අපි සියලුදෙනාම සමූලඝාතනයට මර්වින්ගේ කොන්ත්‍රාත්තුව ලක්ෂ 35යි - Prasanna Ranaweera

 ඝාතකයින් පාපොච්චාරණය කරලා !

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ උපදෙස් මත රුපියල් ලක්ෂ 35ක කොන්ත්‍රාතුවකට අපි සියලුදෙනාම සමූලඝාතනය කිරීමට සැලසුම් කර තිබු බව හසිත මඩවල මන්ත්‍රීවරයාගේ ඝාතකයින් විසින් පාපොච්චාරණය කර ඇතැයි කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා පවසයි.
කැලණියේදී අද (12) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වුවේය.
පුද්ගලික ආරවුලක් මත මන්ත්‍රීවරුන් සියලුදෙනා සමූලඝාතනය කිරීමට අවශ්‍ය නැති බවද එසේ නම් වෙඩි තබා මැරිය යුත්තේ තමා බවද ප්‍රසන්න රණවීර මහතා කියා සිටියේය.

" Apophis" ඇස්ටරොයිඩය පෘථිවියේ ගැටෙන්නේ නෑ - NASA

වසර 2036 දී පෘථිවියේ ගැටිය හැකි බවට සැක සහිතව තිබූ ඇපොෆිස් (Apophis) ඇස්ටරොයිඩය පෘථිවියේ නොගැටෙන බව නසා ආයතනය සදහන් කර තිබේ.මීටර් 300ක් පලල ඇපොෆිස් ඇස්ටරොයිඩය පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාව 200,000 :1 බව මීට පෙර නසාහි විද්‍යාඥයන් සඳහන් කර තිබිණි.

මෙය පෘථිවිය ආසන්නයෙන් ගමන්ගත් ආසන්නම අවස්ථාවේදී (පසුගිය බදාදා) එය ගමන්කර ඇත්තේ පෘථිවියට හැතැප්ම මිලියන 09.3 ක් (කිලෝ මිටර් මිලියන 15ක්) ඈතින් බවද පැවසේ.වසර 2004 දී සොයාගත් මෙම ඇස්ටරොයිඩය මුලින් 2004 MN4m ‍ලෙස හැඳින්වුවද, පසුව එය පැරණි ඊජිප්තු හිරු දෙවියා වන රා දෙවිඳු ගේ සතුරෙකු වන ඇපෙප් ඇසුරෙන් ‍ඇපොෆිස් ලෙස නම් විය.

නීතියක් නැති රටකට ! - 'රාවය' අනතුරු හඟවයි

දෝෂාභියෝගයෙන් පසු රට තුල මතුවෙමින් පවතින අරාජිකත්වය පිළිබඳව කරුණු දක්වමින් 'රාවය' පුවත්පතේ පලවී ඇති ප්‍රධාන පුවත කාලින පසුබිම සලකා කිසිදු සංස්කරණයකින් තොරව පහත පළකර ඇත.

අධිකරණයට අදාළ අර්බුදය තීරණාත්මක තැනකට ගමන් කරමින් තිබෙන මෙම අවස්ථාවේදී පොදු යහපත ගැන උනන්දුවක් දක්වන නිදහස් පුවත්පතක් වශයෙන් සාම්ප‍්‍රදායික මුල් පුවත් වාර්තාකරණයෙන් බැහැර වී අධිකරණ දෙකක් විසින් ලබාදී තිබෙන තීරණයන් නොසලකා දෝෂාභියෝග ක‍්‍රියාමාර්ගය ඉදිරියට ගෙනයෑමෙන් ඇතිවිය හැකි ප‍්‍රතිවිපාක ජනාධිපතිවරයාගේත්, පාර්ලිමේන්තුවේත්, දේශපාලන පක්ෂවලත්, මහජනයාගේත්, පාඨකයන්ගේත් දැනගැනීම සඳහා මෙසේ පිඬු කොට වාර්තා කරමු.

රිසානාගේ හිස ගසා දැමීම තැති ගන්වන සුලු ක්‍රියාවක් - United Nations Secretary-General Ban Ki-moon

ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ගේ හිස ගසා දැමීම තැති ගන්වන සුළු බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැංකි මූන් පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ප්‍රකාශ කළේ, රිසානාව රැඳවුම් භාරයේ තැබිම හා ඇයට එරෙහිව පැවති නඩු විභාගයේ අවිධිමත්භාවය සම්බන්ධයෙන් ඇති වාර්තා පිළිබඳ සිය දැඩි අවධානය යොමු වී ඇති බවය.සෞදි ආරිබියේ රියාද් අගනුවරට ආසනන්, දවාද්මි නගරයේදී රිසානා නෆික් හිස ගසා මරා දැමුණේ, පසුගිය බදාදා උදෑසන කාලයේදී ය.ඒ, සිය භාරයේ සිටි බිලිඳෙකු මරණයට පත්කරන ලැදැයි කියන සිද්ධියකට එරට අධිකරණයක් හමුවේ වරදකාරිය වීම හේතුවෙනි.

