ශ්‍රී ලංකාවට කඩුළු 04 ක විශිෂ්ඨ ජයක් - Sri Lanka beat Australia by 4 wickets

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තෙවැනි එක්දින තරගයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හිදී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 26.4කදී සියලුදෙනා ලකුණු 74ට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

මිචෙල් ස්ටාර්ක් ලකුණු 22ක් හා සේවියර් ‍ෙඩාර්ටි ලකුණු 15ක් ලබාගත් නමුදු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් කිසිවෙකුටත් ලකුණු 10 සීමා‍ව පසුකර යාමට නොහැකි විය.පන්දු යැවීමේදි නුවන් කුලසේකර ලකුණු 22ට කඩුලු 5ක් බිඳ දමන ලදී.

පිලිකාව පාලනයට දෙළුම් සහ කරවිල ඇට

දෙළුම් ඇට හා කරවිල ඇට තුළ ඇති මේද අම්ල මගින් පිලිකා පාලනය කළ හැකි බවට ප්‍රථමවරට මෙරටදී සොයාගෙන තිබේ.ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ විද්‍යාඥයින් පිරිසක් කල පරීක්ෂණයකදීය.එම පර්යේෂණ කණ්ඩායමේ සාමාජික ජේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අනුර ජයසූරිය මහතා පැවසුවේ මෙම සංයෝගයෙහි පිලිකා නාශක හැකියාව තවදුරටත් වර්ධනය කිරීම කෙරෙහි ඉදිරි පර්යේෂණ මෙහෙයවන බවය.

කරවිල හා දෙළුම් ආහාරයට ගැනීමේදී මෙම ඇට ඉවත් කිරීම තුළින් මෙම පිලිකා නාශක ගුණය අහිමිවන බව ද ආචාර්ය අනුර ජයසූරිය මහතා පෙන්වා දෙන්නේය.

කැලෑ කපා හොර ඔප්පු හදා විකුණූ "'Green Field'" ආයතනය

රජයේ කැලෑ කපා ඒවාට හොර ඔප්පු තනා ඉඩම් අක්කර එක්දහස් අටසීයක් (1800) පමණ විකුණා මහා පරිමාණ ඉඩම් ජාවාරමක යෙදුණු "ඉඩම් සක්විත්තන්" කොටුකර ගැනීමට ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ මෙහෙයවයි.ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයට මෙම පුද්ගලයා පිළිබඳ ලැබුණු පැමිණිල්ලක් මත ජනාධිපති ලේකම්වරයාගේ අවසරය මත සිදුවූ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මේ දැවැන්ත ජාවාරමේ තොරතුරු හෙළිකර ගැනීමට හැකිවී තිබේ.

කිනිතුල්ලෝ රත්නපුරේ ජනතාව ලෙඩ කරති


කන්වලට කිනිතුල්ලන් ඇතුල්වීම නිසා දිනකට රෝගීන් 100 දෙනකු පමණ ප්‍රතිකාර සඳහා පැමිණෙන බව රත්නපුර මහ රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකය හා කන හා උගුර සම්බන්ධ රෝග නිවාරණ අංශය ප්‍රකාශ කරයි.

රත්නපුර දිස්‌ත්‍රික්‌කය තුළ වල් ඌරු ගහනය ශීඝ්‍රයෙන් වැඩිවීම මිනිසුන්ගේ කන්වලට කිනිතුල්ලන් ඇතුල්වීමට ආසන්න හේතුවක්‌ බවට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අතර සුරතල් සතුන් පිරිසිදුව තබා නොගැනීමත් එම සතුන් අතපත ගෑමත් මෙම රෝගයට හේතුවන බවද කියයි.

ඔස්ට්‍රේලියා-ශ්‍රී ලංකා එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය 3 -Third ODI against Australia


තරගාවලිය 1-1 ක්‌ ලෙස සම තත්ත්වයේ පසුවන ශ්‍රී ලංකා-ඔස්ට්‍රේලියා එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ පෙරමුණ ගැනීම වෙනුවෙන් වන තීරණාත්මක තෙවැනි එක්‌දින තරගය අද (18 දා) බ්‍රිස්‌බේන්හි වූලන්ගැබා ක්‍රීඩාංගයේදී පැවැත්වේ. දිවා/රාත්‍රී තරගයක්‌ වශයෙන් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙ.ව. 9 ට ආරම්භ වනු ඇත. සජීවීව තරගය නරබන්න මෙතනින්
තරග 5 කින් සමන්විත දෙරට අතර තරගාවලියේ පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාව දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාවද ජය ගැනීම මත අද තරගය දෙපිළටම තීරණාත්මක තරගයක්‌ වනු ඇත. අද තරගයේ ජය වාර්තා කර ගනු ලබන කණ්‌ඩායම තරගාවලිය 2-1 ක්‌ ලෙස ඉදිරියෙන් සිටිමින් ඉදිරි තරග දෙක සඳහා වැඩි නිදහසක්‌ ඇතිව තරග වැදීමේ අවස්‌ථාව හිමිවීම මත අද තරගය දෙපිළටම ඉතාමත් තියුණු තරගයක්‌ වනු ඇතැයි අපේක්‍ෂිතය.

