තවත් ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඩුවම නියම වේ

සිව් මසක් වයසැති පිරිමි ළමයෙකු  ඝාතනය කිරිමේ ‍චෝදනා මත මරණ දඩුවම හිමිවූ රිසානා නෆික් ගැන මුළු ලෝකයේම අවධානය යොමු වූ මෙකල තවත් ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඩුවම නියම කරනු ලැබු පුවතක් කටාර් රාජ්‍යයෙන් වාර්තා වේ.
එසේ මරණ දඬුවම නියම කර ඇත්තේ, වෙන්ගඩාසලම් සුදේශ්කර් නැමැති 22 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට එරෙහිවයි.
කටාර්හි සේවයේ නියුතු ඉන්දියානු තරුණයෙකු පිහියෙන් ඇන ඝාතනය කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාවයි.
කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වෙන්ගඩාසලම් සුදේශ්කර් කටාර්හි රැකියාවක් සඳහා ගොස් ඇත්තේ 2010 වසරේ මාර්තු මාසයේදී වන අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් ඔහුව සැකපිට  2011 වසරේ ජූනි මාසයේදී කටාර් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

නව අගවිනිසුරු ඉදිරි දින කිහිප තුල - President's spokesman Mohan Samaranayake

අගවිනිසුරු තනතුරට පුද්ගලයකු පත්කිරීම ඉදිරි දින කිහිප ඇතුලත සිදුවිය හැකි බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක සඳහන් කරයි.

දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු එම තීරණය කථානායකවරයා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත දන්වා ඇති බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා ඇති පරිදි ඉදිරි පියවර ගැනීම හැර ජනාධිපතිවරයා හට වෙනත් විකල්පයකට ඉඩක් නැතැයි ඔහු ප්‍රකාශ කළේය.

ගණිකාවෝ තමයි නිළියෝ වුණේ - Sunanda Silva

ගම-අනුරාධපුර
ඔයා මෙගා රචකයෙක් මොනවද කරපු මෙගා? සරා, මලී, සිහිනයකි ගීතය

මෙගා කියන්නෙ ෆීල්ඩ් එකේ ඉන්න අයම කරන සල්ලි හම්බ කරන ප්‍රොජෙක්ට් එකක්ද?

ජීවත්වෙන්න මිනිසුන්ට සල්ලි ඕන. නළු නිළියොන්ට, අධ්‍යක්‍ෂවරුන්ට ක්‍ෂේත්‍රයේ හැමෝටම සල්ලි ඕන. ඉතින් තමන් කරන වෘත්තියෙන් තමයි ඔවුන් ජීවත් වෙන්නෙ. ඉස්සර වගේ නෙවෙයි දැන්, කොටස් අඩුගාණක ටෙලි නාට්‍යයක් විකාශය කරන්න තියෙන්නෙ නාළිකා අඩුගාණක් විතරයි. සමහර නාළිකා සල්ලි ගෙවන්නෙත් කොටස් 50ක නාට්‍යයක කොටස් 40ක් ප්‍රචාරය වුණාටත් පස්සෙ. ඒ නිසා මේක ප්‍රොජෙක්ට් එකක් කියන එක වැරැදියි.

කකුල් අස්සේ ගහගෙන ලැප්ටොප් උස්සපු සුද්දීගේ කථාව

 ශිවන්තිගෙ ගෑනු කල්ලියේ 'සුද්දි' 'මව්බිම පුවත්පත සමග පැවැත් වූ සම්මුඛ සාකච්චාව
• නම මොකක්ද? මගේ ඇත්ත නම නම් වෙන එකක් හැබැයි ෆීල්ඩ් එකේ කියන්නෙ 'සුද්දි' කියලා.
  • මමත් ඔයාට 'සුද්දි' කිව්වට කමක් නැද්ද?
කමක් නෑ. හැබැයි මහත්තයෝ මගේ ෆොටෝ නම් ගන්න එපා. දැනටමත් මාව පොලිසියෙන් හොයනවා.
• බය නැද්ද?
බයක් නෙවෙයි මට තියෙන්නේ දුකක්?
• ඇයි ඒ?
මට ළමයි දෙන්නෙක් ඉන්න නිසා?

සිංහල ජාතිය කෙට්‌ටු වීමේ ඛේදවාචකය ! The Sinhala Nation

වත්මන් හි දක්‌නට ලැබෙන ලොකුම ඛේදවාචකය වූ කලී සිංහල ජාතිය කෙට්‌ටු වීමයි. දැවැන්ත ඉතිහාසයක්‌ හා සංස්‌කෘතියක්‌ ඇතිව, ලෝකයා ඉදිරියේ අභිමානවත් ව නැඟී සිටීමේ ශක්‌තියක්‌ ඇතිව සිටි සිංහල ජාතිය දවසින් දවස ‘පුංචි වීගෙන’ යයි. 1970 දී ‘පුංචි පවුල රත්තරන්’ යන පාඨය තැපැල් මුද්දරය මත්තේ සටහන් කරන්නට වූ දා සිට ම විවිධ උපාය මාර්ගවලින් මහ ජාතිය ක්‍රමයෙන් සීමා කිරීමට දියත් වූ කුමන්ත්‍රණයේ වේගවත්ම පරිහානී අවස්‌ථාවට අපි මුහුණ පා සිටිමු.

ශ්‍රී ලාංකේය වේදිකාවේ නව ප්‍රාසංගික අත්දැකීම “මහසමයම” - Mahasamayama

පුරාණෝක්තියෙන් යාතු කර්මයෙන් උපන් ජන නාට්‍ය සම්ප්‍රදායන්ට, වර්තමානයට ආරාධනා කරනු වස්, පුරාණ මානව පරිකල්පනයෙන් හා ස්මරණයේ මහත් වූ ආනිශංසයෙන් බිහි වූ නිර්මාණාත්මක අනුභූතීන් හා රංග චර්යා ඔස්සේ අද්‍යතන මානව සිතුවිලි හා පැවැත්ම තේරුම් බේරුම් කර ගැනීම උදෙසා ''මහසමයම'' දැවැන්ත වේදිකා නාට්‍යය ලබන ජනවාරි 30 වැනි දා රංගාවතරණයට සූදානම් වේ.

ගෝඨයිම්බර හා මහසෝනා අතර ඇති වූ ගැටුම පිළිබඳ පුරාණෝක්ති ඇසුරෙන් මහාචාර්ය ආරියරත්ත ඇතුගල සූරීන් අතින් නාට්‍ය පෙළ ලියැවී නිෂ්පාදනය වන "මහසමයම" මෙරට වේදිකා නාට්‍ය ඉතිහාසයේ අති දැවැන්ත නිර්මාණයක් ලෙසින් වේදිකාගත වන්නේ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ප්‍රාසංගික රංගශාලාවේ දී ය. ජනවාරි 30 ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 6.30ට මංගල දර්ශනය රංගගත කෙරේ. පෙබරවාරි 1 සහ 2 යන දෙදිනේ ද මහජනතාව වෙනුවෙන් නාට්‍ය වේදිකාගත වේ.

දමිළ සන්ධාන මන්ත්‍රීගේ කාර්යාලයෙන් පුපුරණ ද්‍රව්‍ය සහ නිල් චිත්‍රපට

දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 500ක් හා අසභ්‍ය සංයුක්ත තැටි තොගයක් සමග කිලිනොච්චියේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය කියයි. මෙලෙස පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම රාජ්‍ය බුද්ධි අංශ විසින් ද තහවුරු කර තිබේ.ශ්‍රීදරන් මහතාගේ කිලිනොච්චිය කාර්‍යාලයේදී පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය, රජයෙහි සැලසුම් සහගත කුමන්ත්‍රණයෙහි උච්චතම අවස්ථාවක් බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

අත්අඩංගුවට පත්ව ඇත්තේ සිය පක්ෂයේ කිලිනොච්චි දිස්ත්‍රීක් සංවිධායක වේලමා ලිහිදන් බව මන්ත්‍රී එස් ශ්‍රී ධරන් මහතා පවසයි.තම පක්ෂයේ ක්‍රියාකාරී සමාජිකයෙකු ඊයේ තිරුනගර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු මේ පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි යන්න පවසා තම පක්ෂ කාර්යාලය පරික්ෂා කර ඇති බවත් ශ්‍රීධරන් මන්ත්‍රීවරයා සදහන් කරයි.

පිටසක්වල ජීවීන් ගැන පළමු සාක්ෂිය ලංකාවෙන්

ජීවය ඇති තව ලොවක් තිබෙනවා “මනම්පිටි උල්කාශ්මය හොඳ සාධකයක්"

පසුගිය දෙසැම්බර් 29 දා පොළොන්නරුවේ මනම්පිටියට වැටුණු උල්කාශ්ම කොටසක තිබී ෆොසිල බවට පත්වූ ඇල්ගී සෛල ලෙස විශ්වාස කළ හැකි කොටස් හමුවී ඇතැයි එංගලන්තයේ බකිංහැම් විශ්විද්‍යාලයේ තාරකා විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ පවසයි.
එම උල්කාශ්ම කැබලි ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂයකින් පරීක්ෂා කිරීමේදී මෙම සාධක ලැබුණු බවත් එය පෘථිවියෙන් පිටත ජීවය පවතින බවට ලැබුණු ප්‍රථම සාධකය බවත් මහාචාර්ය වික්‍රමසිංහ වැඩිදුරටත් පවසයි.
මෙලෙස හමුවී ඇත්තේ ඩයටම ලෙස හඳුන්වන ඇල්ගී කොටස් බවත් ජීවීන් සහිත අභ්‍යන්තරික සාගරයකින් වෙන්වී වල්ගාතරුවක් සමග එය පැමිණෙන්නට ඇති බවත් ඔහු පවසයි. වසර ලක්ෂ ගණනක් සූර්යයා වටා භ්‍රමණය වෙමින් තිබූ මේ උල්කාපාත කොටසේ ජලය වාෂ්ප වන්නට ඇති බව ද මහාචර්ය වරයාගේ මතයයි.

Gossip Lanka Hot News Previous News Archive