌ දැක්‌වූ වෛද්‍ය දිසානායක මහතා, "ගබ්සාව කොටස්‌ දෙකකට වෙන් කරන්න පුළුවන්.

දඹුල්ලට රතු,කහ සහ සුදු වැසි සමග මාළු ! Colourful Rain in Dambulla

දඹුල්ලේ පළාත් කිහිපයකට අද (23) උදේ 10 සිට 10.30 පමණ දක්වා කහ සහ රතු වැසි සමග මාලු වැස්සක් ද ඇද වැටී ඇත. දඹුල්ල, ඇඹුල්අඹේ සහ කළුන්දෑව ප්‍රදේශවලට මුලින්ම සුදු වැස්සක් වැටී ඇත.


 ගෙවල් ඉදිරිපිට වැසි ජලය එකතු කරන්නට තබා ඇති භාජනවලට එකතු වන ජලය මොහොතකින් කහ පැහැයට හැරී ඇත. දඹුල්ල, පන්නම්පිටියට ඇද හැලී ඇත්තේ රතු වැස්සකි.

ඒ ආසන්නයේ පිහිටි නාවුල, නිකුල නැමැති පළාතට ජීවි මසුන් වැස්සක් ඇද වැටී තිබේ. රසායනික අවි පිළිබඳ ජාතික අධිකාරිය රටේ තැනින් තැනට ඇද වැටෙන මෙබඳු වැසි ගැන පුළුල් පරීක්ෂණයක් පවත්වන්නට තීරණය කර ඇත.




Gossip Lanka Hot News Previous News Archive