අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව පොලිස් වසමේ පිහිටි මහා වාරිමාර්ග ක්‍රමයට අයත් වැවක් වූ කිවුලේකඩ වැව අද (27) සවස 4.30ට පමණ කැඩී ගියේය.අඩි සීයක් පමණ වැව් බැම්ම කැඩී යන අවස්ථාවේ අක්කර අඩි 7700ක පමණ ජල ධාරිතාවක් වැවේ ගබඩා කර තිබුණි. දැවැන්ත ජල කඳපිටතට ගලා යාමෙන් නිවාස විශාල ප්‍රමාණයක් සහ කුඹුරු අක්කර 500ක් පමණ ජලයෙන් යට වී ගියේය. මේ වන විට ජීවිත හානි පිළිබඳ කිසිම තොරතුරක් වාර්තා වී නැත.යුධ හමුදාව, පොලීසිය, වාරිමාර්ග නිලධාරින් සහ ජනතාව එකතු වී වැලි කොට්ට අතුරමින් වැව් බැම්ම තවත් කැඩීයාම වළක්වන ප්‍රයත්නයේ යෙදී සිටිති. මේ වන විටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහා වාරිමාර්ගයට අයත් වැවක තාවුල්ල බිදීගිය ප්‍රථම අවස්ථාව මෙයයි.කිවුලේකඩ මහා වැවේ බැම්ම කැඩී යයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව පොලිස් වසමේ පිහිටි මහා වාරිමාර්ග ක්‍රමයට අයත් වැවක් වූ කිවුලේකඩ වැව අද (27) සවස 4.30ට පමණ කැඩී ගියේය.අඩි සීයක් පමණ වැව් බැම්ම කැඩී යන අවස්ථාවේ අක්කර අඩි 7700ක පමණ ජල ධාරිතාවක් වැවේ ගබඩා කර තිබුණි. දැවැන්ත ජල කඳපිටතට ගලා යාමෙන් නිවාස විශාල ප්‍රමාණයක් සහ කුඹුරු අක්කර 500ක් පමණ ජලයෙන් යට වී ගියේය. මේ වන විට ජීවිත හානි පිළිබඳ කිසිම තොරතුරක් වාර්තා වී නැත.යුධ හමුදාව, පොලීසිය, වාරිමාර්ග නිලධාරින් සහ ජනතාව එකතු වී වැලි කොට්ට අතුරමින් වැව් බැම්ම තවත් කැඩීයාම වළක්වන ප්‍රයත්නයේ යෙදී සිටිති. මේ වන විටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහා වාරිමාර්ගයට අයත් වැවක තාවුල්ල බිදීගිය ප්‍රථම අවස්ථාව මෙයයි.සෙවනගල රතු වැස්සේ ක්ෂුද්‍ර ජීවීන් අතිශයින්ම අසාමාන්‍යයි ! Professor Chandra Wickremesinghe
සෙවනගල ප්‍රදේශයට පසුගියදා ඇඳහැළුණු රතු වැස්සේ සාම්පල වෛද්‍ය පර්යේෂණායතනය විසින් පරීක්ෂා කිරිමෙන් පසුව, ඔවුන් පැවසුවේ එහි ජීවින් විශේෂයක් හඳුනාගත් බවය.
මෙම සාම්පල වැඩිදුර පරීක්ෂණ සදහා බ්‍රිතාන්‍යට ද රැගෙන ගිය අතර එහිදී කළ පරීක්ෂණවලින් කරුණු කිහිපයක් අනාවරණය වී තිබේ.
ඒ පිළිබඳව අදහස් දක්වමින් තාරකා ජීව විද්‍යාව පිළිබඳ බකිංහැම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විද්‍යාජෝති මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.
‘හලාල්’ සහතිකය බලෙන් දෙන්නෙ නෑ – ජමියතුල්ලා උලමා
ශ‍්‍රී ලංකාව තුල සාමය සහජීවනය ඇති කිරීම මිස ප‍්‍රශ්න ඇතිකිරීමට තම සංවිධානය කටයුතු නොකරන බවත් හලාල් සහතිකය කිසිවෙකුටත් බලහත්කාරයෙන් දීමට කටයුතු කර නැති බවත් සිලෝන් ජමියතුල්ලා උලමා සංවිධානය සඳහන් කරයි.
තම සංවිධානය විසින් හළාල් සහතිකය පිරිනමනුයේ මහජනයාට ප‍්‍රමිතියෙන් යුතු, සෞඛ්‍ය සම්බන්න භාණ්ඩ පරිභෝජනය කිරීමේ අවස්ථාව උරුමකර දීමට බවත් කිසිවිටෙකත් එම සහතිකය බලෙන් ලබාදීමට කටයුතු නොකරන බවත් ඔවුන් පවසයි.
මේ දක්වා ශ‍්‍රී ලංකාවේ සමාගම් 200කට වඩා වැඩි ප‍්‍රමාණයකට එම සහතිකය ලබා දී ඇති බවත් සහතිකය ලබාදීමට අයකරන ගාස්තුව බද්දක් නොවන අතර එය ලංකාවේ අනෙකුත් තත්ව සහතික ලබාදීමට ලබාදීමට අයකරන ගාස්තුවට වඩා අඩු මුදලක් බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

ප්‍රදේශ කිහිපයකට අදත් කහ වැසි - sri lanka yellow Rain
පසුගිය දින කිහිපයේ සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් රතු වැසි සහ කහ වැසි වාර්තා වූ අතර එහි ආසන්නතම සිද්ධිය අද පෙරවරුවේ මින්නේරිය ප්‍රදේශයෙන් වාර්තා විය.
