දිවි නැගුම සම්මතයි

පාර්ලිමේන්තුවේ අද විවාදයට ගත් දිවි නැගුම පනත් කෙටුම්පත මීට ටික වේලාවක පෙට වැඩි ඡන්ද 107කින් සම්මත විය.පනතට පක්‍ෂව ඡන්ද 160ක් මහ විරුද්දව ඡන්ද 53ක් ලැබිනි. එජාප, ජවිපෙ සහ දෙමල සන්ධානය පනටත විරුද්ධව ඡන්දය පාවිච්චි කලහ.දිවි නැඟුම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද සංශෝධන 12 න් 10ක් රජය මඟින් පිළිගෙන ඇත.
පළාත් සභාවක් පිහිටුවා නොමැති බැවින්, බහුතර ඡන්දයකින් එය සම්මත කර ගැනීම දිවි නැඟුම ජාතික සභාව පිළිබඳව පත්කිරීම් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශ යටතේ, රජයේ නිලධාරියෙකු විසින් සිදු කිරීම දිවි නැඟුම පරිපාලන සභාවේ කලාපීය ප‍්‍රධානී අමාත්‍ය මණ්ඩලය මගින් පත් කිරීම දිවි නැඟුම ප‍්‍රජා මූල සංවිධානවල බලතල තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කිරීම, දෙපාර්තමේන්තුවල, ප‍්‍රාදේශීය සංවිධානවල කාර්යයභාරයන් ප‍්‍රජාමූල සංවිධානවලට අයිතිය ලබා දෙමින්, බහුතර ඡන්දයෙන් සම්මත කිරීම, අකී‍්‍රයව පවතින යම් සංවිධාන වේ නම්, එය දෙපාර්තමේන්තු අරමුදල් පාර්ලිමේන්තු ඒකාබද්ධ අරමුදලට යොමුකර, අනතුරුව දිවි නැඟුම සංවර්ධන අරමුදලට බැර කිරීම රජය විසින් පිළිගෙන ඇති සංශෝධන අතර වේ.

මන්ත්‍රී හසිත මඩවල ඝාතනය ගැන රහස් පොලිසිය කියන කතාව

කැළණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතන සුලමුල හෙළි කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇමැති මර්වින් සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ‍ලේකම්වරුන් බව සදහන් දෙදෙනෙක්ද, කැළණිය, සිංහාරමුල්ල සහ ඒ අවට ප්‍රදේශවල ඇමැතිවරයාගේ සංවිධායක බව කියන පුද්ගලයෙක්ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. මඩවල මන්ත්‍රීවරයාට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ සිංහාරමුල්‍ලේ ඇමැති සංවිධායකවරයා බවත්, ඔහු සිංගප්පූරුවට පළා යාමේ සූදානමින් බණ්ඩාරනායක ගුවන්තොටු‍පොලට ගොස් ගුවන් තොටු‍පොල පරීශ්‍රයේ රැදී සිටියදී ඊයේ 07) අත්අඩංගුවට ගෙන ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විනාඩි කිහිපයක් ප්‍රමාද වූයේ නම් වෙඩික්කරු රැගත් ගුවන් යානාව සිංගප්පූරුව බලා ගුවන්ගත වනු ඇත.

UNP යත් 10 දා ‘නීතියට හිස නමනු’ සටනට එක්වේ

ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, නීති විරෝධීව කටයුතු කරන ආණ්ඩුවට එරෙහිව, අනෙකුත් දේශපාලන පක්ෂ සංවිධාන සහ ජනතාව සමග පාරට බැස සටන් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇත.මේ අනුව දෝශාභියෝග පාර්ලිමේන්තු විවාදය ඇරඹෙන දා, එනම් 10 දා අධිකරණ සංකීර්ණයේ සිට පාර්ලිමේන්තුව දක්වා ගමන් ගන්නා මහා පෙළපාලියට එක්සත් ජාතික පක්ෂයද සිය සාමාජිකත්වය සහභාගී කරවමින් එක්වීමට තීන්දු කර තිබේ.

ඉන් අනතුරුව ව්‍යවස්ථාව උල්ලංඝනයට එරෙහිව ලබන 15 දා සිට රටපුරා උද්ඝෝෂණ සංවිධානය කිරීමටත්, ඒ සදහා අනෙකුත් දේශපාලන පක්ෂවලට හා සංවිධාන වලටද ආරාධනා කිරීමටත් එජාප තීරණය කර ඇත.

