මර්වින්ගේ ආචාර්ය උපාධිය පාතාලය සම්බන්ධවයි

‘‘අමාත්‍ය මර්වින් සිල්වාට ආචාර්ය උපාධි ලබාදුන්නේ මොකක් සම්බන්ධවදැයි රටේ ජනතාවට ප‍්‍රශ්නයක් තිබුණත්, මර්වින් සිල්වාට ආචාර්ය උපාධිය ලබා දුන්නේ පාතාලය සම්බන්ධව බව දැන් පෙනීගොස් තිබෙනවා’’ යැයි දකුණු පළාත් සභා මන්තී‍්‍ර නීතිඥ මෛතී‍්‍ර ගුණරත්න මහතා පවසයි.

‘‘ඒ විතරක් නොවේ මේ වගේ ඇමතිවරු දාගෙන තමයි අද මේ ආණ්ඩුව ගෙනියන්නේ. තමන්ගේ අයට මේ විදියට සලකන කොට අනිත් අය ගැන කවර කතාද? අද මේ ආණ්ඩුව තමන්ට පාලනය කරගන්න බැරි අයට විරුද්ධව කටයුතු කරනවා. නැත්නම් පන්නලා දානවා. නැත්නම් මරලා දානවා. අද රටේ නීතියක් නැති තත්ත්වයක් නිර්මාණය වෙලා.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී ශ‍්‍රී ලංකාව ගැන ආයෙත් විවාද

වසර 30ක යුද්ධයෙන් පසුව සංවර්ධන ඉලක්ක කරා සිඝ‍්‍රයෙන් දිව යන ශ‍්‍රී ලංකාවට පූර්ණ සහාය ලබාදිය යුතු බව බි‍්‍රතාන්‍යයේ විදේශ කටයුතු සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය කටයුතු භාර අමාත්‍ය ඇලෙස්ටෙයාර් බර්ඞ් මහතා පවසනවා. දැනට කි‍්‍රයාත්මක සංවර්ධන සැලසුම් එලෙසින් කි‍්‍රයාත්මක කිරීමට ශ‍්‍රී ලංකාවට ඉඩදිය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. එම සංවර්ධන සැලසුම්වලින් ශ‍්‍රී ලංකාව මෙතෙක් ලබා ගෙන තිබෙන ප‍්‍රගතිය ප‍්‍රශංසනීය බවද අමාත්‍යවරයා පැවසුවා.
 අමාත්‍යවරයා ඒ බව පැවසුවේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විවාදයකට එක්වෙමින්. ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජය නායක සමුළුවට බි‍්‍රතාන්‍යය සහභාගි විය යුතු දැයි එහිදී විවාද කෙරුණා. එල්.ටී.ටී.ඊයට පක්ෂපාතී අදහස් දරන මන්ත‍්‍රීවරියක් ලෙස සැලකෙන සිමෝන් මැග්ඩොනා මහත්මිය එහිදි කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත මීලඟ පොදුරාජ්‍ය මණ්ඩලයීය සමුළුවට බි‍්‍රතාන්‍ය සහභාගි නොවිය යුතු බවයි. 

නැතිවූ නිධානය ඉන්දියාවෙන් හමුවෙයි.

විශිෂ්ට සිංහල සිනමා කෘතියක දශක ගණනාවක් තිස්සේ අතුරුදහන්ව පැවැති සේයා පිටපතක් සොයා ගැනීමට හැකිවී තිබේ.
1972 දී තිරගත වූ නිධානය එම වසරේ වැනිසියේ චිත්‍රපට උළෙලේදී වසරේ දෙවැනි විශිෂ්ඨතම සිනමා කෘතිය ලෙසින් පිදුම් ලැබුවේයදෙස් විදෙස් සම්භාවිත නිධානය චිත්‍රපටයේ පිටපතක් හමුවූයේ ඉන්දීය ජාතික චිත්‍රපට සංරක්ෂණායතනයේ (Indian National Film Archives) තිබී.

සඳුදා සිට මේ රටේ තිබෙන්නේ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක් - (JVP) Anura Kumara Dissanayake

මෙම මස 10,11 දෙදින තුළ දෝෂාභියෝගය විවාදයට ලක්කොට සිකුරාදා රාතී‍්‍ර වනවිට අගවිනිසුරුවරිය ඉවත් කිරීමටත් ලබන සඳුදා දිනයේ නව අගවිනිසුරුවරයෙකු පත්කර ගැනීමටත් ආණ්ඩුව සූදානම් බව බවත් ඒ අනුව ලබන සඳුදා සිට මේ රටේ තිබෙන්නේ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (09) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඇරිස්ටෝටල්ගේ කාම සූත්‍රය වෙන්දේසියේ ‘ Aristotle Sex Manual’

ග්‍රීසියේ විසූ දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල් විසින් ග්‍රන්ථාරූඪ කරන ලද කලකදී තහනම්කර තිබූ ලිංගික විද්‍යාව හා ගර්භණීභාවය පිළිබඳ සිතියම් සහිත ග්‍රන්ථය ටර්බුල්හි එඩිංබර්ග් වෙන්දේසි පොළේදී පවුම් 400කට විකිණීමට තීරණයකර තිබේ.

