උසාවි නියෝගය කැඩුවොත් ජනතාව පාරට බස්වා ආණ්ඩුව පන්නනවා - වික‍්‍රමබාහු කරුණාරත්න

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ප‍්‍රතික්ෂේප කරමින් ආණ්ඩුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය උල්ලංඝනය කළහොත් ජනතා පරමාධිපත්‍ය බලය තහවුරු කිරීම සඳහා රට පුරා මහජනයා මහ පාරට බස්සවා ආණ්ඩුවට එරෙහිව පෙළ ගස්වා ආණ්ඩුව ගෙදර යවන බව නව පක්ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා කොළඹදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී පැවැසීය.

දිවි නැඟුම පනත සම්බන්ධයෙන් 13 වැනි ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මත පදනම්ව ආණ්ඩුව අධිකරණයට පහරදී මර්දනය කර එම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට උත්සාහ කරන්නේ ආණ්ඩුවට එරෙහිව ජනතාව නැගී සිටීමට පෙර ජාතීන් අතර ජාතිවාදී කෝලාහල ඇති කිරීම සඳහා යැයි ද ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.

ආණ්ඩුව තනියම බෙරේ ගහයි -දෝෂාභියෝග විවාදය 10-11:ඡන්දය 11



විපක්ෂයේ පක්ස නායකයින් පක්ෂ නායක රැස්වීමෙන් නැගිට ගිය පසු එම රැස්වීමේ ඉතිරිවී සිටි ආණ්ඩුපක්ෂයේ පක්ෂනායකයන් දෝෂාභියෝග යෝජනාවේ සඳහන් චෝදනා විමර්ශනය කිරීමට පත්කළ කමිටුවේ ආණ්ඩුපක්ෂ නියෝජිතයින් 07දෙනා පමණත් අත්සන් කර ලබාදුන් වාර්තාව විවාදයට ගැනීමට දින නියමකරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වන නියෝජ්‍ය කතානායක චන්දිම විරක්කොඩි මහතා පවසන පරිදි ජනවාරි 10 සහ 11 දෙදින තුළ එම වාර්තාව විවාදයට ගෙන 11වනදා සවස 6.30ට ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.

පක්ෂ නායක රැස්වීමෙන් විපක්ෂය ඉවත්වේ - දෝෂාභියෝගයට විරෝධය

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය 10 සහ 11 දෙදින විවාදයට ගැනීමට එරෙහිව විරෝධය පල කරමින්, අද (07) පෙරවරු 11.30 ට ඇරඹි පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමෙන් විපක්ෂයේ නියෝජිතයින් මීට ටික වේලාවකට පෙර ඉවත්ව තිබේ.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණයක් අද දිනයේ දී ගැනීමට නියමිතව තිබිණි.

දෛවයේ සරදමට හසුවූ දරු පවුලක කඳුළු කතාව

උණහපුළුවාට උගේ පැටියා මැණිකක් බව අපේ ජනවහරේ කාලාන්තරයක් තිස්සේ පැලපදියම් වූ යෙදුමකි. ඒ මේ ලෝකයේ ජීවත්වන සතුන්ගෙන් අප්‍රසන්න, කැත සත්ත්වයකු වූවද උණහපුළු මවු උගේ පැටවුන් දිවි දෙවැනි කොට මැණිකක් සේ සුරක්ෂිත කරන නිසාය.

උණහපුළුවා උගේ පැටවුන් රකින්නා සේම දිවි දෙවැනිකොට අනේක දුක් පීඩා විඳින ආදරණීය මවක් සහ පියෙක් පිළිබඳ අපට ඉකුත් සතියේ අසන්නට ලැබුණේය.
කාලාන්තරයක් තිස්සේ කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජනයන්ට ගොදුරු වූ වැලිකන්ද නවසේනපුර, සඳුන් පිටිය ගම්මානයේ කෙළවරක කුඩා නිවෙසක දරු පවුලක් ජීවත් වෙති. පියා කේ.ජී. අනුර (32)ය. මව අයි.ඩී.ධම්මිකා (33) ය. වැඩිමහල් දියණිය කේ.ජී. ලක්ෂිකා දිල්රුක්ෂි (12) වැලිකන්ද මහා විද්‍යාලයේ හත්වන ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන්නීය.

