ඉකුත් දෙසැම්බර් විසිතුන් වැනිදා රාත්‍රියේ 119 හදිසි ඇමතුම් අංශය මගින් කඹුරුපිටිය පොලිසියට දුන් දුරකථන ඇමතුමකි.
“ගෑනු කෙනකුට පහර දීලා....” ලැබුණු ඇමතුම ඒ මොහොතේ රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි උප පරීක්ෂක ගුණරත්න වෙත ලැබෙන්නට සැලැස්විණි.
“හරි අපි එතැනට යන්නම්....” නිලධාරීන් රැගත් ජීප් රිය කඹුරුපිටිය අකුරැස්ස පාරේ නැම්මහේන හන්දියෙන් දකුණට හැරී ගතාර පාරේ කැරකෝප්පුව හන්දිය පැත්තෙන් දකුණට හැරී ගතාර අක්කර පහ ඉඩමට සේන්දු විය.
කටුමැටි ගහන ලද නිවෙසේ වහල ටකරං සෙවිලි කර ඇත. උප පරීක්ෂක ගුණරත්න දල්වාගත් විදුලි පන්දම නිවෙස තුළට එල්ල කළේය. කිසිවකු බිම වැටී ඇති අයුරු ඔහුට නිරීක්ෂණය විය. ඔහු වහා කඹුරුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇමතීය.
ගින්දරයි පුළුනුයි එක ළග තියන්න බැහැනේ - Nadeesha Hemamali Talks About Sex
ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි නදීශා හේමමාලි දැනටමත් පෙම්වතියකව සිටින බවත් මේ වසරේ විවාහ වන බවත් පසුගිය සතිඅන්ත පුවත්පතකට හෙළි කර තිබෙනවා. විවාහයට පෙර පවත්වන ලිංගික සම්බන්ධතා පිළිබඳ පුවත්පත ඇගෙන් කළ විමසීමේදී ඇය පවසා තිබෙන්නේ අපූරු පිළිතුරක්. ඇය කියන්නේ ගින්දරයි පුළුනුයි එක ළග තියන්න බෑනේ ලෙසිනි.
මෙවර රිවිර රිවිසරසි අතිරේකයට නදීශා සපයා තිඛෙන සම්මුඛ සාකච්ඡාවෙන් උපුටාගත් කොටස් කිහිපයක් පහතින්.
මෙවර රිවිර රිවිසරසි අතිරේකයට නදීශා සපයා තිඛෙන සම්මුඛ සාකච්ඡාවෙන් උපුටාගත් කොටස් කිහිපයක් පහතින්.
මොහාන් පීරිස් නව අගවිනිසුරු ලෙස නම් කරයි - Mohan Pieris’ Name Proposed As The Next CJ ?
හිටපු නීතිපති , කැබිනට මණ්ඩල නීති උපදේශක හා සෙලාන් බැංකුවේ සභාපති මොහාන් පීරිස් මහතා නව අගවිනිසුරුවරයා ලෙස පත් කරනු ඇතැයි වාර්ථාවේ . අද පාර්ලිමේන්තු සභාවට මේ බව ජනාධිපතිවරයා විසින් දන්වා ඇත. මීට අමතරව තවත් නම් දෙකක් යෝජනා කර ඇති බව මාධ්‍යවාර්තා කොට ඇත.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවැසුවේ පාර්ලිමේතු සභාවට යොජනා කරනු ලැබුවේ එක් නාමයක් පමණක් බවය. ඒ කවුදැයි හෙළි කිරීමට ඔහු නොකැමැති වූ අතර හෙට දිනයේදී රැස් වන එම සභාව නව අගවිනිසුරුවරයා ලෙස යෝජිත නාමය අනුමත කොට ජනාධිපතිවරයාට දන්වනු ඇති බවද පැවැසුවේය.
මම විවාහ වෙන්න කැමති අකලංක වගේ කෙනෙක් එක්ක - Upeksha Swarnamali
එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහේෂ් සමග පැවති විවාහය බිඳී ගියත් මේ වනවිට තවදුරටත් තනිකඩව සිටීමේ අදහස අත්හැර තිබෙනවා.
ඉන්දියාවේ සියදහස් දෙනා ශුද්ධ ජලයේ ස්නානය කිරීමෙන් පව් සෝදයි
අද (14) අළුයම ඇරඹි ’කුම්බ් මේලා’ උත්සවයත් සමග ඉන්දියාවේ අලහබාද් නගරයට පූජකවරුන් ඇතුළු හින්දු භක්තිකයන් සියදහස් ගණනක් රැස් ව ඇතැයි වාර්තා වේ.ඉන්දීය පුරාණ ප්‍රවාද වලට අනුව එරට ශුද්ධ ගංගා ත්‍රිත්වය වන ගංගා, ජමුනා හා සරස්වතී එක්වන ස්ථානය ’සංගම්’ ලෙස හැඳින්වේ.’කුම්බ් මේලා’ උත්සවයට ’සංගම්’ වෙත රැස්වෙන හින්දු භක්තියන් මෙම ස්ථානයේ ස්නානය කරන අතර, මෙම ශුද්ධ ජලයේ ස්නානය කිරීමෙන් සිය පව් සෝදාගත හැකි බව ඔවුන් විශ්වාස කරයි.අර්ධ කුම්බ් මේලා උත්සවය සෑම සය වසරකට වරක් හරිද්වාර් හා අලහබාද් නගර වලදී සැමරෙන අතර, පූර්ණ කුම්බ මේලා උත්සවය සෑම දොළොස් වසරකට වරක් හරිද්වාර්, උජ්ජායින්, නාෂික් හා අලහබාද් නගර වලදී පැවැත්වේ.
