රෝහලට ආ තරුණයා ස්ත්‍රීයක් ලු !

වස පානය කොට හලාවත මහරෝහලට ඇතුළත් කළ විවාහක තරුණයකු යෑයි කියන අයකු රෝහලේ දැඩිසත්කාර ඒකකයේදී තරුණියක වීම නිසා පෙරේදා (24 දා) හලාවත මහරෝහලේ කාර්ය මණ්‌ඩලය මහත් අපහසුතාවකට පත්වූහ.

තම නීත්‍යනුකූල සැමියා වස පානය කළ බව පවසමින් පැමිණි තරුණියක අසාධ්‍ය තත්ත්වයෙන් සිටි සැමියා රෝහලට ඇතුළත් කොට ඇත. වෛද්‍යවරුන් විසින් රෝගියා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ අතර මුත්‍රා පිට නොවීම නිසා සාත්තු සේවකයකු ඔහුට මුත්‍රා බටය සවිකිරීමට යැමේදී රෝගියා පිරිමියකු නොව තරුණියක බවට අනාවරණය කරගෙන ඇත.

පාකිස්ථානයට තියුණු ජයක්

ඉන්දියාව සමග පැවති පළමු 20යි 20 තරගයෙන් පාකිස්ථානයට කඩුලු 5ක තියුණු ජයක් හිමිවිය.බැංගලෝරිහිදී පැවති තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීම සදහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව ඉන්දියාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 133ක් පමණි.
පළමු කඩුල්ල වෙනුවෙන් ගව්තම් ගාම්භීර් සහ අජිත්කෙයාර් රහෙන් ලකුණු 77ක සබඳතාවක් පැවැත්වුවත් ඉන්දීය මැදපෙළ පිතිකරුවන් අසාර්ථක විය.
රහේන් ලකුණු 42ක් ලබා ගත් අතර ගාම්භීර් ලබාගත් ලකුණු ගණන 43කි.

දැරියකට අතවර කළ චීවරධාරියා රිමාන්ඩ්

         බාලවයස්කාර පාසල් සිසුවියක් අපයෝජනයට ලක් කළ බවට චෝදනා ලැබ අධිකරණය හමුවට ඉදිරිපත් කළ චීවරධාරියෙකුට ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කළ අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය චීවරධාරියා ලබන වසරේ ජනවාරි මස 03 වන දින දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කරන ලෙස නියෝග කළාය. 
     රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුනේ මහකැලෑගම සුදර්ශනාරාමයේ විහාරාධිපති යැයි කියන මිහිඳුපුර සුමනානන්ද නැමැති චීවරධාරියෙකි. බරපතල ලිංගික අපයෝජනයකට ලක් වු බව කියන 15 හැවිරිදි පාසල් සිසුවිය ගලෙන්බිදුණුවැව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන තිබුණි. අධිකරණයට කරුණු දැක්වු ගලෙන්බිදුණුවැව පොලීසිය කියා සිටියේ මීට මාස 03 කට ඉහතදී විහාරස්ථානයේ දී පාසල් සිසුවිය අපයෝජනයට ලක්ව ඇති බවයි. 

පොලීසියටත් වෙඩි තබා තමාටද වෙඩි තබා ගනියි

ටී.56 ගිනි අවියක් තබාගෙන අරලංගවිල, සිරිපුර ප්‍රදේශයේ අපරාධ කරන බව කියන හමුදාවෙන් පලාගිය පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කිරීමට යාමේදී සැකකරු පොලීසියට වෙඩි තැබූ බවත් අනතුරුව ඔහුද ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවත් පොලීසිය පවසයි.

සිරිපුර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් එසේ ප්‍රශ්න කිරීමට ගොස් ඇති අතර අද පස්වරු 1.20ට පමණ එකී සිද්ධිය සිදුව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පරණ පාන්වල ජෑම්-බටර් ගෑවට වැඩක් නෑ

‘‘දේශපාලනයට අලූත් මුහුණු මෙන්ම තරුණ ජවයද අවශ්‍යයි. පරණ පාන්වලට කොයි තරම් ජෑම්, බටර් ගෑවත් ඒවා පරණ පාන්මයි. ඒ වගේම දේශපාලනයේ ජරා-ජීර්ණ වූ චරිත කොයි තරම් ආටෝප දැම්මත් නැවත ගොඩනඟන්න බෑ’’ යැයි බෙන්තර-ඇල්පිටිය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය.

ඇය මේ අදහස් පළ කළේ ඉමදුව, වවුලූගල ප‍්‍රදේශයේ පැවැති දහම් පාසල් දරුවන් වෙත පොත්පත්, පාසල් උපකරණ බෙදාදීමේ උත්සවයකදීය.

ගීතා කුමාරසිංහ මහත්මිය එහිදී මෙසේද කීවාය.

