දිවයිනේ විවිධ ප්‍රදේශ වලට පසුගිය කාලය තුළ විවිධ වර්ණයන්ගෙන් යුත් වර්ෂාවන් පතිත වු අතර අනුරාධපුර සාලියපුර බණ්ඩාරපුලියන්කුලම ප්‍රදේශයට ප්‍රථම වතාවට පසුගිය 03 වන දා දහවල් කාලයේ නිල් පැහැයෙන් යුතු වර්ෂාවක් පතිත වු බව බණ්ඩාරපුලියන්කුලම පදිංචි සිරිසේනගේ වසන්ත මහතා පැවසීය.
ඒ මහතා විසින් වර්ෂාවෙන් එක්රැස් කරන ලද ජලය 05 දා දහවල් පරීක්ෂණ කටයුතු සදහා අනුරාධපුර කාලගුණ විද්‍යා දෙපාර්තුමෙන්තුවට භාරදෙනු ලැබීය. අංක 50 බණ්ඩාරපුලියන්කුලම අනුරාධපුර පදිංචි සිරිසේනගේ වසන්ත (46) මහතා එක්රැස් කරගන්නා ලද නිල් පැහැති ජලය පසුගිය 03 වනදා දහවල් 11.30 ට පමණ ප්‍රදේශයට ඇදහැලුණු වර්ෂාවත් සමඟ ඇද වැටෙන්නට ඇති බවට ඔහු අනුමාන කරයි.






