පාකිස්ථාන අගමැති අත්අඩංගුවට ගන්නැයි නියෝග

පකිස්තාන අගමැති රාජා පර්වේශ් අශ්රෆ් සහ තවත් 15 දෙනකු දූෂණ චෝදනාවලට අත්අඩංගුවට ගැනීමට පකිස්තානයේ ශේ්‍රෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. 2010 දී ජල සම්පාදන හා බල ශක්ති ඇමැති ලෙස සිටියදී බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් අනුමත කිරීමට අල්ලස් ලබාගත් බවට නැඟෙන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත් මේ නිසා ඔහු වහාම තනතුරෙන් ඉවත් කිරීමට හේතු නොවේ යැයි විචාරකයෝ පවසති.

ආණ්ඩුවත් එජාපයත් දැන් දෙකක් නොවෙයි එකක් - දඹර අමිල හිමි

රටේ හරි හමන් විපක්ෂයක් නොමැති වීම අගවිනිසුරුවරිය නෙරපා හැරීම ඇතුළු ආණ්ඩුවේ ඒකාධිපති ගමන සාර්ථක වීමට හේතුවක් බවත් මේවන විට එක්සත් ජාතික පක්ෂය හා සන්ධාන ආණ්ඩුව යනු දෙකක් නොව එකක් බවත් දඹර අමිල හිමියෝ පවසති .
අධිරාජ්‍ය විරෝධි ව්‍යාපාරය කොළඹ ඊයේ (15) පැවැත්වූ මාධ්‍ය හමුවක දී උන්වහන්සේ ප්‍රකාශ කළේ 18 වැනි සංශෝදනය සම්මත කරගැනීමට ජනමත විචාරනයක් වුවමනා බවට අධිකරණය විසින් ආණ්ඩුවට නියම නොකිරීමේ විපාකය පළමු වටයේදීම අධිකරණයටම විදින්නට සිදු වූ බවත් ,එකී ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුවේ ඒකාධිපති ගමනට ආශීර්වාදයක් වී ඇති බවයි .

මම හැමදාම ඉන්නේ මගේ ආදරණිය මහජනතාව එක්ක - Dr. Shirani Bandaranayake

තමන්ට මේ මොහොතේ සාධාරණයක් ඉටුනොවූවත්, ස්වභාවධර්මයත් කාලයත් යම් දිනයක සාධාරණය ඉටුකරනු ඇතැයි හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය පවසන්නීය.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඇය ඒ බව සදහන් කර ඇත.තවදුරටත් නිල නිවසෙහි හෝ නිල මැදිරියෙහි හෝ මා රැඳීසිටියහොත් ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන් සිදුවීමට බෙහෙවින් ඉඩ ඇති බැවින්, නිල මැදිරියෙන් හා නිල නිවසෙන් ඉවත්වීමට තීරණය කල බවත්, රටේ අහිංසක ජනතාව, විනිසුරුවරුන් කනිෂ්ඨ නීතිඥවරුන් සහ මීට කැපවුණු පුද්ගලයන් වෙත ප‍්‍රචණ්ඩත්වය එල්ලවීම වැළැක්වීම එහි අරමුණ බවත් ඇය එහි සදහන් කර තිබේ.
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් චෝදනාවන්ට ලක්කොට අසාධාරණ හා අත්තනෝමතික ලෙස වරදකාරිය කරනු ලැබූවද, නීතිය ඉදිරියේ තමා නිවැරදිකාරිය කරනු ලැබ ඇතැයි ඇය පවසන්නීය.

කොන්ඩම් භාවිතය වැඩිම රත්නපුරේ - Sri Lanka Condom Usage

ලංකාවේ උපත් පාලන කොපු වැඩියෙන්ම භාවිත කරන දිස්ති‍්‍රක්කය රත්නපුර බව ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහන පවසයි.ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහන යටතේ වැඩිම උපත් පාලන කොපු සංඛ්‍යාවක් සපයා ඇත්තේ රත්නපුර දිස්ති‍්‍රක්කයට වන අතර එම සංඛ්‍යාව 28,515කි.

උපත් පාලන කොපු සැපයීම අතින් දෙවැනි තැන ලබාගෙන ඇත්තේ කොළඹයි. එම සංඛ්‍යාව 17,468කි.

