සාලියපුරට නිල් වැස්සක්: ජල සාම්පල වල ඊයම් " Saliyapura Blue Rain "

දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලට පසුගිය කාලය තුළ විවිධ වර්ණයන්ගෙන් යුත් වර්ෂාවන් පතිත වු අතර අනුරාධපුර සාලියපුර බණ්ඩාරපුලියන්කුලම ප‍්‍රදේශයට ප‍්‍රථම වතාවට පසුගිය 03 වන දා දහවල් කාලයේ නිල් පැහැයෙන් යුතු වර්ෂාවක් පතිත වු බව බණ්ඩාරපුලියන්කුලම පදිංචි සිරිසේනගේ වසන්ත මහතා පැවසීය. 
ඒ මහතා විසින් වර්ෂාවෙන් එක්රැස් කරන ලද ජලය 05 දා දහවල් පරීක්‍ෂණ කටයුතු සදහා අනුරාධපුර කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුවට භාරදෙනු ලැබීය. අංක 50 බණ්ඩාරපුලියන්කුලම අනුරාධපුර පදිංචි සිරිසේනගේ වසන්ත (46) මහතා එක්රැස් කරගන්නා ලද නිල් පැහැති ජලය පසුගිය 03 වනදා දහවල් 11.30 ට පමණ ප‍්‍රදේශයට ඇදහැලුණු වර්ෂාවත් සමඟ ඇද වැටෙන්නට ඇති බවට ඔහු අනුමාන කරයි.

පැරණිම රස්සාව කළ නිවසක් අනුරාධපුර පුබුදුපුරෙන්

අනුරාධපුර පුබුදුපුර ප‍්‍රදේශයේ නිවසක රූමත් තරුණියන් තිදෙනෙකු රඳවාගෙන එම තරුණියන් වෛශ්‍ය වෘත්තියේ යෙදවු කාන්තාවක් හා වෛශ්‍ය වෘත්තියේ නියැලූණු තරුණියන් තිදෙනෙකු සැකපිට අනුරාධපුර මුලස්ථාන පොලිසියේ නොවිසිදුණු අපරාධ ඒකකයේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පොලිස් උපාය දුතයෙකු යොදවා සිදු කළ මෙහෙයුමකදී වෛශ්‍ය වෘත්තියේ නිරත වුණු තරුණියන් තිදෙනාත් මෙම ස්ථානය පවත්වාගෙන ගිය පාලිකාවත් පොලිස් අත්අඩංගුවට පත් වි ඇත. පොලිසිය පවසන අන්දමට මෙහි පාලිකාවයි කියා ගන්නා තැනැත්තිය මෙම රූමත් තරුණියන් විවිධ පුද්ගලයින්ට රුපියල් 2500 සිට 5000 ක මුදලකට අලෙවි කර ඇති බවයි.

පෙම්වතා කියා සිතා ලිංගිකව හැසිරීමට ඉඩ දීලා, පසුව නඩු දාලා

පෙම්වතා බව අඟවමින් අඳුරේ කාන්තාවක් දුෂණය කිරීමේ වරදට දඬුවම් නියම වු පුද්ගලයෙකුගේ නඩුව යලි විභාගයට ගැනීමට කැලිෆෝනියා අභියාචනාධිකරණය තීරණය කර ඇත. ජුලියෝ මොරාලස් විසින් කාන්තාවගේ පෙම්වතා පිටව යන අයුරු බලා සිට බීමත්ව නිදා සිටි කාන්තාව සමඟ ලිංගික ක‍්‍රියාවක් අරඹා ඇත.

කාන්තාව පෙම්වතා පිටව ගිය බව නොදැන ඒ ඔහු යයි සිතා ඇත. පසුව ආලෝකයක් වැටීමෙන් සිය පෙම්වතා නොවන බව හඳුනාගෙන ඔහු තල්ලූ කර දමා එලවා ඇත.

උපදින ගමන් බබා දොස්තර ඇඟිල්ල අල්ලයි !

ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පදිංචි ඇලිසියා රෝහල් ගත වූයේ සිය තෙවැනි දරු ප්‍රසූතිය සදහාය.
සාමාන්‍ය ආකාරයට බිළිදා මෙලොවට බිහිකිරීම අපහසු වූ හෙයින් වෛද්‍යවරු තීරණය කළේ සිසේරියන් සැත්කමක් ආධාරයෙන් බිළිදා මව් කුසයෙන් පිටතට ගැනීමටය.
සැත්කම කෙරීගෙන යන අතරවාරයේ බිළිදා හදිසියේම වෛද්‍යවරයෙකුගේ ඇගිල්ලක් සිය සිගිති අත්වලින් ග්‍රහණය කර ගත්තේ සියල්ලන් පුදුමයට පත්කරවමිනි.

