ඔබාමා දිවුරුම් දෙයි - Obama sworn in for second term

44 වන ඇමරිකානු ජනාධිපතිවරයා වශයෙන් බැරැක් ඔබාමා දිවුරුම් දෙයි.ධවල මන්දිරයේ පැවති චාම් උත්සවයදී ඇමරිකානු ජනාධිපතිවරයා සිය දෙවන ධුර කාලය සදහා දිවුරුම් දී තිබේ.අමරිකාවේ අග විනිසුරු ජෝන් ජී රොබර්ට්ස් මහතා ඉදිරියේ ඔබාමා දිවුරුම් දුන් අතර දෙවන වරටත් වචන 35කින් යුත් දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කල බව ඇමරිකානු මාධ්‍ය කියයි.

දිවුරුම් දීමෙන් පසු අගවිනිසුරුවරයා ඇමරිකාන් ජනාධිපතිවරයාට සුභ පතා ඇති අතර පසුව අසලි සිටි මිෂෙල් ඔබාමා සහ දරුවන් දෙදෙනා සුභ පැතූ බව ඇමරිකාන් මාධය වාර්තා කර තිබේ.

මේවට එක නීතියක් නැත්ද ? මහේල ප‍්‍රශ්න කරයි

 ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර අද පැවති සිව් වන එක්දින තරගය අතරමගදී අතහැර දැමීම සම්බන්ධයෙන් ලිඛිතව තම අප‍්‍රසාදය පල කරමින් තරග තීරකවරයාට ලිපියක් යොමුකරන බව ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පවසයි.

ඔවුන්ට තරගය අත්හිටුවීම සම්බන්ධයෙන් නොවෙනස් එක ප‍්‍රතිපත්තියක් තිබිය යුතුයි. මීට මාස තුනකට පෙර පල්ලේකැලේ පිටියේ පැවති නවසීලන්ත- ශී‍්‍ර ලංකා තරගය අතරමග අතහැර දැම්මේ පිටියේ තත්වය කී‍්‍රඩාවට ආරක්ෂාකාරී නැතැයි (Unsafe) කියමින්. අද තරගය අතරමගදී අතහැර දැම්මේ පිටියේ තත්වය සාධාරණ නැහැයි (Unfair) කියමින්. මාස තුනක් ඇතුලත ඇයි මේ වෙනස් ස්ථාවරයන් දෙකක් ? යනුවෙන් ශී‍්‍ර ලංකා නායකයා පවසයි.

ශ‍්‍රී ලංකා - ඕස්ටේ‍්‍රලියා සිවුවැනි තරගය වර්ෂාවට යටවෙයි - 4Th ODI at Sydney Abandoned

දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලින්ගේ බලාපොරොත්තු සුන් කරමින් ශ්‍රී ලංකාවත් ඔස්ට්‍රේලියාවත් අතර අද (20) ආරම්භ වු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට මීට ටික වේලාවකට පෙර විනිසුරුවන් තීරණය කර තිබේ.ලකුණු 223 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 3.2කදී ලකුණු 14ක් ලබා සිටියදී ඇති වු වර්ෂාවත් සමග පැය 2ක පමණ කාලයක් ගතවන තෙක් තරගය නැවත ආරම්භ කිරීමට නොහැකි විය.

ඒ අනුව විනිසුරුවන් තීරණය කළේ මෙම තරගය අතහැර දැමීමටය.ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන් ආවරණය කිරීමට නොහැකිවීම නිසා ඇතැම් ස්ථානවල තෙත සහිත ස්වභාවයක් තිබීම මීට හේතුවී ඇතැයි සඳහන්ය.කෙසේ ‍හෝ ඔස්ට්‍රේලියාවට මෙන්ම ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මක තරගයක් ‍වු මෙම තරගය දෙස ලොව පුරා දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලින්ගේ අවධානය යොමුව තිබුණි.

පොලිසියේ රඳවා ගැනීම පැය 48 කිරීම ගැන එජාපය සහ ජවිපෙ එක තැනක

පරාධ නඩු විධාන සංග‍්‍රහයට ආණ්ඩුව ගෙන එන සංශෝධන පාර්ලිමේන්තුවේ දී අනුමත වීම වැලැක්වීමට නොහැකි වුවද ඒ පිළිබඳ ජනතාව දැනුවත් කරමින් පාර්ලිමේන්තුවෙන් පිටත සටනක් ආරම්භ කරන බව එක්සත් ජාතික පක්‍ෂය පවසනවා. එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසුවේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදීද මෙම සංශෝධනයන්ට එක්සත් ජාතික පක්‍ෂයේ විරෝධය පල කළ බවයි.