අද පෙරවරු 8.30 ට පමණ මින්නේරිය දහසය හමාර ප්‍රදේශයට කහ වැස්සක් ඇදහැළුණු බව ප්‍රදේශවාසීහු ප්‍රකාශ කළහ.
ඔවුන් පැවසුවේ විනාඩි 15 ක පමණ කාලයක් කහ වැස්ස පතිත වූ බවය.
පරෙස්සමට තිබු තැන්වලින් මල් කැකුළ පොලිමේ වනසලා!
2009 වසරේ සිට අවස්ථා කීපයකදීම පුද්ගලයින් කීප දෙනෙකු අතින් දුෂණයට ලක්වූ බව කියන මේ වන විට අවුරුදු 15 යි මාස 11 ක වයසේ පසුවන දැරිවියක් කරුවලගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත. මෙසේ වසර කීපයක් පුරා විවිධ පුද්ගලයින් අතින් දුෂණයට ලක්ව ඇත්තේ තබ්බෝව - තේවනුරුව ප්‍රදේශයේ පදිංචි දැරිවියකි. දුෂණයට ලක්වී ඇති බව කියන දැරිවියගේ පියා මව හැර ගොසිනි. 2009 වසරේදී දැරිවියගේ මව තම දියණියව තමන්ගේ මවගේ බාරයට පත් කර විදේශ ගතවී ඇත.
Sex හොයපු රටවල් වලින් ලංකාව අංක එකට ! - Sri Lanka is No.1 nation in 'sex' searches on Google !
Google වලින් SEX හොයලා ලංකාවට First
අන්තර්ජාලයේ ගූගල් සෙවුම් යන්ත්‍රයේ (Google) ලිංගිකත්වය හෙවත් (SEX) යන වචනය ඇතුළත් කර වැඩි වශයෙන් ඒ පිළිබඳ කරුණු සොයා ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි නවතම සමීක්ෂණයකින් තහවුරු වී තිබේ.
2012 වසරට අදාළව ගූගල් ආයතනය විසින් මෙම සමීක්ෂණය කර ඇති අතර මේ යටතේ 02 වැනි ස්ථානය හිමිව ඇත්තේ අසල්වැසි ඉන්දියාවටය.
ගූගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කරමින් ලිංගිකත්වයට අදාළ කරුණු වැඩි වශයෙන් ශ්‍රී ලාංකිකයින් සොයා ඇත්තේ 2012.04.15 වැනිදා සිට 21 සතියේදී හා 2012.12.23 සිට 29 අතර දැනට ගතවන සතියේදී බව සමීක්ෂණයේදී අනාවරණය වී ඇත.

ලොව දිගම අධිවේගී දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ඇරඹෙයි.
![]() |
| ලෝකයේ දිගම අධිවේගි දුම්රිය මාර්ගයේ සමාරම්භක දුම්රිය ගමනට චීනයේ බිජිං දුම්රියපොළේ බුලට් දුම්රිය සුදානමින් පසුවු අයුරු. |
ලෝකයේ දිගම අධිවේගී දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු චීනය ඊයේ ආරම්භ කළේය. එය චීනයේ අධිවේගී දුම්රිය ජාලයේ නවතම සන්ධිස්ථාන ලෙස සැලකී තිබේ.
බීජිං හා ගුවාන්ෂෝ අතර කිලෝමීටර 2298 ක් දුර මේ නව දුම්රිය මාර්ගය විවෘත කිරීමත් සමඟ මෙතෙක් පැය 22 ක ගමනක යෙදුණු මගීන්ට මින්පසු ඒ සඳහා වැයවනු ඇත්තේ පැය 8 ක් පමණි.
බිජිං බටහිර දුම්රියපොලෙන් මේ මාර්ගයේ දිවෙන පළමුවන දුම්රිය ගමන් අරඹනු මධ්‍ය රූපවාහිනි ජාලයෙන් විකාශනය කෙරිණ.
අධික සීතලෙන් රුසියාවේ 123ක් මරුට.
රුසියාවට බලපා ඇති දරුණු ශීත කාලගුණය හේතුවෙන් පසුගියදින දහයේදී පමණක් ජීවිත 123 ක් අහිමිව ඇති බව ප්‍රකාශිතය.
මොස්කව් අවට ප්‍රදේශයේ පමණක් උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 30 දක්වාද නැඟෙනහිර සයිබිරියාවේ ඍණ 60 දක්වාද පහළ බැස ඇත.
මේ ශීත ඍතුවේ ආරම්භයේ පටන් මේ දක්වා 123 දෙනකු මියගොස් ඇත්තේ අධි ශීතය නිසා ඇතිවන තුවාල හේතුකොටගෙනය. තවත් 833 දෙනකු මෙවන් තුවාල හා ශරීර උෂ්ණත්වය පහළ වැටීම නිසා රෝහල් ගතකර තිබේ. පසුගිය 24 පැයේදී පමණක් 123දෙනකු රෝහල් ගත කර ඇති බවත් ඉන් 14දෙනකුම ළමයින් බවත් සඳහන්ව තිබේ.