බිව්වට පස්සෙ කන්න පුළුවන් කෝප්ප

 බීම පානය කිරීමෙන් අනතුරුව අනුභව කළ හැකි කෝප්ප පෙළක් පිළිබඳ පුවතක් නිව්යෝක් නගරයෙන් වාර්තා වේ.

ලොලිවෙයාර් ලෙස නම් කර ඇති මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ පළතුරු පෙක්ටින් වලින් වන අතර, හිඳන ලදූ උක් සීනි වලින් එයට පැණිරස එක් කර ඇත.

නිර්මාංශ හා ස්වභාවික රසකාරක පහකින් නිෂ්පාදනය කර ඇති මෙම කෝප්ප, එයට දැමූ කොක්ටේල් ඇතුළු පානයන් තවත් රසවත් කරන බවට ටුඬේ වෙබ් අඩවියේ දැක්වේ.

අපේ දරුදැරියෝ කාම ගිනි මැ‍ලේට බිලිවෙද්දී " අසල්වැසි දියණියට කඳුළු සලන කලාව "

 ඉන්දියාවේ දියණියක කාමාපරාධකරුවන්ට බිළි වී ජීවිතයෙන් සමුගෙන වැඩි දවසක් ගත වී නොමැත. එම අපරාධය කෙරෙහි ලෝක අවධානය යොමු වූයේ ඉන්දියාව සෙලවී දෙදරන තරමට ‍පොදු ජනතාව අපරාධකරුවන්ට එරෙහිව පාරට බැස්ස හෙයිනි. එක්සත් ජාතීන්ගේ මහ‍ලේකම් බෑන් කි මූන් උන්නැහේද එකී අපරාධය ගැන කතා කර තිබෙන අයුරු මාධ්‍ය මගින් අපට දැන ගැනීමට ලැබිණ.

කාමාපරාධයට ගොදුරුව මියගිය වෛද්‍ය සිසුවියගේ පෞද්ගලික තොරතුරු ලෝකෙට හෙළි නොකළ ඉන්දීය මාධ්‍ය ඇය ගැන වාර්තා කර තිබුණේ ඉන්දීය දියණිය යනුවෙනි. එමගින් පැහැදිලි වෙන්නේ ඇය ගැන කෙතරම් පුළුල් ආකාරයට කල්පනා කර තිබෙනවාද යන්නයි.

කොළඹ නගරයේ වැඩිම ජනගහනය සිංහල - කටකතා බොරු

කොළඹ සිංහල ජනගහනය තුන්වැනි තැන වැටී ඇති බවට පලවන වාර්තා නිවැරදි නොවන බවත්, 2012 පූර්ව සංගණන තොරතුරු අනුව කොළඹ නගරයේ සිංහල ජනගහනය සියයට 24 ක්‌, දෙමළ ජනගහනය සියයට 33ක් සහ මුස්‌ලිම් ජනගහනය සියයට 40 ක්‌ ලෙස සඳහන් කර තිබීම සාවද්‍ය බවත් එම වාර්තාවේ 1971 ලෙස සඳහන් කර ඇත්තේ 1981 ජන සංගණන තොරතුරු බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

කොළඹ නගරය කොළඹ සහ තිඹිරිගස්‌යාය යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස දෙකින් සමන්විත වන අතර කොළඹ නගරය ලෙස ඉහත වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයෙහි ජනගහනය වන බව එහි සඳහන් වේ.

විශේෂ කාරක සභාවට නීතිමය බලයක් නැහැ - Court of Appeal

 පාර්ලිමේන්තු මහ ලේකම්,කතානායක ඇතුළු තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ට දෙවැනි වරටත් නොතීසි

අගවිනිසුරු,ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග චෝදනා විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කිසිදු නීතිමය බලයක් නොමැති බව අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

අගවිනිසුරු,ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් ගොනු කරන ලද පෙත්සම් දෙකක් විභාගයට ගනිමින් අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

