කැලණිය සංවිධායකම ලබාගන්න සුදානම් - Marvin Silva

කැලණීයේ ආසන සංවිධායක ධුරය යලි තමන්ට ලබා දුනහොත් එය බාර ගැනීමට සූදානම් යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
තමන් කැලණියට කල සංවර්ධනය කැලණීයේ ජනතාව දන්නා බවත් පවසන අමාත්‍යවරයා මෙසේද සඳහන් කරයි.
‘ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය විනයක් තියෙන පක්‍ෂයක්. ඒ නිසයි මා කැලණිය සංවිධායක ධූරයෙන් ඉවත් වුණේ. ජනාධිපතිවරයා සංවිධායක ධූරය භාර ගන්න කිව්වොත් එය භාර අරගෙන වැඩ කරනවා.

එජාපයටත් තවම අගවිනිසුරු ශිරාණි

ශ‍්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගවිනිසුරු ලෙස තමන් තවමත් පිළිගන්නේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය බව එක්සත් ජාතික පක්‍ෂය පවසයි. කොළඹ ඊයේ  (16) පැවැත්වු මාධ්‍ය හමුවක දී ඊට හේතු දැක්වුයේ එම පක්‍ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතාය.
ජනතා විමුක්ති පෙරමුණ දවල් මිගෙල් ! රැ දනියෙල් !! ප‍්‍රතිපත්තියේ කටයුතු කරන බව ද මන්තී‍්‍ර තිස්ස අත්තනායක එහිදී පැවසිය. ආණ්ඩුවට ඍජුව චෝදනා කළ නොහැකි පුද්ගලයින් එක්සත් ජාතික පක්ෂයට චෝදනා කරන බව ඔහු සදහන් කළේය.

ඌරා මැරුවොත් මමත් මැරෙනවා

කුඩා කාලයේ සිට කිරි පොවලා බත් කවලා, එක ඇඳේ නිදා ගත්ත දරුවකු වන් වයිරා මගෙන් ඇත් කළොත් උගේ ජීවිතය මෙන්ම මගේ ජීවිතයත් අවසන් වේවි යැයි ඌරකු තම නිවෙසේ තබා ගෙන හදා වඩාගෙන සිටින 72 හැවිරිදි අයකු පැවැසුවේ ඉතා දුක්බර කතාවකි.ඔහු කෑගල්ල අලපලාවෙල නිලපලාගම්මන පදිංචි එච්. පී. පියදාස නම් අයෙකි.


මිනිසකු, ඌරකු සමඟ ජීවත් වෙනවා යැයි ලැබුණු ආරංචියක් අනුව  එහි ගොස් බලන විටත් පියදාස මහතා ඌරට කෑම දෙමින් සිටියේය. බැලූ බැල්මට අඩි දෙකක් පමණ උස අඩි තුනහමාරක් පමණ මෙම ඌරා දකින විට  මහත් බියක් ඇති වුණද ඔහු වයිරායි කිවූ සැණින් ඉතා කුඩා දරුවකු මෙන් හීලෑ විය. කෑම දී අවසන් කර මෙම ඌරා ගැන කතාව  මෙසේ පැවැසීය.

සීයලාට විකිණෙන මිනිබිරියෝ

“මට එරෙහි ව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් ම මේ කුමන්ත්‍රණය පිටුපස සිටියේ ඇගේ අම්මා. ඒ නිසා මමත් අධිකරණය හමුවට යනවා. ගිහින් මම ඇය වෙනුවෙන් ඇගේ පියාට ලබා දුන් මුදල් ආපසු ගන්නවා.” මේ සෞදි අරාබියේ 86 හැවිරිදි මහල්ලකුගේ මුවින් ඉකුත් දා නිකුත් වුණු ප්‍රකාශයකි. එම ප්‍රකාශයට හේතුවන කතා පුවත ශෝකජනක ය. ශෝකජනක වන්නේ මේ මහල්ලාගේ පාර්ශ්වයෙන් නම් නොවේ. ඔහු කතා කරන “ඇය” ගේ පාර්ශ්වයෙනි.

මැදපෙරදිග විවිධ මාධ්‍ය හරහා මෙන්ම බටහිර මාධ්‍ය හරහා ද 86 හැවිරිදි මහල්ලාගේ මේ චෝදනාව පිළිබඳ වාර්තා කර තිබිණි. ඒ සෑම වාර්තාවක්ම මෙන් අවසන් වි තිබුණේ සෞදි අරාබියේ දැනට පවතින නීති රාමුව සඳහා සංශෝධන එක්වීමේ අවශ්‍යතාව අවධාරණය කරමිනි. ඊට හේතුව වන්නේ මේ මහල්ලා පවසන “ඇය” තවමත් 15 හැවිරිදි දරුවකු වීමයි. මාධ්‍ය ඔස්සේ නම හෙළි නොකළ මේ මහල්ලා අදාළ ප්‍රකාශය සිදු කරන්නේ දින දෙකක ඔහුගේ යුග දිවිය නිමාකරමින් ලැබුණු දික්කසාදයෙන් පසුවය.