සමලිංගික පණිවිඩය නිසා ගායිකා ලේඩි ගාගාට එරහිව රුසියාවෙන් පරීක්ෂණයක් - Lady Gaga

ශාන්ත පීටර්ස්බර්ග් හි අධිකාරීන් බාලවයස් කරුවන්ට සමලිංගිකත්වය ප‍්‍රචාරණය කිරීම ගැන තවත් ප‍්‍රසිද්ධ බටහිර චරිතයකට චෝදනා කර ඇත.
දෙසැම්බර් 9 වන දා නගරයේ පැවති ප‍්‍රසංගයකදී ගායිකා ලේඩි ගාගා ගේ  ප‍්‍රකාශ ගැන සමලිංගික පණිවුඩ නීතියේ නිර්මාතෘ විටැලි මිලොනොවු ගේ චෝදනාවකට අනුව මෙම පරීක්ෂණ ඇරඹී ඇත.
මිලොනොවු ප‍්‍රකාශ කලේ මෙම ගායිකාව LGBT (සමලිංගික හා අතරමැදි ලිංග) කණ්ඩායම් වලට සහාය දෙන ලෙස බාලවයස් කරුවන්ගෙන් ඉල්ලා ඇති බවයි.

උතුරු පළාතේ ඇති වූ මහා වැසි සමග මතු වුන කොටි බෝම්බ

උතුරු පළාතට දින හතරක් පුරා ඇදහැලෙන මහ වැසි සමඟ ඇතිවූ ජල ගැලීම් හේතු කොටගෙන වවුනියාව, කල්මඩු, නොච්චිකුලම මාර්ගයට ගසා ගෙන ආ කිලෝග්‍රෑම් 15ක් පමණ බරැති පීඩන බෝම්බයක් සමඟ අත්බෝම්බ දෙකක් ඊයේ (24දා) වවුනියාව යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශය විසින් නිෂ්ක්‍රිය කරන ලදී.
වවුනියාව පොලිසිය පැවැසුවේ ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාවත් සමඟ එල්. ටී. ටී. ඊ. සංවිධානය පසුගිය යුද සමයේ සඟවා තිබූ බිම් බෝම්බ පොළොවෙන් මතු වී මෙලෙස ගසාගෙනවිත් ඇති බවයි.
ප්‍රදේශවාසීන්ගෙන් වවුනියාව කොට්ඨාස බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරකට අනුව බෝම්බ තිබූ ස්ථානය සොයා ගත් බැව් වවුනියාව පොලිසිය පැවැසීය. 

අලුත්කඩේ කළුකෝට් කලබගෑනිය දූරිභූත වේවා! - Minister Mervyn Silva

ශ්‍රී විෂ්ණු මහා දෙවි පිහිටෙන් අලුත්කඩේ කළුකෝට් කලබගෑනිය දූරිභූත වී රටටත් ජනතාවටත් සෙත සාන්තිය උදාවේවායි යැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු ඇමැති මර්වින් සිල්වා මහතා ප්‍රාර්ථනා කරයි.මර්වින් ඇමැතිවරයා මෙසේ ප්‍රාර්ථනා කළේ කැලණිය ශ්‍රී උත්පලවර්ණ විෂ්ණු දේවාලයේ තෙවැනි වාර්ෂික පෙරහර මංගල්‍යයට සමගාමීව, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආරණ්‍යවාසී සහ ග්‍රාමවාසී සංඝයා වහන්සේ පනස්නමකට අධික පිරිසක් දේවාල භූමියට වැඩමවා හීල් දානය පිරිනමමින් කළ පුණ්‍ය කටයුතු අවස්ථාවේදීය.
ඇමැතිවරයා මෙසේද පැවැසීය. මේ රටේ බුද්ධාගම ආරක්‍ෂා කිරීමට කවදත් වැඩිපුරම ක්‍රියා කෙළේ ආරණ්‍යවාසී සහ ග්‍රාමවාසී භික්‍ෂුන් වහන්සේයි. උන්වහන්සේ වැනි භික්‍ෂුන් වහන්සේ ළඟයි සැබෑම නිවනට මාර්ගය තියෙන්නේ. බෞද්ධ, හින්දු ආගමික සම්බන්ධතාවකට වසර දෙදහස් හයසියයකට වැඩි ඉතිහාසයක් තියෙනවා. මේ මහා දේවාල භූමියේ පිරිනැමෙන මහා සාංඝික දානය කා තුළත් වෛරය, කේ‍රා්ධය දුරුවී මිනිසුන් තුළ ගුණධර්ම හැඟීම් ඇතිකරන අවස්ථාවක්. ලෝභ මෝහ මිනිස් සිත්හි නැතිකර පාරමී ධර්මයන් සම්පූර්ණ කරන අවස්ථාවක්.

Gossip Lanka Hot News Previous News Archive