හසිත මඩවලගේ ඝාතනය ගැන මර්වින් සිල්වා දුක් වෙයි

ඊයේ රාත‍්‍රියේ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් කැලණිය ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර හසිත මඩවල මහතාව වෙඩි තබා ඝාතනය කරන ලද සම්බන්ධයෙන් තමා කනගාටුවන බව ශ‍්‍රීලනිප කැළණිය ආසන සංවිධායක මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

මන්තී‍්‍රවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා මේ වන විට විශේෂ පරීක්‍ෂණ කණ්ඩායම් යොදවා ඇති බවත් එම පරීක්‍ෂණවලට තමාද සහය දක්වන බවත් පවසන මර්වින් සිල්වා මහතා කැලණියේ සන්ධාන සංවිධායක හැටියට එය තමන්ගෙන් ඉටුවිය යුත්තක් බවද සඳහන් කරයි.

ෂෙරිල් හා රුවන්ගේ විවාහ ගිවිසගැනීම- Engagement Of Sheryl Romen Decker And Ruwan Hettiarachchi

ජනප්‍රිය ටෙලි නාට්‍ය ශිල්පිනී ෂෙරිල් ඩෙකර් සහ ගායක රුවන් හෙට්ටිආරච්චිගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය ඊයේ පැවැත්වුණා. ෂෙරිල්, අමා ටෙලි නාට්‍යය නිසාද රුවන් නොදැක ඉන්න බෑ ගීතය නිසාද මේ කාලයේ කථාබහට ලක්ව සිටිනවා.
මෙම වසර මැදදී විවාහ උත්සවය ගැනීමේ අදහසින් සිටින ඔවුනගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය ඊයේ පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ පැවතියේ පවුල් සාමාජිකයන්,ක්ෂේත්‍රයේ සමීපතමයන්, හිතවතුන් සමගය.
එහි ඡායාරූප එකතු බලන්න.

තුන්වන ටෙස්ට් තරඟයද ලංකාව පරදී - Sri Lanka Lost The Test Series 3-0

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර එරට සිඞ්නි ක‍්‍රිකකට් බිටියේදී පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් තරඟයෙන්ද ශ‍්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 05ක පරාජයක් හිමිවිය.
තරඟ තුනකින් සමන්විත වූ මෙම වෝන්-මුරලි කුසලානයේ පෙර තරඟ දෙකද ශ‍්‍රී ලංකාව පරාජය වී තිබූ අතර මෙම තරගයේ පරාජයත් සමඟ 3-0ක් ලෙස සම්පූර්ණ තරඟාවලි පාරාජයක් ශ‍්‍රී ලංකාවට හිමිවිය.
තරඟයේ මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව සිය මුල් ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 294ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම කඩුළු 9කට ලකුණු 432ක් ලබා සිය ඉනිම අත්හිටවීය.

ජපන් කෙළවල්ලේක් ඩොලර් මිලියන 1.7 ක මිලකට අලෙවි වේ.

ජපානයේ පැවැති මාළු වෙන්දේසියකදී බ්ලූෆින් වර්ගයේ කෙළවල්ලා මත්සයකු ඇමෙරිකානු ඩොලර් මිලියන 1.7ක වාර්තාගත මිලකට අලෙවි වී තිබෙනවා.ටෝකියෝවේ සාම්ප‍්‍රදායික මත්ස්‍ය වෙන්දේසියේදී විකිණුනු මෙම ටූනා මත්ස්‍යයා බරින් කිලෝග්රැම් 222ක් වන අතර එම මතස්‍යයා මිලදීගත්තේ ප‍්‍රසිද්ධ සෂී (sushi) අවන්හල් ජාලයක හිමිකරුවා වන කියුෂී කිමුරා නැමැත්තා වේ.

සෂි ආපනශාලා වල ඇති විශේෂත්වය වන්නේ විවිධාකාරයේ මසුන් අමුවෙන් ආහාරයට ගැනීම සදහා සූදානම් කර තිබීමයි.

Gossip Lanka Hot News Previous News Archive