ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ප්‍රතික්ෂේප කරමින් ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය උල්ලංඝනය කළහොත් ජනතා පරමාධිපත්‍ය බලය තහවුරු කිරීම සඳහා රට පුරා මහජනයා මහ පාරට බස්සවා ආණ්ඩුවට එරෙහිව පෙළ ගස්වා ආණ්ඩුව ගෙදර යවන බව නව පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා කොළඹදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ප්රවෘත්ති සාකච්ඡුාවකදී පැවැසීය.
දිවි නැඟුම පනත සම්බන්ධයෙන් 13 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මත පදනම්ව ආණ්ඩුව අධිකරණයට පහරදී මර්දනය කර එම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට උත්සාහ කරන්නේ ආණ්ඩුවට එරෙහිව ජනතාව නැගී සිටීමට පෙර ජාතීන් අතර ජාතිවාදී කෝලාහල ඇති කිරීම සඳහා යැයි ද ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පෙන්වා දුන්නේය.