මම කැලණියෙන් යන්නේ නෑ - Mervin Silva

ජනාධිපතිතුමාගේත්, රජයේත් ගෞරවය ආරක්ෂා කිරීමටයි සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වූණේ. කැලණියෙන් මම යන්නෙත් නැහැ තනතුරු ඇතත් නැතත් කැලණිය ජනතාවට සේවය කරනවා යැයි අද (20) කැලණිය , නාහේන, කොහොල්විල ප්‍රදේශයේ ජන හමු අමතමින් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවසීය.

 කැලණිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මංත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනයෙන් පසු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පළමු වරට මෙම ජනහමු ඇමතීමෙන් පසු තම පාක්ෂිකයින්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡා කළේය. අමාත්‍ය මර්වින් සිල්වා මහතා මෙසේද පැවසීය.

NOLIMIT ආයතනය මුළු මහත් ජාතියෙන් සමාව ඉල්ලා සිටි


ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ රෙදිපිලි වෙළඳ සැල් ජාලයක් වන නෝ ලිමිට් ආයතනය මහරගමදී මුළු මහත් ජාතියෙන් සමාව ඉල්ලා තිබේ. ඊට හේතු වී ඇත්තේ සිංහල රාවය ජාතික සංවාධානයේ ජාතික සංවිධායක හිමියන්ට එරෙහිව ඔවුන් උසාවියේ පවරන ලද නඩුවක් ඔප්පු කර ගැනීමට නොහැකිව සමථයකට පත් වීමයි.
අන්තර්ජාල සමාජ ජාලා සහ විවිධ මාධ්‍යයන් ඔස්සේ නෝ ලිමිටි සමූහයට එරෙහිව ගෙන යන විරෝධතා රැල්ල හේතුවෙන් සිය සමාගමට මාසිකව රුපියල් ලක්‍ෂ 53ක් පාඩු සිදුවන බවත් ඒ සියල්ල මෙහෙයවන්නේ සිංහල රාවය ජාතික සංවිධානය බවත් පවසමින් පසුගිය දා එම සංවිංධානය විසින් නඩු පවරා තිබුනේ සිංහල රාවය ජාතික සංවිධානයෙන් එම මුදල් අයකර දෙන ලෙස ඉල්ලමිනි.

තමා විසින්ම ගන්නා ලද නිරුවත් ඡායාරූප නිසා අමාරුවේ වැටුණු තරුණියක්

තරුණියකගේ නිරුවත් ඡායාරූප සහිත වීඩියෝ පටයක් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කරන බවට බිය වද්දමින් ඇගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් සහ රන් ආභරණ ලබාගත් අඹු සැමි යුවළක් පසුගියදා මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න හමුවට ඉදිරිපත් කර තිබිණි. මෙම සැකකරුවන් ලබන 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මීට දින කීපයකට ඉහතදීය.

මෙම අකරතැබ්බට මුහුණ පෑ තරුණිය කටුගස්තොට ආසන්නයේ වෙළෙඳ සලක සේවය කළාය. වයස අවුරුදු 21 ක් පමණ වන ඇය රූමත් තරුණියකි. මීට සති කීපයකට පෙර ඇයගේ ජංගම දුරකථනයට නන්නාඳුනන අංකයකින් ඇමතුම් ගලා එන්නට විය. නුහුරු නුපුරුදු අංකයක් නිසා ඇය එම ඇමතුම් වලට පිළිතුරු නොදී ඒවා විසන්ධි කරන්නට පියවර ගත්තාය. නමුත් දිවා රාත්‍රී එන එම ඇමතුම් කාගෙන්ද යන කුතුහලය නිසාම ඇය එක්වරක් එයට පිළිතුරු දෙන්නට තීරණය කළාය.

අරගන්විලට වැටුණේ විරල ගණයේ උල්කාපාතයක් - Prof. Richard Hoover of NASA.

අරලගන්විල ප්‍රදේශයට ඇඳ වැටුණු උල්කාපාතයේ පාෂාණ කොටස් ඉතා වීරල ගණයේ ඒවා බව අමෙරිකාවේ නාසා ආයතනය පවසයි.එහි තාරකා විද්‍යාඥ මහාචාර්ය රිචඩ් බ්‍රි හුවර් මහතා පෙන්වා දෙන්නේ, පෘථිවියේ කිසිඳු තැනකින් එවැනි ආකාරයේ පාෂාණයක් හමුවී නොමැති බවය.

ඇමෙරිකාවේ නාසා ආයතනයේ පවත්වන ලද පර්යේෂණයකින් අනතුරුව මහාචාර්ය රිචඩ් බ්‍රි හුවර් මහතා මේ බව දැනුම් දුන් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive