මඩවලගේ අවමගුලට ගිය ජනපතිට කැලණියෙන් ඉල්ලීමක්

නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු විසින් මරා දැමූ කැලණියේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර හසිත මඩවල මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (07) පස්වරුවේ දී ඒ මහතාගේ නිවසට ගියේය.

එහිදී මඩවල මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටි සිය ගණනක් ප‍්‍රදේශවාසීන් මිනීමරුවන් කැලණි දේශපාලනයෙන් ඉවත් කරන ලෙසත්, එසේ නොකළහොත් තවත් ඝාතන සිදුවීම වැළැක්විය නොහැකි යැයිද ජනපතිවරයාට කියා සිටි බවද පැවසේ.

ඓතිහාසික තීන්දුව නිකුත්වේ .Appeals Court issues a writ of certiorari to quash PSC report

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් වු දෝෂාභියෝග යෝජනාව විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අභියාචනාධිකරණය අද (07) සර්ටියෝරාරි නියෝගයක් මගින් අහෝසි කර තිබේ.

අදාළ වාර්තාවට එරෙහිව අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.
ඒ පිළිබඳ දෙපාර්ශවයේ කරුණු විමසීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව ලබාදෙන ලදී.

ඝාතකයා මම නෙමෙයි – Mervyn Silva

මං විශාල පෙරහැරක් පවත්වලා ඉන්නෙ

කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍ර හසිත මඩවලගේ ඝාතනය සම්බන්ධයෙන් තමා වෙත චෝදනා එල්ල කිරීම තරයේ හෙළාදකින බව මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

පසුගිය කාලය පුරාම මෙවැනි චෝදනා සිදුකළ පිරිස් තමාට විවිධ දේ සම්බන්ධයෙන් චෝදනා කළ බවත්, ඒ කිසිවෙකින් තමා වැරදිකරු නොවු බවද අමාත්‍යවරයා පවසා සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ නියමයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට තමන් පූර්ණ සහයෝගය දෙන බවද ඔහු කියා සිටියේය.

" තණමල්විල මල් " ප්‍රාඩෝ රිය ගංජා ඇදලා

ජිප් රථයක පටවා කොළඹට ප‍්‍රවාහන කරමින් තිබුණු රුපියල් ලක්‍ෂ 50 කට අධික වටිනාකමක් ඇති ගංජා තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට මොණරාගල විශේෂ පොලිස් වැටලීම් ඒකකයේ නිලධාරීන් අද (07) අලූයම සමත්විය. තණමල්විල සිට රැගෙන යමින් තිබුණු මෙම ගංජා තොගයේ ගංජා කිලෝ 26ක් පමණ තිබී ඇත. 

තණමල්විල මහවැව ප‍්‍රදේශයේදි ජිප් රථය පරීක්‍ෂා කිරීමේදි ගංජා තොගය හමුවූ බව පොලිසිය කියයි. සැකකරු සෙවනගල කිරිඉබ්බන්වැව ප‍්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකි. මෙම ජාවාරම දේශපාලන සම්බන්ධකම් ඇතිව සිදුකරණ බව අනාවරණය වී තිබේ. සැකකරු ගංජා තොගය සමග අධිකරණ කටයුතු සදහා තණමල්විල පොලිසියට භාරදී තිබේ.

අවරුදු 9ක පාකිස්ථාන දැරියක් පැහැරගෙන ගොස් සමූහ දුෂණය කරති

අවුරුදු 9ක් වයසැති පාකිස්ථාන දැරියක් පැහැරගෙන ගොස් සමූහ දුෂණයට ලක් කිරීමෙන් පසු බරපතල තත්වයෙන් රෝහල් ගතකර ඇත. ඇයගේ මව විසින් දුෂකයන් නම් කර ඇතත් අත්අඩංගුවට ගැනීමක් සිදුකර නැති බව වාර්තා වේ. බදාදා වූ සිද්ධියෙන් රුධිර වහනය හා අභ්‍යන්තර තුවාල නිසා බවාල්පූර් රෝහලේ ප‍්‍රතිකාර ලබන බව බව වෛද්‍යවරු උපුටා දක්වමින් එක්ස්ප‍්‍රස් ටි‍්‍රබියුන් වාර්තා කරයි.