මහින්ද රාජපක්ෂ "බුල්ඩෝසරයක්'" Rajapaksa is like a bulldozer without brakes " Victor Ivan

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 'බුල්ඩෝසරයක්' මෙන් තමන් ඉදිරියේ ඇති සියල්ල පොඩි පට්ටම් කරමින් සිටින බව 'රාවය්' පුවත්පතේ හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතා කියයි.අයිවන් මහතා මේ බව පවසා ඇත්තේ, ප්‍රංශ පුවත් සේවයට රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කරමිනි.

ජනාධිපතිවරයාට සමීපව සිටි වික්ටර් අයිවන් මහතා, ජනාධිපතිවරා තම සොයුරන් රාජ්‍යයේ ඉහලම තනතුරු වලට පත්කර ගනිමින් රට මෙහෙයවන අකාරයද විග්‍රහකර තිබේ.ශිරානි බන්ඩාරනායක මහත්මිය අගවිනිසුරු පුටුවෙන් එළවා දැමුවේ ජනාධිපති සොයුරු බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යංශයට වැඩි බලතල ලැබෙන පනතක් ස‍දහා අනුමැතිය නොදීමෙන් බවද එහි දැක්වේ.

අලුත් කඩේ දැන් තමන්ගේ කඩයක් - Aluthkade becomes their ‘Kade’ Mangala Samaraweera

හිටපු අගවිනිසුරුවරිය ඉවත් කළේ අලුත් කඩේ අධිකරණය තමන්ගේ කඩයක් ලෙස පාවිච්චි කිරීමට ආණ්ඩුවට පැවති වුවමනාව නිසා බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

හොර දෝෂාභියෝග නීති විරෝධීව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම තුළින් ශ්‍රී ලංකාව ඒකාධිපති රාජ්‍යයක් බවට පත්වී ඇති බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කියා සිටියි.එසේම දෝෂාභියෝගයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කළ ජේ.සී වැලිඅමුණ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව හෙ‍තෙම අවධාරණය කරයි.දෙසැම්බර් මස 10 වන දින නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත්වී මාදිවල ඩොල්ෆින් චන්දන හෙවත් වත්තෙ චන්දන නමැති අය මුදාහැරගෙන වැලිඅමුණ මහතා ඝාතනය කිරීම සඳහා යොදවා ඇතැයි කියවෙන බව ඔහු පෙන්වාදෙයි.

Halaal ගන්න කියල අපි බල කරන නැහැ - හසන් අලි

හලාල් සහතිකය ලබාගන්නැයි කිසිම නිෂ්පාදකයකුට කිසිදු විටෙක මුස්ලිම් ප්‍රජාව බල කර නැතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රධාන ලේකම් හසන් අලි මහතා සඳහන් කරයි.

මේ නිසා හලාල් සහතිකය සම්බන්ධයෙන් මේ දිනවල රටපුරා ප්‍රචාරය කෙරෙන චෝදනා අසත්‍ය යැයිද ඔහු පවසයි.

“හලාල් සහතිකය ලැබෙන්නේ ඉස්ලාම් ආගමානුකූලව සකස් කළ ආහාරවලට පමණයි. අපේ ආගමට අනුව අප අනුභව කළ යුත්තේ ඒ ආහාර. ඒ නිසයි අපි හලාල් සහතිකය ඇති ආහාර මිලදී ගන්නේ “

“මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අපට පූර්ණ ආගමික නිදහසක් තිබෙනවා. මේ වැරැදි වැටහීම අප සියලු දෙනා තේරුම් ගත යුතුයි. හලාල් සහතිකය අනෙක් නිෂ්පාදකයන් ලබාගන්න ඕනැයි අපි කාටවත් බල කර නැහැ” යනුවෙන් හලාල් සහතිකය පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වමින් හසන් අලී මහතා පැවසුවේය.

Gossip Lanka Hot News Previous News Archive