ක්‍රි.ව. 1760 දී පමණ මුලින්ම මුද්‍රණද්වාරයෙන් පිටවූ මෙම ග්‍රන්ථය 'ඇරිස්ටෝටල්ස් කම්ප්ලීට් මාස්ටර් පීස්' යනුවෙන් හැඳින්වේ. ආධුනික වින්නඹු මාතාවන්ට හා අලුත විවාහ වූ ජෝඩු සඳහා මඟ පෙන්වීමක් වශයෙන් ලියා ඇති මෙම ග්‍රන්ථය වසර 200 පමණ පෙරදී එක්සත් රාජධානිය තුළ භාවිතය තහනම්කර තිබිණි.

ගින්නලිය විදුහල ළඟ කඳුළු ගඟක්‌ වුණු හැටි..

විදුහල ඉදිරිපිටදී සිසුවා මරා ලොරිය පනී
 බෙරලපනාතර, ගින්නලිය මහා විද්‍යාලය ඉදිරිපිටදී 2 වසර ඉගෙනුම ලබන පාසල් සිසුවකු ලොරි රථයකට යටවීමෙන් එම ස්‌ථානයේදීම මිය ගොස්‌ ඇත.ඊයේ (08 දා) දහවල් පාසල නිමවී මහාමාර්ගයට පැමිණි අවස්‌ථාවේ අධික වේගයෙන් පැමිණි ලොරි රථයට යටවීමෙන් මෙම සිසුවා අවාසනාවන්ත ලෙස මියගොස්‌ තිබේ.මෙසේ මියගොස්‌ ඇත්තේ ගින්නලිය මහා විද්‍යාලයේ 2 වැනි ශ්‍රේණියේ ශිෂ්‍ය සුසර විශ්මිත (7) නමැති දරුවෙකි.අනතුර සිදුකළ ලොරි රථයේ රියෑදුරා පලාගොස්‌ ඇති අතර සැකකරු සොයා පොලිසිය මෙහෙයුමක්‌ ක්‍රියාත්මක කර ඇත.

පාසල ඉදිරිපිට මාර්ගය කාපට්‌ කර ඇති අතර, වාහන පාසල ඉදිරිපිටදී අධික වේගයෙන් ගමන් කරන බවද ප්‍රදේශවාසීහු පවසති.

2013 වසරේ ප්‍රථම ග්‍රහ මාරුව ඔබට කොහොමද?

වසරේ ප්‍රථම ග්‍රහ මාරුව සනිටුවහන් කරමින් සිකුරා ජනවාරි 4 දා පස්වරු 3.30 ට ධනු රාශියට සම්ප්‍රාප්ත වූ අතර 2013 ජනවාරි 15 දා රාත්‍රී 10.45 ට බුධ මකර රාශියට පැමිණේ.

පෘථිවිය හා සමාන ග්‍රහයෝ බිලියන 17ක්

පෘථිවිය හා සමාන ග්‍රහයන් බිලියන17ක් ක්ෂීරපථයේ තිබෙන බව සඳුදා නිකුත් කළ අධ්‍යයන වාර්තාවකින් අනාවරණය වෙයි. මේ අනුව පෘථිවි ග්‍රහයාට සහෝදර ග්‍රහයකු සොයා ගැනීමේ ඉඩකඩ වැඩි බව විද්‍යාඥයෝ පවසති.මේ බව අනාවරණය කරගෙන ඇත්තේ නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ යානය උපයෝගි කරගනිමින් තාරකා විද්‍යඥයන් විසින් කළ අධ්‍යයනයක ප්‍රතිඵලයක් වශයෙනි.මේ අනුව තාරකාවලින් 17%කට පමණ අපගේ පෘථිවිය තරම් විශාල ග්‍රහයකු සිටින බව සොයා ගෙන ඇත. ක්ෂීරපථයේ තරු බිලියන 100ක් පමණ තිබේ.

මේ සියලු ග්‍රහයන් මිනිස් වාසයට සුදුසු නොවනු ඇති වුවත් මිනිස් වාසයට සුදුසු ග්‍රහයන් කිහිපයක් හෝ සොයා ගැනීමේ සම්භාව්‍යතාවක් ඇතැයි විශ්වාස කෙරේ.

Gossip Lanka Hot News Previous News Archive