රූ රැජිනක් වූ පමණින් නිළියක් වෙන්න බෑ - Vinu Udani Siriwardana

2012 ශ්‍රී ලංකා රූ රැජින (දෙරණ ටීවී රූ රැජින) කිරුළ පැළැඳි මේ සුරූපිය එහිදී රූ රැජිනට අමතරව ජනප‍්‍රිය කිරුළ සහ දක්‍ෂතම යන අංශයට හිමි කිරුළ ද හිමිකර ගත්තාය. ඒ සමගම පසුගියදා චීනයේ පැවැත්වූ සංචාරක රූ රැජින තරගයේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇය අවසන් දහදෙනා අතට ද තේරී පත්වූවාය. මේ සියල්ල සමග විනූ උදානී සිරිවර්ධන නමැති මේ නව යොවුන් සුරූපිය ගැන අද වැඩිදෙනා කතා වන්නේ ”පිපෙන මල්” ටෙලිනාට්‍ය නිසාය. එහි පාරමී ලෙස ජනප‍්‍රියව සිටින විනූ සමග අපි සුන්දර පිළිසඳරකට එක්වෙමු.

එන්නත් කුප්පියෙන් වීදුරු කටු මතුවේ - බාල එන්නත් තවමත්

කකළුබෝවිල රෝහලේ ප්‍රතිජීවක එන්නත් කුප්පියක් තුළ තිබී වීදුරු කැබැල්ලක් සොයාගෙන තිබේ.

ඒ අනුව අදාළ ප්‍රතිජීවක එන්නත් කාණ්ඩයට අයත් සියලු එන්නත් රෝහලෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව රජයේ හෙද නිලධාරී‍න්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

"ක්ලොක්සසලීන්" නැමැති ප්‍රතිජීවක එන්නත් කුප්පියක් තුළ මෙම වීදුරු කැබැල්ල තිබී සොයාගෙන ඇති බව සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

කොළ පාට වැස්සක් ! Sri lanka, Green Rain

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් මැදවච්චිය පොලිස් වසමේ හොරොව්පතාන මාර්ගයේ කනදරා දිවුල් වැව ප්‍රදේශයට ලා කොළ පැහැති වර්ෂාවක් පතිත වූ බව එම ප්‍රදේශයේ පදිංචි කරුවකු වන පී.ආර්.එස්.රණතුංග මහතා පැවසීය. ඉකුත් (28) වන දා 2 ත් 2.30 අත් අතර කාලය තුළ දී විනාඩි පහක පමණ කාලයක් මෙම වර්ෂාව ඇද හැළුණු බවත් නිවසේ වහලයෙන් වැටෙන ජලය එක් රැස්කිරීම සඳහා තබා තිබූ බේසමකට මෙම ජලය පිරී තිබූණු බවත් පරික්ෂණ කටයුතු වලට ලබා දීමට එම ජලය බෝතලයක රැස්කර තිබෙන බව මැදවච්චියෙ පදිංචි ඉලෙක්ට්‍රොනික් කාර්මිකයෙකු වන පී.ආර්.එස්. රණතුංග මහතා පැවසීය. පසුගිය 26,27, යන දිනවල දී කහටගස් දිගිලිය, හොරොව්පතාන, තිරප්පනය, අනුරාධපුර යන පොලිස් වසම් කිහිපයක ගම්මාන රැසකට තද කහ, ලා කහ වර්ෂාවත් පතිත වූ බවටද වාර්තා විය.

අවසාන තරගයට මාලිංග කැදවීමට යයි. Will Lasith Malinga Play Final Test In-Australia

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා දැනට ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටින වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සහාය ලබා ගැනීමට තමන් කැමැත්තෙන් පසුවන බව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාමේ පුහුණුකරු ග්‍රෙහැම් ෆෝඩ් මහතා පවසයි.
ඔස්ට්‍රේලියාවේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සදහන් කළේ කෙටි කාලයක් තුළ ලසිත් මාලිංග ඒ සදහා යොදවා ගැනීම අපහසුවනු ඇති බවය.
මේ අතර, ක්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක්වීම කණ්ඩායමට අභියෝගයක් වුවත්, එළැඹෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී නවක ක්‍රීඩකයින් සමගින් එම අභියෝගය ජය ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු එහිදී ප්‍රකාශ කළේය.