කැකිල්ලේ රජුවත් මෙහෙම වැඩ කළේ නෑ - UNP (MP) Dayasiri Jayasekara
බහුතර ජනතා මතය, විපක්ෂයේ විරෝධතා මෙන්ම අධිකරණ තීන්දු පවා පිළි නොගෙන දෝෂාභියෝගය හරහා අග්රවිනිශ්චයකාරතුමිය ඉවත් කිරීමට වැර දරන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත ගැන එජාප මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කරන විග්රහයයි මේ.
* ප්රශ්නය: අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය හා එම ක්‍රියාවලිය මෙතෙක් ගමන් කළ ආකාරය ගැන එජාප මන්ත්‍රීවරයකු මෙන්ම නීතිඥවරයකු ලෙස ඔබ කරන විග්‍රහය කෙබඳුද?
පිළිතුර: මේ දෝෂාභියෝගය එන්නේ වෛරයක් පිරිමසා ගැනීමට මිසක ඇයට එරෙහි විෂමාචාර පවතින නිසා නොවෙයි. මේ ආණ්ඩුව හා ඇය ඉතා සමීප දේශපාලන මිතුරන්. එතුමිය ඇමැති ජී.එල්. හා ජනාධිපතිතුමා එකම බඩවැල කඩාගෙන ආපු අය වගෙයි හිටියේ.
* ප්රශ්නය: අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය හා එම ක්‍රියාවලිය මෙතෙක් ගමන් කළ ආකාරය ගැන එජාප මන්ත්‍රීවරයකු මෙන්ම නීතිඥවරයකු ලෙස ඔබ කරන විග්‍රහය කෙබඳුද?
පිළිතුර: මේ දෝෂාභියෝගය එන්නේ වෛරයක් පිරිමසා ගැනීමට මිසක ඇයට එරෙහි විෂමාචාර පවතින නිසා නොවෙයි. මේ ආණ්ඩුව හා ඇය ඉතා සමීප දේශපාලන මිතුරන්. එතුමිය ඇමැති ජී.එල්. හා ජනාධිපතිතුමා එකම බඩවැල කඩාගෙන ආපු අය වගෙයි හිටියේ.
Zero Dark Thirty (2012)
අල්කයිඩා නායක ඔසාමා බින්ලාඩ්න් ඝාතන මෙහෙයුම අලලා කැතරින් බිගලෝ අධ්‍යක්ෂණය කරන 'Zero Dark Thirty' චිත්‍රපටය.හොඳම චිත්‍රපට අධ්‍යක්ෂිකාව ලෙස ඇකඩමි සම්මාන දිනූ එකම සිනමාවේදිනිය වන කැත්රින් බිගෙලෝ විසින් අධ්‍යක්ෂණය කළ ත්‍රාසජනක සිදුවීම් රැගත් ක්‍රියාදාම චිත්‍රපටයකි. 'Zero Dark Thirty' චිත්‍රපටය මෙවර ඔස්කා සම්මාන සඳහා ද නිර්දේශ වී තිබේ
මෙහි ජෙසිකා ක්‍රිස්ටීන්, ක්‍රිස් පැට්, කේන් වැන්ඩ්ලර්, එඩිගර් රමීස්, ජොඑල් එඩ්ගර්ටන්, මාර්ක් ස්ට්‍රොන්ග්, ස්ටොක් ඇඩිකින්ස් ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරති.
Genre: Action , Thriller , Drama , History
JACK REACHER ‘ජැක් රීචර්’
2005 වසරේදී එළිදැක්වුණ ලී චයිල්ඩ්ගේ ‘වන් ෂොට්’ නව කතාව ඇසුරින් නිර්මාණය වූ ‘ජැක් රීචර්’ ත්‍රාසජනක ක්‍රියාදාම හොලිවුඩ් චිත්‍රපටය මිනිත්තු 130 ක ධාවන කාලයකින් යුතු වේ. අපරාධයක් පිළිබඳ කතා තේමාවක් ඇතුළත් වූ ජැක් රීචර් ක්‍රිස්ටෝපර් මාකාරිගේ අධ්‍යක්ෂණයක්. ටොම් කෲස්, රොසැමන්ඩ් පේක්, රිචඩ් ජෙන්කින්ස්, වර්නර් හර්සොග්, ඩේවිඩ් ඔයෙලොවෝ මේ සඳහා රංගනයෙන් දායක වෙති.





