ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හිදී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 26.4කදී සියලුදෙනා ලකුණු 74ට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
මිචෙල් ස්ටාර්ක් ලකුණු 22ක් හා සේවියර් ෙඩාර්ටි ලකුණු 15ක් ලබාගත් නමුදු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් කිසිවෙකුටත් ලකුණු 10 සීමාව පසුකර යාමට නොහැකි විය.පන්දු යැවීමේදි නුවන් කුලසේකර ලකුණු 22ට කඩුලු 5ක් බිඳ දමන ලදී.


.bmp)

.jpg)