Nature's Secrets සේවක - පොලිස් ගැටුමින් 10 දෙනෙකු රෝහල් ගත කරලා

 මෙම ඡායාරූපවලින් දැක්වෙන්නේ ප‍්‍රමුඛපෙළේ රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් වන නේචර් සීක‍්‍රට් බියුටි ක‍්‍රියේෂන්හි හොරණ මිල්ලෑවේ පිහිටි වැඩබිමේ සේවක පිරිසකට එම පුද්ලික ආයතනය විසින් පොලීසිය යොදවා පහරදීම සහ වෙඩි තැබීම නිසා තුවාල ලබා රෝහල්ගත කර සිටින කම්කරුවන්ය. ඊයේ (02) සිදුවූ මෙම සිදුවීමෙන් සේවකයන් දස දෙනෙකු තුවාල ලබා තිබේ.

එම පුද්ගලික ආයතනයේ ප‍්‍රශ්නයට ඔවුන් විසින්ම පොලිසිය කැඳවා ඇති අතර තම දීමනා සහ වැටුප් මුල් කරගනිමින් උද්ඝෝෂණයක නිරතව සිටි සේවකයන් සේවයෙන් පහකර වෙනත් සේවක පිරිසක් එයට අනියුක්ත කර තිබේ.

ගතවූ සතියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආදායම කෝටි තුනයි

ගතවූ උත්සව සමයේ සතියක කාලයක් තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර ඇති වාහන සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න බව, වරාය හා මහාමාර්ග අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි.

ඉකුත් නත්තල් දිනයේ සිට ඊයේ (1) පෙරවරු 7.00 වන තෙක් මෙම මාර්ගයේ ගමන්කර ඇති මුළු වාහන සංඛ්‍යාව 95700 කි.

මෙම කාලය තුළ ලැබී ඇති ආදායම රුපියල් කෝටි 3 කට ආසන්නය.

දිනකට වතුර වීදුරු 8ක් බී දොළොස් වරක් සිනාසෙන්න -සෞඛ්‍ය අමාත්‍යංශය

මානසික ආතතියෙන් මිදීම සඳහා සතුට උපදවන 'එන්ඩොපීන්' නම් හෝමෝනය ශරීරයේ වැඩිපුර නිපදවාගැනීම පිණිස දිනකට වතුර වීදුරු අටක්වත් පානය කිරීම හා ‍දොළොස් වතාවක්වත් හොඳින් සිනාසීම ඇතුළු සතුටුදායක කටයුතුවල නිරත විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

වත්මන් සමාජයේ බහුල වශයෙන් දක්නට ලැබෙන රෝග තත්ත්වයක් වන මානසික ආතතිය දිගටම පැවැතීම හේතුවෙන් වෙනත් රෝග රැසක් වැලඳීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මානසික සෞඛ්‍ය ඒකකය පෙන්වා දෙයි.

ගිනි කෙළි සැණකෙළිය 61ක් බිලි ගනියි

අයිවරි කෝස්ට්හි අලුත් අවුරුදු උදාව සමරමින් පැවැත්වූ ගිනි කෙළි සංදර්ශනයකදී ඇතිවූ කලබලකාරී තත්ත්වයක් නිසා 61 දෙනකු මියගොස් තිබේ. එම පිරිසෙන් වැඩිදෙනා වයස අවුරුදු 15ට අඩු ළමයින් වේ. අයිවරි කෝස්ට්හි අබිජාන්හි ක්‍රීඩාංගණයක මේ සිද්ධිය වාර්තා වී ඇත.

කුඩා වීදියක් දිගේ විශාල ජන පිරිසක් කලබලකාරී ලෙස ගමන් කිරීමේදී මේ අනතුර වී යැයි පැවැසේ. එරට ජනාධිපති ඇලසෙන් ඔවුවාටාරා මෙය ජාතික මට්ටමේ ශෝකජනක සිද්ධියක් යැයි පවසා දින 3ක ශෝක කාලයක් නිවේදනයකොට තිබේ. 65,000කට රැඳී සිටිය හැකි ෆෙලික්ස් හොවුෆොයෙට් බොයිග්නි ක්‍රීඩාංගණයේදී මේ අනතුර සිදුවිය.

Gossip Lanka Hot News Previous News Archive