මෙහෙම ගියොත් කතුන්ගේ පයෝධරවලිනුත් බදු... ! MP. Buddhika Pathirana


ආණ්ඩුවේ ගමන් මාර්ගය දෙස බලනවිට තව ටික දිනක් ගතවන විට කාන්තාවන්ගේ පයෝධරවලින් හා වැස්සියන්ගේ කිරිබුරුල්ල වෙනුවෙන්ද බදු අයකරනු ඇති බවත්, මාධ්‍ය සංදර්ශන පවත්වා, අඬබෙරගසා, තොරණ බැඳ පාසල් නිල ඇඳුම් බෙදාදීමේ උත්සවය මහත් උජාරුවට පැවැත්වූ ආණ්ඩුවට, 2013 වර්ෂය සඳහා පාසල් සිසු සිසුවියන්ට අවශ්‍ය නිල ඇඳුම් පළමු වාරයේ පාසල් පටන්ගත් පසුවද ලබාදීමට අපොහොසත්වීමෙන් ආණ්ඩුව තවත් වතාවක් තම අකාර්යක්‍ෂමතාව හා නොහැකියාව මනාව ප්‍රදර්ශනය කර අතැයි මාතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතා ප්‍රකාශ කරයි.

රිසානාගේ මරණ දඬුවම 'ක්‍රියාත්මක වීමේ අවදානමක්'

හත් වසරක් සෞදි අරාබියේ සිරගත කොට සිටින ශ්‍රී ලාංකික තරුණියකට පනවා ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ අවදානම පහව ගොස් නැති බව මානව හිමිකම් ක්‍රියාධාරීහු පවසති.

මිනී මැරීමේ චෝදනා නගා බන්ධනාගාර ගත කරනු ලැබූ මුත්තුර් සිට සෞදියේ සේවයට ගිය රිසානා නෆීක් ගේ සුවදුක් වෙනුවෙන් වෙහෙසෙන දොස්තර කිෆායා ඉෆ්තිකාර් බීබීසී සංදේශයට කියා ඇත්තේ රිසානා ගේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නට යන බවයි.රිසානා නෆීක්ට මරණ දඬුවම ලබා දීමට යන බව මේ වනවිටත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයට සෞදි බලධාරීන් දන්වා යවා ඇති බවයි ඇය කියා ඇත.
කෙසේ වෙතත් අධිකරණ අමාත්‍යාංශය පසුගිය සතියේදී කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් කළ ඉල්ලීමක් පරිදි සෞදි රජතුමා රිසානාට සමාව දීමේ ඉඩක් තිබෙන බවයි.

ඉන්දියාව අන්තිම මොහොතේ ගෞරවය රැකගනී

පාකිස්ථානය සමග පැවති අවසන් එක්දින තරගයෙන් ලකුණු 10ක තියුණු ජයක් වාර්තා කිරිමට ඉන්දියාව සමත් විය.නමුත් තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජය ගැනීමට පාකිස්ථානය සමත් විය.දිල්ලිහිදි පැවති තරගයේ කාසිය වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලබාගත් ලකුණු ගණන 167කි.නායක මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 36ක් ලබාගත් අතර සුරේෂ් රෙයිනා ලකුණු 31ක් ලබා ගත්තේය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ සයිඩ් අජ්මාල් පන්දුවාර 9යි පන්දු 4කදි ලකුණු 24කට කඩුලු 5ක් ලබා ගැනීමට සමත්විය.මොහොමඩ් ඉර්ෆාන් කඩුලු 2ක් ලබා ගත්තේය.ලකුණු 168ක පහසු ජයග්‍රාහි ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි පාකිස්ථාන ක්‍රීඩකයින්ට එය පසු කර යාමට ඉන්දීය පන්දුයවන්නන් අවස්ථාව ලබා නොදුන්නේය.

මඩවලගේ ඉරණම අපිට අත්කරන්න එපා - Prasanna Ranaweera


කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාට අත්වූ ඉරණම තමා ඇතුළු මන්ත්‍රීවරු 11දෙනාට අත් නොකරන ලෙස කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා අද (05) මාධ්‍ය අමතමින් පසා තිබේ.

වසරක පටන් තමාටත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් එකලොස් දෙනෙකුටත් බලපෑම්, කරදර හා මැර තර්ජන තිබූ බවත් ඒ බව පොලිස්පතිවරයාට පවා පැමිණිලි කළ බවත් ඒ මහතා පවසයි. එම පැමිණිලිවලින් පළක්වී නොමැති බව මඩවල මහතාගේ ඝාතනය මගින් පෙනීයන බවත් පවසා ඇත.

Gossip Lanka Hot News Previous News Archive