නුවරඑළිය දිස්ති‍්‍රක්කයට උපත් පාලන කොපු 16,286 ක් සපයා ඇති අතර මහනුවර දිස්ති‍්‍රක්කයට කොපු 13,010ක් සපයා ඇත.

ලියාපදිංචි නොකරන එමි " IMEI "අංක සහිත ජංගම දුරකථන අවහිර කරන්න යයි

 Unregistered Mobile Phones will be automatically blocked
ජංගම දුරකථනවල එමි අංක හඳුනාගැනීමේ මධ්‍යගත ලියාපදිංචි පද්ධතියක් ආරම්භ කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව කටයුතු යොදා තිබේ.එහි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පැවසුවේ, එම විද්‍යුත් ක්‍රමය යටතේ, ලියාපදිංචි නොකරන ලද ජංගම දුරකථන ස්වයංක්‍රීයවම අවහිර කිරීමට හැකියාව ලැබෙන බවය.

පරිගණක ජාලගත එම ක්‍රමය හඳුන්වාදීම සදහා දැනටමත් ටෙන්ඩර් කැදවා ඇති බව ද ඔහු සඳහන් කළේය.ඊ.අයි.ආර් ලෙස හැඳින්වෙන එම මධ්‍යගත පද්ධතිය හඳුන්වාදී යම් කාලසීමාවකින් පසු, ලියාපදිංචි නොකරන ලද එමි අංක සහිත ජංගම දුරකථන අවහිර කෙරෙනු ඇති.

මොහාන් පීරිස් අගවිනිසුරු ලෙස දිවුරුම්දේ - Mohan Peiris New CJ.



හිටපු නීතීපති හා ජනාධිපතිගේ නීති උපදේශකවරයකු වූ මොහොන් පීරීස් මහතා ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරු ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාඉදිරියේ අද පස්වරු 12.35 ට යෙදුනු සුබ මොහොතින් අරලියගහ මන්දිරයේදී දිවුරුම් දුන්නේය.
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංහ මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.

කාලි මෑණියන්ට කල අපහාසයට මර්වින් දැන් දඩුවම් ලබනවා

කාලි මෑණියන්ට අපහාස උපහාස කරමින් වහසි බස් දෙඩූ මර්වින් සිල්වා ඇමැතිතුමා මෑණියන්ගේ දඬුවමට ලක්වී ඇති බව දැන්වත් පිළිගත යුතු යැයි හලාවත මුන්නේශ්වරම් 
ශ්‍රී  භද්‍රකාලි අම්මාන් කෝවිලේ පූජකවරු රැසක්ම සඳහන් කරති.
මර්වින් සිල්වා මහතා කැලණියෙන් ඉවත් වූ බව වාර්තා වූ පසු මේ සම්බන්ධයෙන් අදහස් විමසූ විට නම් හෙළි නොකරන ලෙසට ඉල්ලා සිටි එම පූජකවරුන් එසේ කීහ.
ඔවුහු මෙසේද කීහ.

කැලණියට මොහාන් ලාල් ග්‍රේරු

අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ඉල්ලා අස්වීමත් සමඟ හිස් වූ කැළිණිය ආසන සංවිධායක ධූරය සඳහා නම් කිහිපයක් ම යෝජනා වී ඇත.

අරුන්දික ප්‍රනාන්දු, මාලනී ෆොන්සේකා, රෙහෙනසිරි වරාගො‍ඩ යන නම් ඒ අතර විය. කෙසේ වෙතත් වාර්තාවන පරිදි අරුන්දික ප්‍රනාන්දු මහතාත්, මාලනී ෆොන්සේකා මහත්මියත් එම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් දැක්වා නැතැයි වාර්තා වේ.

මේ අතර කැලණිය සංවිධායක ධූරය සඳහා අලුතින්ම යෝජනා වි ඇති නම වන්නේ යෞවන කටයුතු අධීක්ෂණ මංත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ නම බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය තුලින් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ග්‍රේරු මහතා මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වී කටයුතු කරයි. ඔහු ප්‍රකට අධ්‍යාපනඥයෙක්ද වෙයි.

Gossip Lanka Hot News Previous News Archive