7 වැනි දැයට කිරුළට කෝටි 6000ක්. " Deyata kirula 2013 "

දැයට කිරුළ 7 අම්පාරේ දී 


දැයට කිරුළ 07 වැනි ජාතික සංවර්ධන ප්‍රදර්ශනය මෙවර අම්පාර හාඩි උසස් තාක්ෂණ පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.එය ලබන මස 04 වැනිදාට යෙදෙන ජාතික නිදහස් දිනයට සමගාමිව ආරම්භ කිරීමට නියමිතය.07 වැනි වරට සංවිධානය කෙරෙන මෙම ප්‍රදර්ශනය පෙබ. 04 වැනිදා සිට පෙබ. 10 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමක් අද (08) පෙරුව‍වේ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණ.

ඒ අනුව මෙවර පොළොන්නරුව, ත්‍රීකුණාමලය, අම්පාර හා මඩකළපුව දිස්ත්‍රීක්කවල සංවර්ධන කටයුතු සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 60,000 කි.ඉන් රුපියල් මිලියන 260ක් දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වෙන අම්පාර හාඩි උසස් තාක්ෂණ පරිශ්‍රයේ සංවර්ධනයට යෙදවෙනු ඇත.

දෝෂාභියෝගය ඉදිරියටම ගෙන යන්න – President Mahinda Rajapakse

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමුහිකත්වය මේ වන තෙක් පළුදු වී නැතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ජනාධිපති කාර්යාලයේ දී පැවැති ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී අවධාරණය කොට තිබේ.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ අවශ්‍ය ඕනෑම මොහොතක සන්ධානයේ එකමුතුභාවය හා ශක්තිය පෙන්නුම් කරන බවයි. එම විශ්වාසය සන්ධානය අත්සන් කළ දා සිට ඒ ආකාරයෙන්ම ශක්තිමත්ව පළුදුවීමකින් තොරව අදටත් එලෙසින්ම පවතින බවද ජනාධිපතිවරයා කියා සිටියේ ය.

හිරකරු ජාවාරමේ නායකයා පූසෙක්

සිරකරුවන්ගේ ජාවාරම් වලට හවුල් වූ සිව්පා සගයෙකු අල්ලා ගැනීමට බ්‍රසීලයේ අලගොස් ප්‍රාන්ත සිරගෙදර නිළධාරීහු සමත් වූහ.

මේ හවුල්කරු පූසෙකි.සිරගෙදරට ඇතුළු වන ගේට්ටුවෙන් රිංගා එන මේ අමුත්තා ගැන සැක සිතූ නිලධරයෝ අමුත්තා ‘අත්අඩංගුවට ගෙන‘ පරීක්ෂා කිරීමේදී පූසාගේ බඩ යට පිටතට නොපෙනෙන සේ එල්ලා තිබූ මල්ලක වූ ජංගම දුරකථනයක්,බුරුම කටු හා කියත් පටි ආදිය සොයා ගත්හ.

දැරිය නොදරුවියේදී අඹුවක් කරලා

වයස අවුරුදු 15 ක දැරිවියක් දෙමව්පිය බාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් ඇය සමග අඹු - සැමියන් ලෙස සති 03 ක පමණ කාලයක් ගත කළ බව කියන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි. අතවරයට ලක්ව ඇත්තේ හලාවත - තාලාඩිවැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිවියකි. මෙම දැරිවිය මේ වන විට පාසල් අධ්‍යාපනය හමාර කර සිටී. ඉකුත් දෙසැම්බර් මස 15 වැනි දින ඥාති නිවසකට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති ඇය නැවතත් තම නිවසට පැමිණ නැත.

අධිකරණයට රාජපාක්ෂික විනිසුරුවරයෙක් දාන්න හදනවා. මැදමුලන තියරියට ජනතාව යටත්විය යුතු නැහැ- PMD

අධිකරණයට රාජපාක්ෂික විනිසුරුවරයෙක් දාන්න හදනබවත් මැදමුලන තියරියට ජනතාව යටත්විය යුතු නැති බවත් ඊයේ (07) කොළඹ හයිඩ් පිටියේ පැවති රැලියේදී ජනතාව ඇමතූ කථිකයෝ අවධාරණය කර සිටියහ. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනාතා ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ එම රැළියේදී කථිකයන් දැක්වූ අදහස් තවදුරටත් පහත පළවේ.




Gossip Lanka Hot News Previous News Archive