එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති නීතීඥ ජයම්පති වික්‍රමරත්න මහතා සඳහන් කර ඇත්තේ, අලුතෙන් පත්කරන අගවිනිසුරු කවුරුන් වුවත් නීතීඥ එකමුතුව එය නොපිළිගන්නා බවත්, එවැනි පත්කිරීමකට එරෙහිව නීතිමගින් ක්‍රියා කරන බවත්ය.එසේම ජනපතිට එරෙහිව නීති මගින් ක්‍රියා කළ නොහැකි වුවත්, ජනාධිපති විසින් පත් කරන පුද්ගලයාට එරෙහිව නීති මගින් ක්‍රියා කළ හැකි බවය.
අලුත් අගවිනිසුරු පිළිගන්නේ නෑ - නීතිඥ සංගමය
රිසානා ගැන සෞදි රජයෙන් ප්‍රතිචාර
ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ට මරණ දඩුවම ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන විවේචනලට සෞදි රජය ප්‍රතිචාර දක්වා තිබේ.
නිවේදනයක් නිකුත් කරන එරට ප්රවෘත්ති ඒජන්සිය පවසන්නේ, එම ගෘහ සේවිකාවට එරෙහි අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා, යුරෝපා කොමිසමේ උප සභාපතිවරයා ඇතුළු ජාත්‍යන්තර ආයතන ගණනාවක් නිකුත් කළ ප්‍රකාශ පිළිබඳ කණගාටුවන බවය.අදාළ නිවේදන මගින් එම නඩු විභාගයට අදාළ වැරදි තොරතුරු මත පදනම්ව ඇති බව සෞදි බලධාරින් පවසයි.
ශිරාණි ගෙදර නොයන ලකුණු ?
ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු තනතුරෙන් ඉවත් කිරිමේ නිවේදනය මේවන විට ඇයට ලැබීමට සලස්වා ඇතත් ඇය ඉවත්ව යාමට සූදානමක් නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව මේවන විට ඇය "අගවිනිසුරුවරිය" ලෙස තම ආරක්ෂාව තර කරන ලෙස ඉල්ලා ස්වකීය නීතිඥයින් මාර්ගයෙන් පොලිස්පතිවරයාට ලිපියක් යොමුකර ඇති බව කියැවෙයි.
දෝෂාභියෝගය හා එහි වාර්තාව නීති විරෝධී බව දැනටමත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශ කර ඇති නිසා සිය ධුරයෙන් ඉවත් නොවීමට ඇය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ලබන සතියේ නඩු විභාග කෙරෙන විනිසුරු මඩුල්ලේ ද අසුන් ගැනීමට කටයුතු කරනු ඇති බව ද දැනගන්නට ලැබෙයි.
දෝෂාභියෝගයේදී කතා නොකර රනිල්ගෙන් ලෝක වාර්තාවක් !
පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල ව්‍යවස්ථාදායකය හරහා ජනාධිපතිවරුන් හා උපරිමාධිකරණ විනිසුරුවරුන් ඉවත් කිරීමේ එකම ක්‍රමවේදය වූ දෝෂාභියෝග ක්‍රියාවලියට අනුව අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග වාර්තාව පාර්ලිමේන්තුවේ විවාද කළ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකොට නිහඬව සිටි ලොව පළමු හා එකම විපක්ෂ නායකවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා (11දා) දිනයේදී ලෝකවාර්තාවක් තැබීය.
විශ්වයේ විශාලතම මන්දාකිණියක් සොයාගනී
විශ්වයේ දැනට පවතින විශාලතම 'හේලීක්සීය' මන්දාකිණිය අමෙරිකානු තාරකා විද්‍යාඥයන් පිරිසකට අහම්බෙන් හමු වී ඇත.ආලෝක වර්ෂ 522,000 ක් පුළුල්වන එය අපගේ ක්ෂීර පථය මෙන් 5 ගුණයක් විශාල වන බව විද්‍යාඥයෝ පවසති.
