
“මට එරෙහි ව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. විශේෂයෙන් ම මේ කුමන්ත්‍රණය පිටුපස සිටියේ ඇගේ අම්මා. ඒ නිසා මමත් අධිකරණය හමුවට යනවා. ගිහින් මම ඇය වෙනුවෙන් ඇගේ පියාට ලබා දුන් මුදල් ආපසු ගන්නවා.” මේ සෞදි අරාබියේ 86 හැවිරිදි මහල්ලකුගේ මුවින් ඉකුත් දා නිකුත් වුණු ප්‍රකාශයකි. එම ප්‍රකාශයට හේතුවන කතා පුවත ශෝකජනක ය. ශෝකජනක වන්නේ මේ මහල්ලාගේ පාර්ශ්වයෙන් නම් නොවේ. ඔහු කතා කරන “ඇය” ගේ පාර්ශ්වයෙනි.
මැදපෙරදිග විවිධ මාධ්‍ය හරහා මෙන්ම බටහිර මාධ්‍ය හරහා ද 86 හැවිරිදි මහල්ලාගේ මේ චෝදනාව පිළිබඳ වාර්තා කර තිබිණි. ඒ සෑම වාර්තාවක්ම මෙන් අවසන් වි තිබුණේ සෞදි අරාබියේ දැනට පවතින නීති රාමුව සඳහා සංශෝධන එක්වීමේ අවශ්‍යතාව අවධාරණය කරමිනි. ඊට හේතුව වන්නේ මේ මහල්ලා පවසන “
ඇය” තවමත්
15 හැවිරිදි දරුවකු වීමයි. මාධ්‍ය ඔස්සේ නම හෙළි නොකළ මේ මහල්ලා අදාළ ප්‍රකාශය සිදු කරන්නේ දින දෙකක ඔහුගේ යුග දිවිය නිමාකරමින් ලැබුණු දික්කසාදයෙන් පසුවය.