ජායාරූපයක් නිසා යුරෙනිගෙ හිරි ඔතප් බිඳුන ලු ! Yureni Noshika

පසුගියදා පළවුණ මවුබිම පුවත්පතේ අතිරේකයකට යුරෙනි නොෂිකාගේ ජායාරූප ගැනීමට ගිය ජායාරුප ශිල්පියෙකු ඇගේ ෆොටෝ 500ක් පමණ ගෙන එයින් වඩාත් හිරි ඔතප් බිඳෙන ජායාරූපයම පිටුවක් පුරා පළ කලැයි ඇය විසින් පුවත්පත් කාර්යාලයකට ගොස් ගෝරනාඩු කර තිබුණා.

අනතුරුව ඒ පිළිබඳ තොරතුරු හෙළිකල සාකච්ජාවකි මේ.

එහෙම ෆොටෝ එක්කට යුරෙනි පෙනී හිටියේ නෑ කියලද?
නෑ එහෙම නෙවෙයි. මම තමයි ඒ ඉන්නේ. අපේ ෆොටෝග්‍රැෆර්ස්ලා අපිට වඩා මොඩලින් දන්නවා. අපිට ෆෝස් කරන්න දෙන්නේ නෑ.

එයාලා තමයි අරහෙට හැරෙන්න මෙහෙට හැරෙන්න කියන්නේ. අපි ගොඩක් වෙලාවට කොණ්ඩය ගැනයි මේකප් ගැනයි විතරයි හිතන්නේ.ඒ තුලින් ජායාරූප ශිල්පියා පහත් මානසික මට්ටම හරහා මේ වගේ ෆොටෝස් ගන්නවා. එහෙම කකුලක් අනවශ්‍ය විදිහට පේන්වා නම් ඒක එයාට කියන්න තිබුණා. මම දන්නේ නෑ පත්තරේ බලනකල් මේ ෆොටෝ එක පලවෙලා කියලවත්. සමහරවිට පත්තරේ විකුණගන්න මාකටිං පොයින්ට් එකක් විදිහට යූස් කළාද දන්නෙත් නෑ.

සිරුරේ කොටස් දෙන්න ඉන්දියාවට ගිය ඉනෝකාගේ අභිරහස් මරණය!

ඉනෝකා දමයන්ති විඡේරත්න නමැති 36 හැවිරිදි එක දරු කාන්තාවකගෙන් වකුගඩු හා අක්‌මාව ලබා ගෙන ඇය මරා දමා ඇතැයි පැවසෙන පුවතක් කෑගල්ලෙන් වාර්තාවේ."මගේ දුවව රවට්‌ටලා, ඉන්දියාවට අරගෙන ගිහින්, වකුගඩු දෙකයි අක්‌මාවයි අරගෙන සාහසික ලෙස මරා දමලා. මළ සිරුරත් ගෙදරට එව්වා." යෑයි අභිරහස්‌ ලෙස මිය ගිය එම කාන්තාවගේ පියා වන කෑගල්ල මොළගොඩ මංගලගම පදිංචි කේ. පී. විඡේරත්න මහතා මාධ්‍ය වෙත පැවසීය.

'මැඩම්' සමග ඉන්දියාවට යනවා යෑයි තම දියණියට පවසා පසුගිය 12 වැනිදා නිවසින් පිටව ගිය ඉනෝකා දමයන්ති විඡේරත්න පසුගිය 17 වැනිදා ඇගේ දියණියට දුරකථන ඇමතුමක්‌ ලබා දුන් බවද කේ. පී. විඡේරත්න මහතා කියයි.

රත්මලාන ගොළුමඩමේ ඝාතකයාට බන්ධනාගාරයේදී පහර දී “අසූචි” කවයි.

රත්මලාන ගොලුමඩම පිහිටි සුඛෝපභෝගී නිවසකදී සිය තරුණ බිරිද හා දරු දෙදෙනා අමානුෂිකව ඝාතනය කළ සාහසික සැකකරුට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර රැදවියන් විසින් දැඩි ලෙස පහර දී අසූචි කවා ඇතැයි වාර්තා වේ. තමන්ට පහර නොදෙන ලෙසට වැඳ වැටෙමින් රැදවියන් ඉදිරියේ සැකකරු පවසා ඇති අතර "මේ වගේ අපරාද කරන්නන් නීතියෙන් ගැලවූනද රිමාන්ඩ් ගෙදර රැදවියන්ගෙන් ගැලවීමක් නැති බවය”. දැඩි ප්‍රහාරයට ලක්වූ සැකකරුට ඇවිදිය නොහැකි අතර ඔහුගේ එක් හනුවක් පුපුරාගොස් ඇති බව සැලයි.

අඩි 11ක් පමණ උසට වැවෙන ‘ස්වයංජාත’ වී පිළිබඳව පර්යේෂණ

වියළි කාලගුණික තත්ත්වයටද ඔරොත්තු දෙන, අඩි 11ක් පමණ උසට වැවෙන අසාමාන්‍ය ගති ලක්ෂණ සහිත ඉපැරණි වී වර්ගයක් පිළිබඳව පර්යේෂණයක් ආරම්භකර ඇතැයි සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යාපීඨයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත අයි. යාපා මහතා පැවැසීය.

