පාතාලය මුළුමනින්ම මැඬලීම සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා'දිවයින' පුවත්පතට පවසා ඇත.මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා මහජනතාවගේ සහයෝගය උපරිම ලෙස ලබාදෙනු ඇතැයි තමන් අපේක්‍ෂා කරන බව ද හෙතෙම කීය.
පාතාල සාමාජිකයන් සම්බන්ධව මහජනතාව නිරතුරුවම තොරතුරු ලබාදෙන්නේ නම් රටට පිළිලයක් වී තිබෙන පාතාලය මර්දනය කිරීම එතරම් අපහසු කාර්යයක් නොවන බව ද රාජපක්‍ෂ මහතා පවසයි.පාතාල සාමාජිකයන් කොටුකර ගැනීම සඳහා විවිධ උපාය මාර්ග යොදාගැනීමට සැලසුම් කර තිබෙන අතර මේ පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව දිනපතා පොලිසිය දැනුවත් කෙරෙනු ඇත.

.bmp)

.jpg)



