නාවින්නේ දී (27) සිදු වූ රිය අනතුරකින් මවක් සහ දියණියක් මිය ගියහ. මහරගම සිට කොළඹ දෙසට ධාවනය වූ වාහනය (ඩිමෝ බට්ටා) තුළ පියා, මව, දුව සහ පුතා සිටි අතර නාවින්න මංසන්දියට නුදුරුව Ceylon Automobile ආයතනය ඉදිරිපිට ඇති ලයිට් කණුවක වැදී ඇත. ලයිටි කණුව කැඩී බිම වැටී ඇති අතර වැදුණ වේගයට රථය පැමිණි දෙසටම ආපසු හැරී ඇත. අනතුර වූ ස්ථානය අසලම ඇති Toyota ආයතනයේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි මනෝජ් ඉන්දික මෙසේ කීය
“ රෑ විශාල සද්දයක් ආවා. අපි පාරට දුවගෙන ගියා. ලයිට් කණුවක් කඩාගෙන වාහනයක් හැප්පිලා තිබුණා. අම්මයි දුවයි ලේ පෙරාගෙන හිටියෙ. අපි හිරවෙලා හිටි අය අරන් ත්‍රීවිල් කට්ටිය එකතුවෙලා කළුබෝවිල රෝහලට යැව්වා. “






