නීතිඥ වර්ජනයෙන් රටේම උසාවි වැසේ

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට විරෝධය පෑමක් වශයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය 'අදත්-හෙටත්' සිය වෘත්තීයමය කටයුතුවලින් බැහැර වීමට තීරණය කොට තිබේ. 
මෙකී තීරණය අනුව මේ දෙදින තුළ මුළු රටේම නඩු විභාග කිරීමක් සිදුනොවනු ඇත. දෝෂාභියෝගයට දැඩි ලෙස විරෝධය දක්වන මහෙස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරු සංගමය පැවැසුවේ නීතිඥවරුන් සිය වෘත්තීයමය කටයුතුවලින් බැහැර වන විට අධිකරණවල කටයුතු නොකෙරෙන බවයි.

නාන කොටත් Call ගන්න අලුත් Sony ෆෝන් එකක් - Shower-Friendly Sony Xperia Z

ජලය යට විනාඩි 30ක් නිරුපද්‍රිතව ක්‍රියාත්මකව පැවැතිය හැකි ජංගම දුරකතනයක් සෑදීමට සෝනි සමාගම සමත්වී තිබේ. හානිවීමේ අවදානමකින් තොරව නාන විට හෝ පිහිනන විට දැන් තම නවතම ස්මාර්ට්ෆෝන් එක භාවිත කළ හැකි බව එම සමාගම පවසයි.
දියයට ක්‍රියාත්මක වන විවිධ විද්‍යුත් උපකරණ ජපානයේ ජනප්‍රිය දෙයකි. කෙසේ වෙනත් ඉහළ තාක්‍ෂණික ජංගම දුරකතනයකට මේ පහසුකම හඳුන්වාදී ඇත්තේ පළමු වතාවටය. ඔ නඥපඪචල නමැති මේ දුරකතනයට දිය යට අධි තාක්‍ෂණික වීඩියෝ පටිගත කිරීම්ද කළ හැකිය. මේ තාක්‍ෂණය තම සමාගමේ කැමරා නිෂ්පාදන අංශයෙන් ලබාගෙන ඇතැයි ප්‍රකාශ කොට ඇත.

මාලිංගට මුහුණදීමට ‘Home Work’ අකුරටම කළ යුතුයි - ඩේවිඩ් හසී

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර හෙට ආරම්භ වන එක්දින තරගාවලියේ දී ලසිත් මාලිංගට සාර්ථකව මුහුණදීමට නම් ඔස්ට්‍රේලියා පිතිකරුවන් තම 'ගෙදර වැඩ' අකුරටම ඉටුකළ යුතුව ඇතැයි ඩේවිඩ් හසී විශ්වාසය පලකළේය.ඔස්ට්‍රේලියාවේ මේ දිනවල පැවැත්වෙන බිග් බෑෂ් විස්සයි20 තරගාවලියේ දී හසී නියෝජනය කරන මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමේ ප්‍රධානතම පන්දුයවන්නා වන මාලිංගගේ විවිධාකාරයේ පන්දු වර්ග 3ක් සැලකිල්ලට ගනිමින් ඔහු මේ බව කියා සිටියේය.

බිග් බෑෂ් තරගාවලියේ ‍මේ වනවිට වැඩිම කඩුලු ලාභියා වන මාලිංග එක්දින පිලට එක්වීමෙන් ටෙස්ට් තරගමාලාව පරාජයට පත්වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට විශාල සහනයක් වනු ඇති බවත් හසී කීවේය.

අන්තර්ජාල අපරාධ 800%කින් වැඩිවෙලා

ෆේස් බුක් , ට්විටර් ආදී සමාජ ජාල වෙබ් අඩවි තුළින් ලොව පුරා රටවල සමාජීය තත්ත්වය සාධනීය ලෙස උඩුයටිකුරු කළ බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් මේ වන විට තත්ත්වය වඩා භයානක අන්තයකට ගමන් කරමින් සිටින බව ද බොරුවක් නොවේ. ගෙවුණු වසර 4 ක් වැනි කාලය තුළ අන්තර්ජාලයේ සමාජ ජාල අපරාධ 800% න් පිම්මේ ඉහළ ගොස් ඇති බව අලුත් ම දත්ත අනාවරණය කරයි.

ලංකාවේ දිනකට ළමා අපචාර 5 ක්‌

ශ්‍රී ලංකාවේ දිනකට ළමා අපචාර 5 ක්‌ සිදු වන බව වාර්තා වන අතර, ඊට වැඩි සංඛ්‍යාවක්‌ වාර්තා නොවන බව "නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය" පවසයි.

සමස්‌තයක්‌ ලෙස රට පුරා පොදු අපරාධ රැල්ලක්‌ වර්ධනය වෙමින් පවතින බවත්, එහි ප්‍රධාන ගොදුරු බවට දරුවන් හා කාන්තාවන් පත්වන බවත් ඊයේ (09 වැනිදා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී "නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ" සභාපති දිමුතු ආටිගල මහත්මිය කීවාය.

මගේ අත්සනින් දුන් සියලු තනතුරු අවලංගුයි- Mervyn Silva

තම ක්‍රියාකාරීන්ට තම අත්සනින් නිකුත් කර ඇති තනතුරු අද සිට අවලංගු කරන බව මහජන සබඳතා සහ මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔහූ විසින් අද නිකුත් කරනු ලැබූ මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ දේශපාලන කටයුතු සහ සංවර්ධන කටයුතු සංවිධානය කිරිමේදි ජනතාවගේ පහසුව සදහා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ආසනවල ක්‍රියාකාරීන්ට සහ දේශපාලක කටයුතුවලදී සෘජුව උදව් කළ සියලුදෙනාට තනතුරු ඇතුලත් හැදුනුම්පතක් නිකුත් කර ඇති බවය.

සම්බන්ධීකරණ ලේකම්, උපදේශක සහ සම්බන්ධීකාරක යන තනතුරු සදහා එම හැදුනුම්පත් නිකුත් කළ බව ද අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

රිසානා නිදහස් කර ගන්නවා - ඩිලාන් පෙරේරා

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමති ඩිලාන් පෙරේරා මහතා අද පාර්ලිමේන්තුවේදී අපූරු කතාවක් සිදුකර ඇත. එනම් සෞදි අරාබියේ මරණ දඬුවමට නියමවී සිටින රිසානා නෆීක් නිදහස් කර ගන්නා බවයි.

ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ අද (09) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.00ට පමණය. නමුත් අද ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.00ට රිසානාගේ හිස ගසාදැමූ බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබුණි.

රිසානාට මරණ දඩුවම දෙයි - Rizana Nafeek executed

හත් වසරක් සෞදි අරාබියේ සිරගත කොට සිටි ශ‍්‍රී ලාංකික තරුණියක වන රිසානා නෆීක් හට අද මරණ දඩුවම කි‍්‍රයාත්මක කර ඇතැයි වාර්තා වේ.

රියාද් නුවරට බටහිරින් කිලෝමීටර් 400ක් පමණ දුරින් පිහිටි දවාදමී නගරයේදී ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් අද (09) දහවල් 12ට පමණ රිසානා ගේ ගෙල සිඳ ලා ඇති බව සෞදි අරාබියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.මෙලෙස ඇයට මරණ දඩුවම පනවා ඇත්තේ ඇගේ භාරයේ සිටි සිව් මස් දරුවකු මිය යාමේ චෝදනාවට වරදකාරිය වු බැවිනි.

Gossip Lanka Hot News Previous News Archive