තවම නිශ්චිතව හඳුනාගෙන නැති එම වී වර්ගයේ සාම්පලයක් මීට මාස හතරකට පමණ පෙර බෙලිහුල්ඔය පිහිටි සබරගමුව විශ්වවිද්‍යාල භූමියේ රෝපණය කර ඇති අතර මේ වනවිට එය අඩි 11ක් පමණ උසට වැවී තිබේ. දැන් එහි වී කරල් 12ක් පීදි ඇති අතර එය වැඩිදුර පර්යේෂණට ලක්කිරීමෙන් වී වර්ගය කුමක්ද? එහි වර්ධන රටාව, ‍පෝෂණීය ගුණ, පෞරාණිකභාවය සහ ජාන සංයුතිය ආදී කාරණා සොයා බැලීමට කටයුතු කරගෙන යන බවද ආචාර්ය ප්‍රියන්ත අයි. යාපා මහතා සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකට එරෙහිව නඩු පවරනවා-විජයදාස රාජපක්ෂ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රිශාන්ත ජයකොඩි මහතාට එරෙහිව නඩු පැවැරීමට සූදානම් වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

පසුගියදා ඒ මහතාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින්ද මාධ්‍යයට ප්‍රකාශ ලබාදී තිබුණි.

ඒ අනුව ප්‍රිශාන්ත ජයකොඩි මහතා මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙමින් පැවැසුවේ එම වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ලබාගෙන ඇති ප්‍රකාශවල පරස්පරතාවයක් පවතින බවයි.

සංගා ටෙස්ට් ලකුණු දසදහස පන්නයි, ශ්‍රී ලංකාවට දරුණු පසුබෑමක්

සංචාරක ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර අද (26) මෙල්බෝන්හිදි ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේදී හිටපු නායක කුමාර් සංගක්කාර ටෙස්ට් ලකුණු 10,000 සම්පූර්ණ කිරීමට සමත් විය.

ඒ අනුව ඔහු ටෙස්ට් ලකුණු දසදහස සම්පූර්ණ කල ලොව 11 වැනියා මෙන්ම ශ්‍රී ලංකාවේ දෙවැනි ක්‍රීඩකයා බවට ද පත්විය.
ලකුණු 10,000 සම්පූර්ණ කිරීමට සංගක්කාරට ලකුණු 40ක් ලබා ගත යුතුව තිබු අතර ඔහු එම ඉලක්කය සාර්ථකව ජය ගන්නා ලදී.

සංගක්කාර අද සහභාගි වන්නේ ඔහුගේ 115 වැනි ටෙස්ට් තරගය සදහාය.

දොරකුඹුර සහ තොටගමුව ප්‍රදේශ මාතලේ දිස්ත්‍රික් සිතියමෙන් මැකී යෑමේ අනතුරක්.

 මාතලේ පොළොව යට අඩි 81ක් පළල කුහරයක්.

පොළොව අභ්‍යන්තරයේ අඩි 81ක් පළල කුහර දෙකක් හටගෙන තිබීමෙන් මාතලේ ‍දොරකුඹුර සහ තොටගමුව ප්‍රදේශ මාතලේ දිස්ත්‍රික් සිතියමෙන් මැකී යෑමේ අනතුරක සේයාවක් මතුවී ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අංශය පර්යේෂණයකින් හඳුනාගෙන තිබේ. එම සංවිධානය ඉකුත්දා (23) කළ විශේෂ පර්යේෂණයකින් මේ බව හඳුනා ගැනීමෙන් පසු මාතලේ, ‍ෙදාරකුඹුර හා තොටගමුව ප්‍රදේශය ගිලා බැසීමේ අධි අවදානම් කලාපයක් ලෙස තහවුරු කරගත් බව එම පර්යේෂණ සංවිධානයේ නාය යෑම් අංශයේ ප්‍රධානී භූ විද්‍යාඥ ආර්.එම්. එස්. බණ්ඩාර මහතා කියයි.

මියගිය ඥාතියා ඡායරූපයකට ඉඳලා !

පවුලේ සාමූහිකව ගත් ඡායාරූපයකට මියගිය ඥාතියකුගේ අවතාරය සටහන්ව තිබූ අරුම පුවතක් කැන්ටබරි නුවරින් වාර්තා වේ. කැන්ටර්බරිහි පිහිටි සෙන්ට් මාර්ටින් පල්ලියේදී ගත් මේ සාමූහික ඡායාරූපය කෙන්ට් නමැති මිත්තණියක සිය වැඩිමහල් මිනිබිරිය වන ක්‍රිස්ටීන්ට අන්තර්ජාලය හරහා යවා තිබේ.

එම ඡායාරූපය සියුම් ලෙස නිරීක්‍ෂණය කිරීමේදී සිය මිත්තණිය අසල මෙයට වසර 17කට පෙර මියගිය ඇයගේ ස්වාමියා වන ටෙරී ස්වෙල්ගේ ඡායාවද තිබෙන බව ක්‍රිස්ටීන් දුටුවාය. කෙන්ට් දෙස එක එල්ලේම බලා සිටින ටෙරීගේ මුහුණ බොහෝ සේ රෞද්‍ර බව ක්‍රිස්ටීන් පවසයි.

Gossip Lanka Hot News Previous News Archive