කළු පාට වැස්සත් එයි- Black Rain

රතු, කහ හා කොළපාට වැසිවලට අමතරව කළු පාට වැස්සක් ද ඇද වැටී තිබේ. මහියංගනය, මීගහපිටිය ප්‍රදේශයට කළුපැහැති වැස්සක් ඇදහැලී ඇති බව වාර්තා වේ.ප්‍රදේශවාසීන් පැවසූවේ, ඊයේ රාත්‍රි ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ මෙම කළුපැහැති වර්ෂාව ද ඇදහැලුණු බවය.

එම ජලය ගලාගෙන ගොස් රැඳි ඇති ස්ථානවල තෙල් තට්ටුවක් මෙන් දක්නට ඇතැයි ද එම ප්‍රදේශවලට ඉහළ අහසේ කළු පැහැති ඝන වලාකුළුවලින් වැසී ඇති බවද එය දුටුවෝ පවසති.

අගවිනිසුරුවරිය ඉවත් නොවේ

තමාට එරෙහිව ඊයේ (11) දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තද ඇයට එරෙහිව ක්‍රියාත්මකවූ පාර්ලිමේන්තු ක්‍රියාදාමය ව්‍යවස්ථානුකුල නොවන බවට අධිකරණ දී ඇති නියෝගය මත සිය තනතුරින් ඉවත් නොවිමට අගවිනිසුරු ආචාර්ය ශිරාණී බණ්ඩාරනායක මහත්මිය තීරණය කොට ඇතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් වෙනත් අයෙකු අගවිනිසුරු තනතුරේ වැඩ බැලීමට පත්කළහොත් ඊට එරෙහිව අභියාචනාධිකරණයෙන් ක්වෝ වොරන්ටෝ රීට් ආඥාවක් ලබා ගැනීමට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් තීරණයක්ද කර ඇත.

සම්මත කරගෙන තිබෙන්නේ දෝෂාභියෝග යෝජනාව නෙවෙයි. පරණ එකක් !

දෝෂාභියෝගය සම්බන්ධ තේරීම්කාරක සභාවේ වාර්තාව ගැන පාර්ලිමේන්තුව තුල ඊයේ (10) සහ අද (11) විවාද කර, ජන්දය සදහා ඉදිරිපත් කර ඇත්තේ නොවැම්බර් 6 දා තේරීම් කාරක සභාවක් පත් කිරීමට පාර්ලිමේන්තුවට ගෙන ආ යෝජනාවමය. ඒ අනුව බහුතර ජන්දයෙන් සම්මතවී ඇත්තේ, තේරීම් කාරක සභාවේ වාර්තාව ගැන නොව යළි තේරීම් කාරක සභාවක් පත් කිරීම සඳහාය.

පාර්ලිමේන්තු න්‍යය පත්‍රයේ මේ පිළිබදව පැහැදිලිව සදහන්ව තිබුණද, ඡන්දය විමසීමට සූදානම් වන අවසන් අවස්ථාව වන තුරු එය රහසක්ව තබා ගැනීමට විපක්ෂ නායකයා කටයුතු කර තිබිණ. ඡන්දය විමසීමට ලං වෙද්දී එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සවස 6.20 ට මේ රීති ප‍්‍රශ්නය මතු කෙළේය. ඒ පිලිබදව මෙතෙක් දැනුම් නොදී විවාදය කරගෙන ගියේ ඇයිදැයි කතානායකවරයා එහිදී විමසිය. ජෝෂප් මයිකල් පෙරේරා හිටපු කතානායකවරයා එවිට කීවේ අප අවශ්‍ය අවස්ථාවේදී ඒ රීති ප‍්‍රශ්නය මතුකරන්නට බලා සිටි බවයි. ස්වාමිනාදන් මන්ත‍්‍රීවරයා කීවේ දැන් කතානායක වරයා කළ යුත්තේ තේරීම්කාරක සභාවක් යළි පත් කිරීම මිස වෙනත් කිසිවක් නොවන බවයි.

නීතියේ ආධිපත්‍යයට ගරු කරන්න - USA

අගවිනිසුරුවරිය ශිරාණි බණ්ඩාරනායකට එරෙහි සමස්ත දෝෂාභියෝග ක්‍රියාවලිය පිළිබඳව බරපතල අවධානය පළ කරන ඇමෙරිකා එක්සත් ජනපදය නීතියේ ආධිපත්‍යයට ගරු කරන මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් යලිත් ඉලීමක් කරයි.
වැඩි ඡන්ද 106 කින් දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්ද නොතකා හරිමින් දෝෂාභියෝගය විවාද කිරීමට පාර්ලිමේන්තුව පියවර ගැනීම පිළිබඳව බලවත් කනස්සල්ල පළ කොට තිබේ.

Gossip Lanka Hot News Previous News Archive