පොලීසිය මෙම සිද්ධිය ගැන අපරාධ චෝදනා ගෙනුකර ඇතත් තවම කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත. දැරියගේ මව කියා ඇත්තේ නිලධාරීන්ට කියා තිබුනොත් මරා දමන බවට දුෂකයන් තර්ජනය කල නිසා පැමිණිලි කිරීමට බියවූ බවයි. පොලිස් ප‍්‍රධානී ඉර්ෂාඞ් ජෝයියා ප‍්‍රකාශ කලේ අත්අඩංගුවට ගැනීමට නියෝග දී ඇතත් සැකකරුවන් අලිපූර් ගම්මානයට පලාගොස් ඇතැයි වාර්තා වන බවයි.

ලෝ එන්ට්‍රන්ස් පේපර් එකත් වැල්ලවත්තේ ක්ලාස් එකකදී කලින් පිටකරලා ! Law Entrance Paper Leak

නීති විද්‍යාලයට බඳවාගැනීම සඳහා පසුගිය වසරේ පැවති විභාග ප්‍රශ්න පත්‍රයත් විභාගයට කලින් පිටවී ඇති බවට දැන් පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.මෙවර නීති විද්‍යාල විභාගයෙන් සමත්වූ අය අතුරින් අසාමාන්‍ය ප්‍රතිශතයක් මුස්ලිම් ජාතිකයින් සිටීම ගැන පසුගිය කාලයේ ආන්දෝලනයක් ඇතිව තිබූ අතර එය අධිකරණ ඇමතිවරයාගේ ජාතිකත්වය මත සිදු කළ පක්ෂපාතීත්වයක් බවටත් තොරතුරු පළවුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරගෙන යන පරීක්ෂණ අනුව අනාවරණය වන්නේ දෙමළ මාධ්‍ය සිසුන් සඳහා පවත්වාගෙන ගිය වැල්ලවත්ත ප්‍රදේශයේ බාහිර උපකාරක පන්තියකදී විභාගයට පෙර එම ප්‍රශ්න පත්‍රය ලබාදී ඇති බවය. එම පන්තියේ සිටි සිසු සිසුවියන් වැඩි ප්‍රමාණයක් මුස්ලිම් ජාතිකයින් බවද අනාවරණය වනවා.

පොලිස් පෙම්වතියගේ බෙල්ල කපා , පොලිස් පෙම්වතා වස බොයි

මළ සිරුර මහ පාරට ගෙන එද්දී.

කොළඹ කොටුව ගුවන් පාලම මතදී අද පෙරවරු 6 ට පමණ පොලිස් නිලධාරිනියක් ඝාතනය කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ, තවත් පොලිස් නිලධාරියෙකු විසින් ඇයට තියුනු ආයුධයකින් පහරදී මෙලෙස ඝාතනය කර ඇති බවය.සිද්ධියෙන් පසු එම පොලිස් නිලධාරියා ද වස පානය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ අදාළ පොලිස් කොස්තාපල්වරයා දැනට පොලිස් රැකවල් මත රෝහල් ගත කර සිටින බවයි.දෙදෙනා අතර ආරවුලක් මීට හේතුවන්නට ඇතැයි සැක කෙරෙනවා.

විනිසුරුවන්ට දඩුවම් කල යුතුයි - Wimal Weerawansa

පාර්ලිමේන්තුවට එරෙහිව නියෝග ලබාදුන් විනිසුරුවරුන් දෝෂාභියෝගය අවසන් වු වහාම පාර්ලිමේන්තුව අභියසට කැඳවා එහි බලතල හා වරප්‍රසාද යටතේ උපරිම ක්‍රියාමාර්ග ගතයුතු බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා පැවසිය.

තම වාසිය වෙනුවෙන් අධිකරණ බලය මෙහෙය වු එකම අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය බවත්, එලෙස කටයුතු කළ අගවිනිසුරුවරයකු හෝ විනිසුරුවරියක ලෝකයේ කොහේවත් නොමැති බවත් හෙතෙම කීවේය.

Gossip Lanka Hot News Previous News Archive