NGC - 6872 ලෙස හඳුන්වා ඇති මෙය පෘථිවියෙන් ආලෝක වර්ෂ මිලියන 212ක් දුරින් පිහිටා ඇත. පර්යේෂකයන් මෙය සොයාගෙන ඇත්තේ චන්ද්‍රිකා සංඥාවක් මගිනි.
මෙම මන්දාකිණිය තිබූ ප්‍රදේශයේ තාරකා පිහිටිය හැකි ප්‍රදේශ නිරීක්ෂණයේදී හමුවූ තරුණ තාරකා රැසකින් නිකුත්වන පාරජම්බුල කිරණ විශාල ප්රමාණයකි. එමඟින් විද්‍යාඥයන් මන්දාකිණියේ නියම පරිමාණය අනාවරණය කරගෙන ඇත.
රත්මලාන මව හා දරු දෙදෙන ඝාතනය - සැකකරුගේ පෙම්වතිය සාක්ෂි දෙයි
ප්‍රේම සම්බන්ධක් තිබුණා. අවබෝධයක් නැති කමින් සහ වයසත් එක්ක ගැළපෙන්නේ නැතිකමින් මඟ හැරුණා. කාර්යබහුල නිසා විවාහය පහුවුණා කියලත් මදුර කිව්වා'යැයි මාරවිල පදිංචි මීගමුව ජාත්‍යන්තර පාසලක ගුරුවරියක් ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඉදිරියේදී පැවැති මහෙස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පවසා සිටියාය.
මෙම මහෙස්ත්‍රාත් පරීක්ෂණය පසුගිය දෙසැම්බර් 17 වැනි දින ගෙල සිරකර ගිනි තබා ඝාතනය කරනු ලැබූ මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ගුරුවරියක වන සචේතනා ප්‍රනාන්දු (31), භානුක සිල්වා (3), සඳරු සිල්වා (මාස 1) යන තිදෙනාගේ මරණයන් සම්බන්ධයෙන් පැවැත්විණි.
පහළොස් හැවිරිදි පාසල් සිසුවා දුම්රියට පනී
පාසල තුළ අධ්‍යාපන කටයුතුවලදී ඉතා ඉදිරියෙන් සිටි නලිඳු පිහිනීම, යතුරුපැදියේ තනිරෝදයෙන් ගමන් කිරීම වැනි විෂය බාහිර කටයුතුවලට උපන් හපන්කමක් ඇති බව ඔහුගේ සමකාලීන මිතුරෝ පවසති. තවද පාසලේදීත්, ගමේදීත්, උපකාරක පන්තිවලදී නලිඳු අනෙක් දරුවන්ටත් වඩා විනෝදයට බර, සෑම විටම සිනාමුසු මුහුණින් සිටින සහෘදයකු බවද ඔහුගේ මිතුරෝ පවසති.
මර්වින් ඉතාමත් හොඳ කෙනෙක්, උපදෙස් දෙන්නේත් බුදු දහමේන් - කැලණිය ශ්‍රී ල. නි. ප. කාන්තා සංවිධානයේ සභාපතිනි
ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා කැලණිය ආසනයේ ශ්‍රී ල. නි. ප. ප්‍රධාන සංවිධායක ලෙස තවදුරටත් තබා ගන්නයි ජනාධිපතිවරයා ප්රමුඛ ශ්‍රී ල. නි. ප. බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමේ පෙත්සමකට අස්සන් ගැනීමේ ව්‍යාපාරයක් කැලණිය ශ්‍රී ල. නි. ප. සාමාජිකයන් පිරිසක් ආරම්භ කොට තිබේ.
කැලණිය ශ්‍රී ල. නි. ප. කාන්තා සංවිධානයේ සභාපතිනි දමයන්ති පෙරේරා මහත්මිය අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. මර්වින් සිල්වා ඇමැතිවරයා ඉතාමත් හොඳ කෙනෙක් වගේම ඉතාමත් දක්ෂ ඇමැතිවරයෙක්. එතුමා සෑමවිට අපට උපදෙස් දෙන්නේත් බුදු දහමේ යහපත් කරුණු සමඟයි.





