පාර්ලිමේන්තුවේ අද විවාදයට ගත් දිවි නැගුම පනත් කෙටුම්පත මීට ටික වේලාවක පෙට වැඩි ඡන්ද 107කින් සම්මත විය.පනතට පක්ෂව ඡන්ද 160ක් මහ විරුද්දව ඡන්ද 53ක් ලැබිනි. එජාප, ජවිපෙ සහ දෙමල සන්ධානය පනටත විරුද්ධව ඡන්දය පාවිච්චි කලහ.දිවි නැඟුම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරන ලද සංශෝධන 12 න් 10ක් රජය මඟින් පිළිගෙන ඇත.
පළාත් සභාවක් පිහිටුවා නොමැති බැවින්, බහුතර ඡන්දයකින් එය සම්මත කර ගැනීම දිවි නැඟුම ජාතික සභාව පිළිබඳව පත්කිරීම් අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිර්දේශ යටතේ, රජයේ නිලධාරියෙකු විසින් සිදු කිරීම දිවි නැඟුම පරිපාලන සභාවේ කලාපීය ප්‍රධානී අමාත්‍ය මණ්ඩලය මගින් පත් කිරීම දිවි නැඟුම ප්‍රජා මූල සංවිධානවල බලතල තුනෙන් දෙකේ බහුතරයෙන් සම්මත කිරීම, දෙපාර්තමේන්තුවල, ප්‍රාදේශීය සංවිධානවල කාර්යයභාරයන් ප්‍රජාමූල සංවිධානවලට අයිතිය ලබා දෙමින්, බහුතර ඡන්දයෙන් සම්මත කිරීම, අකී‍්‍රයව පවතින යම් සංවිධාන වේ නම්, එය දෙපාර්තමේන්තු අරමුදල් පාර්ලිමේන්තු ඒකාබද්ධ අරමුදලට යොමුකර, අනතුරුව දිවි නැඟුම සංවර්ධන අරමුදලට බැර කිරීම රජය විසින් පිළිගෙන ඇති සංශෝධන අතර වේ.