ටොනේඩෝ මගින් බලශක්තිය නිපදවීමට යයි - Creating Tornados To Harvest Clean Green Energy

ටොනේඩෝ මගින් බලශක්තිය නිපදවීමේ තාක්ෂණයක් කැනේඩියානු සමාගමක් විසින් දියුණු කරමින් පවතී. Pay-pal සම නිර්මාතෘ පීටර් තීල් විසින් ඇතිකල ලාභ නොලබල ආයතනයක් වන තීල් පදනමේ ආධාර ඇතිව AVEtec බලශක්ති සහයෝගීතාවය මෙම සංකල්පය සංවර්ධනය කරමින් සිටී.
ස්වභාවික ටොනේඩෝවක මෙන් මෙම යන්ත‍්‍රය මගින් කැරකෙන වායු ධාරාවක් ඇදගත හැකිය. මීටර් 4 ක විශ්කම්භයක් ඇති ආකෘතියක් දැනට සාදා ඇති අතර දෙවන අදියර ලෙස සෙන්ටිමීටර් 30 ක විශ්කම්භයකින් සහ මීටර් 40 ක උසින් යුත් සුලිසුලඟක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වෙයි.

කළුතර පන්විල ප‍්‍රදේශයේ පවත්වා ගෙනගිය ගණිකා නිවසක් වැටලයි

කළුතර දකුණ - පන්විල ප‍්‍රදේශයේ ලැගුම්හලක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා වෘත්තියේ යෙදුණු බවට සැකපිට අත්අඩංගුවටගත් කාන්තාවන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කළුතර මහේස්ත‍්‍රාත්වරයා ලබන ජනවාරි 04 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කළේය.
අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කළුතර දකුණ කොට්ඨාශ ළමා සහ කාන්තා කාර්්‍යාංශයේ

ඊයේ (29) භූමි කම්පාවක් නෑ, තවත් අනාවැකියක් බොරු වෙයි

ඊයේ දිනයේ (29) ලංකාවේ කුමන හෝ ස්ථානයක භූමි කම්පාවක් වන්නේ යයි පසුගියදා ජාතික මාධ්‍ය ආයතන කිහිපයක් හරහාම සහතික කර කියූ තවත් අනාවැකියක් බොරු වී ගියේය.

ලලිත් විජේවර්ධන නම් අයෙකු විසින් මෙවර අනාවැකිය කිවුවේ ලෝකයේ ඕනෑම පළාතක කඳුවල පස් පරීක්‍ෂා කිරීමෙන් තමන්ට ඒ බව කීමට හැකි බව කියමිනි.

මෙවර ඔහුගේ අනාවැකිය වැරදුනද මාධ්‍ය වර්තාවල දැක්වුනේ ලලිත් විජේවර්ධන මහතා ලංකාවට පැමිණි සුනාමිය ඇතුළු වෙත් බොහෝ විපත් සම්බන්ධයෙන් කියූ අනාවැකි නිවැරදි වූ බවකි.

86 හැවිරිදි Play Boy සඟරාවේ නිර්මාතෘගේ 26 හැවිරිදි මනාලිය

Play Boy සඟරාවේ නිර්මාතෘ හියු හෙෆනර් අනංග රජෙකි. ස්‌ත්‍රී නිරුවතේ සුන්දරත්වය ඔහුගේ ප්ලේබෝයි සඟරාව හරහා ප්‍රකට කරන අතරම මේ 86 හැවිරිදි මහල්ලා ද තරුණ ස්‌ත්‍රී ඇසුර මෙතෙක්‌ නවතා නැත. 1949 දී සිය පළමු විවාහය කරගත් හියු දැන් නැවතත් සිය 26 හැවිරිදි සහකාරිය එනම් ක්‍රිස්‌ටල් හැරිස්‌ සමඟ ලබන දෙසැම්බර් 31 වැනිදා විවාහ වීමට තීරණය කර ඇත. 1949 දී මිල්ෙඩ්‍රඩ් විලියම් සමඟ විවාහ වූ හෙතෙම 1959 දී ඇගෙන් වෙන්විය. 2006 වසරේ දී හියු හෙළි කර සිටියේ සිය පළමු බිරිඳ තමන් අනෙක්‌ කාන්තාවන් හා යහන්ගත වීම ගැන විරුද්ධත්වයක්‌ නොදැක්‌වූ බවයි. පසුව ඔහු තිම්බර්ලි කොහාඩ් සමඟ විවාහ වූයේ 1989 දී ය. 2010 දී ඇගෙන් වෙන්විය. කෙසේ නමුත් මේ අනංග රජු තරුණ කාන්තාවන් ගේ ඇසුර කිසි විටෙක නැවැත්වුයේ නැත.1969 සිට 1976 දක්‌වා ඔහු සමඟ එක්‌ව වාසය කළ එක්‌ සහකාරියක්‌ වූයේ බාර්බී පෙන්ටන් ය. පසුව වසරක කාලයක්‌ බ්‍රෑන්ඩ් රොඩ්රික්‌ සමඟ වාසය කළ අතර, 2003 සිට 2008 දක්‌වා හෝලි මැඩිසන් සමඟ එක්‌ව විසීය.දැන් විවාහ වීමට තෝරාගෙන ඇති ක්‍රිස්‌ටල් හැරිස්‌ සමඟ මේ මහලු අනංගයා 2009 සිට එක්‌ව වාසය කරයි.

Gossip Lanka Hot News Previous News Archive