ලන්ඩනයේ හෙලිකොප්ටර් අනතුරක් " London helicopter crash "

පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් මධ්‍යම ලන්ඩනයේ ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටි ස්ථානයක තිබූ දොඹකරයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙම අනතුර සිදුව ඇත්තේ ගි‍්‍රනීච් වේලාවෙන් අද (16) පෙ.ව. 8.00ටය.

සිද්ධියෙන් තුවාල ලැබූ දෙදෙනෙකු මේ වනවිට රෝහල්ගත කර ඇතැයි ද වාර්තා වේ.

ස්වාමීන් වහන්සේලා 30,000කට ශ්‍රී සිද්ධාර්ථ ගෞතම නොමි‍ලේ - Sri Siddhartha Gautama

“ශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමාපටයේ මංගල දර්ශනය පැවැත්වෙන්නේ ලබන 24 වැනිදා. 24 වැනිදා සිට ඊ.ඒ.පී.මණ්ඩලයට අයත් සිනමාහල් 35ක මෙම සිනමා පටය ප්‍රදර්ශනය කෙරෙනවා. ස්වාමීන් වහන්සේලා 30,000කට මේ චිත්‍රපටය නොමි‍ලේ පෙන්වන්න අපි කටයුතු යොදා තිබෙනවා. 24 වැනිදා උදෑසන 8.00ට ස්වාමීන් වහන්සේලා සහ වෙනත් ආගමික පූජකවරුන් සඳහා මෙම චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් සූදානම් කොට තිබෙනවා.” මෙසේ පවසන්නේ “ශ්‍රී සිද්ධාර්ථ ගෞතම” චිත්‍රපටයේ අධ්‍යක්ෂ සමන් වීරමන් මහතාය. ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ නව පිටුවක් පෙරළමින් තවත් සතියකින් ප්‍රදර්ශනය ඇරඹෙන එම චිත්‍රපටය ගැන ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූයේ මේ අයුරිණි.

මොහාන් පීරිස් පත්වීමට ජාත්‍යන්තර විරෝධය

ශ්‍රී ලංකාවේ හතලිස් හතරවැනි අගවිනිසුරුවරයා ලෙස හිටපු නීතිපති මොහාන් පීරිස් දිව්රුම් දුන්නේය.

නව අගවිනිසුරු පත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පියවර ගත්තේ මතභේද වලට තුඩු දී ඇති දෝෂාභියෝග ක්‍රියාවලියකින් පසු අගවිනිසුරුවරිය ලෙස කටයුතු කළ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ධුරයෙන් පහ කිරීමෙන් පසුවයි.
අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබියදී අලුතින් අගවිනිසුරුවරයෙක් පත් කිරීම නිසා ශ්‍රී ලංකාව කෙරෙහි ලෝකයේ රටවල් රැසක අවධානයට ලක්ව තිබේ.

ජංගම දුරකතනයේ පැටිකිරිය

ජංගම දුරකථනය ලංකාවේ පැලපදියම් වන්නට පටන් ගෙන දැන් අවුරුදු 15 - 30 ක් පමණ ගත වී ඇත. මේ කාලය පුරා අපේ ජන සමාජය සමඟ ගැටෙමින් මුහුවෙමින් ජංගම දුරකථනය හුදී ජනයාට කර ඇති බලපෑම සුළු පටු නැත.

මීට වසර පහළොවකට පමණ පෙර කාලයේ අපේ ජනතාව රු. 3.50 පාන් කද්දී එකල සුපිරි පැලැන්තියේ ආභරණයක් වූ ජංගම දුරකථනයේ මිනිත්තුවක ඇමතුම් ගාස්තුව රු. 35 ට වැඩි මිසක් අඩු නොවීය. එහෙත් ආර්ථික උද්ධමනයට පින් සිදුවන්නට අද වන විට පාන් රාත්තල රු. 50 දක්වා ඉහළ යද්දී දුරකථන ඇමතුම් ගාස්තුව රු. 2.50ටත් වඩා පහළ බැස තිබේ. එය ජංගම දුරකථන සමාගම් අතර 'අඩුම මිලටත් වඩා අඩුවෙන්' ඇමැතුම් ගාස්තු පිරිනැමීමේ තරගය නිසා පාරිභෝගික ජනතාවට සිදුවූ ආනිශංසයකි.

Gossip Lanka Hot News Previous News Archive